කරුණු පරීක්ෂාකිරීම 101

දෙවන කොටස : පින්තූර සහ පිහිටීම හඳුනාගැනීම

කරුණු, රූප සටහන් සහ සියලුම තොරතුරුවල පවතින නිරවද්‍ය බව තහවුරුකිරීම සහ සත්‍යතාවය නිශ්චිතකිරීම සම්බන්ධ ජනමාධ්‍යවේදීන් සඳහා වන මාර්ගගත කරුණු-සෙවීමේ සම්පත් පිළිබඳ අපගේ පාඩම් මාලාව, අපි අඛණ්ඩව ඉදිරියට ගෙනයමු. ලෝකය වටා සිදුවන තාක්ෂණයේ දියුණුවත් සමඟ, ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කතාපුවත් නීත්‍යානුකූල බවට තහවුරුකර ගැනීම සඳහා බොහෝ ඩිජිටල් මෙවලම් නිර්මාණය කර තිබේ.

සුවිශේෂී ලෙසම, මෙම තෝරාගැනීම පිහිටීම් සහ පින්තූරවල පවතින  සත්‍යතාව පරික්ෂා කරන්නේ  කෙසේද යන්න සෙවීමට සහයෝගය සපයයි:

පිහිටීම්වල නිරවද්‍යතාව තහවුරු කිරීම

මෙම මාර්ගගත සිතියම්, පෘථිවියේ බොහෝ කොටස් පිළිබඳ දර්ශනයන් ඉතා උසස් මට්ටමකින් අපවෙත ලබාදෙ යි. විවිධ බිම් පෙදෙස්, කාලගුණය, අංශක 360ක වීදි දර්ශන සහ පරිශීලකයන්ගේ පින්තූර ඇතුළු අමතර දර්ශනයන් සමඟ චන්ද්‍රිකා පින්තූර එක්කරනු ලබ යි.

දීර්ඝකාලීන සහ විශ්වසනීය පින්තූර රඳවා තබාගත හැකි සහ හුවමාරු කරගැනීමේ මුලාශ්‍රයක් හරහා භූ දර්ශන පින්තූර සෙවීමට භාවිතා කළ හැකි අතර ඔබට, අදාළ පිහිටීම පිළිබඳව පවතින තොරතුරු සමඟ සංසන්දනය කිරීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වේ.

පින්තූර ස්කෑන් කිරීමට විකල්පයක් ද සමඟින් සජීවී පරිවර්තනයන් සඳහා ගූගල් පරිවර්තන යෙදුම අද වනවිට හඳුන්වා දී ඇත. වීදි සංඥා වැනි පිහිටීමක නිරවද්‍ය බව තහවුරු කිරීමට හැකි, මඟ පෙන්වන සංඥා සොයා ගැනීමට මෙම ලක්ෂණය සහිත යෙදුම භාවිතා කළ හැකි යි.

ලෝකය වටා රැස්කරගත් පින්තූර පදනම් කරගනිමින් ගොඩනගාගත් දත්ත සහිත ගබඩාවක් නාසා පෘථිවි නිරීක්ෂණාගාරය ලෙස හැඳින්විය හැකි ය. චන්ද්‍රිකා මඟින් ලබාගන්නා පින්තූර, අදාළ තොරතුරු සමඟ ලෝකය වටා සිටින සාමාන්‍ය ජනතාව වෙත ඉදිරිපත් කිරිමට මෙය නිර්මාණය කර ඇත. ඔවුන්ගේ දත්ත වෙත ඔබට නොමිලේ පිවිසිය හැක.

ප්‍රධාන කරුණු සහ වැදගත් ස්ථානයන් පිළිබඳව තොරතුරු රැස්කළ හැකි ගූගල් සිතියම් සංස්කරණය ඔස්සේ නිර්මාණය වූ සමූහ මුලාශ්‍රයකි.

මෙම සෙවුම් යන්ත්‍රය හරහා, එහි පුළුල් දැනුම පදනම් කරගනිමින් හා දත්ත රාශියක් භාවිතා කිරීම මඟින් ඔබගේ පිහිටීමට අදාළ ප්‍රශ්නවලට ප්‍රතිචාරයන් ලබාදීමට හැකියාවක් පවතී. Wolfram Alpha මඟින් ඉතා ඍජු, නිරවද්‍ය තොරතුරු අදාළ පින්තූර ඔස්සේ ඔබට ලබාදේවි.

සංකල්ප රූපවල නිරවද්‍යතාවය තහවුරු කිරීම

ගූගල් පින්තූර සෙවීම (Google Image Search)

https://support.google.com/websearch/answer/1325808?hl=en

අන්තර්ජාලය ඔස්සේ සොයාගත් පින්තුරයක් ඇතුළත් කිරීමේ දී, එකී සන්දර්භයට සමානවන පින්තූර හෝ අදාළ පින්තූර භාවිතා කරන වෙබ් පිටු සොයා ගැනීමට හැකියාව ගූගල් මඟින් ලබාදෙ යි.

මෙම මෙවලම Amnesty International මඟින් නිර්මාණය කර ඇති අතර, එමඟින් වීඩියෝවක් ඇතුළත් කරන ලද නිවැරදි දිනය සහ වෙලාව පෙන්වීමට සකස්කර ඇත. එසේම, එමඟින් අමතර ලෙස ඉතා කුඩා පින්තූර ගණනාවක්, එනම් ගූගල් පදනම් කරගත් එක් එක් පින්තූර සහ වීඩියෝ පිළිබඳ සෙවීමේ විකල්ප අවස්ථා පවතී.

පින්තුරයක හෝ වීඩියෝවක EXIF තොරතුරු ලබාගැනීමට භාවිතා කළ හැකි ඉතා සරල මෙවලමකි.

වෙනස් කළහැකි පින්තුරයක කොටස් තුළ පවතින තොරතුරු දැක්වීමට උපකාරවන විශ්ලේෂකයක් වන මෙය, ජාලයක් පදනම් කරගත් මෙවලමක් ලෙස හැඳින්විය හැක. වෙනස්කම් සිදුකිරීමට තිබෙන අදාළ නිශ්චිත ප්‍රදේශයේ පවතින ඉතා සියුම් ඉලක්ක ආදී බොහෝ නිවැරදි තොරතුරු සපයනු ලබ යි.

වින්ඩෝස් පදනම් කරගත් මෙම ස්වාධීන යෙදුම, යම් ආකාරයකින් සංස්කරණය කරන ලද හෝ භාවිතා කරන ලද පින්තුරයක් නම් එය අනාවරණය කරගැනීමට නිර්මාණය කර ඇත. AVI, DNG, PDF, THM, සහ JPEG වැනි බොහෝ ගොනු වර්ග කියවීමේ හැකියාව පවතින්නක් වන අතර පින්තූරය ගත් දිනය, කැමරාවේ ස්වරූපය සහ අනෙකුත් දේවල් පිළිබඳ සොයා බැලීමක් සිදු කරනු ලබ යි.

 

නටාලි සොයිසා.

 

Leave a Reply