මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් සඳහා ආචාරධර්ම භාවිතය පිළිබඳ පුහුණු වැඩමුළු 04 ක් (කළුතර, කොළඹ, මාතලේ සහ මොණරාගල)පැවැත්වීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම තීරණය කර ඇත. එක් දිස්ත්‍රික්කයකින් මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් 25 දෙනෙකු පමණක් ඒ සඳහා තෝරාගැනේ. එම තෝරාගැනීම විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට ද සැලසුම් කර ඇති බැවින් මේ සමඟ ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඒ සමඟ ඔබ විසින් මාධ්‍ය වෙත ඉදිරිපත්කළ වාර්තාවන්හි පිටපත් 5ක් ද අමුණා 96, කිරුළ පාර, කොළඹ-05 දරන ලිපිනයට හෝ අපට ෆැක්ස් කරන්න 011-5335500.
වැඩමුළුව ට තෝරාගන්නා මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් සඳහා එය පැවැත්වෙන ස්ථානය සහ දිනය පසුව දැනුම්දෙනු ලැබේ.