කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමේ කථිකාව සහ සමාජ මාධ්‍ය භූමිකාව

හැඳි මිටේ නුවණක් හිමි ඇයට කළ හැක්කේ කුමක්ද? යන්න අතීතයේ බෙහෝ දෙනාට තිබුණු ගැටලුවකි. මෙවන් පසුබිමක පුරුෂයා පමණක් උසස් යනුවෙන් සමහරක් පුරුෂයින් අධිමානයෙන් සිතා කටයුතු කරයි. විශේෂයෙන් සාම්ප්‍රධායික කාන්තාවකගේ ප්‍රතිරූපයන් තුළ එල්බගෙන සිටින මටසිලුටු කාන්තාව ආත්මාභිමානය පිළිබඳව ඇය විසින්ම හීනමානයක් ගොඩනංවා ගනී. ඇගේ අයිතිවාසිකම් පිළිබඳව  වැටහීමකින් තොරව කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් සමාජය අධ්‍යයනය කිරීමේදී වටහාගත හැකිය. විෂමාකාර මූලයන්ගෙන් සමන්විත ලෝකයේ කාන්තාවන් පිළිබඳව සාම්ප්‍රදායික මතවාදයන් ප්‍රතික්ශේප වනතෙක් නව ගෝලීයකරණයේ ප්‍රථිපලය ලිබරල්වාදයට ගතානුගතිකවයක් පෙන්නුම් කරයි.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශයේ දිගුවක් ලෙස වර්ෂ 1976 – 1985 දීත් වැඩි වශයෙන් කාන්තාව හා ඇගේ අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය දියුණු කිරීම සඳහා පියවර ගෙන ඇත. තවද එක්සත් රාජධානියේ පළමු කාන්තාව යනුවෙන් හඳුන්වනු ලබන හිලරි ක්ලින්ටන් මහත්මිය විසින් වර්ෂ 1995 සැප්තැම්බර් මස බීජිං නඟරයේ පැවති පර්යේෂණ සැසියක දී අදහස් දක්වමින් පවසා  ඇත්තේ මානව අයිතිවාසිකම් යනු කාන්තා අයිතිවාසිකම් බවයි. එහි දී ඇය වැඩිදුරටත් අදහස් දකවමින් පවසා සිටින්නේ එම අයිතිවාසිකම් අධ්‍යාපනික, දේශපාලනික, ආර්ථික හා සමාජීය වශයෙන් විවිධාකාරී වුවත් එම සියලු ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කිසිදු සීමා කිරීමකින් තොරව භුක්ති විදීමේ  නිදහස කාන්තාව සතු බවයි”.

වර්තමානය වන විට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට විවිධ රජ්‍ය හා සිවිල් සංවිධානයන් මුල්වන ආකාරයත් මහජන අවකාශය තුළ විවිධ සමාජ මට්ටම් ඉලක්ක කරගෙන විශේෂයෙන් කාන්තාවන් බලගැන්වීම, අධ්‍යාපනය, සෞඛ්‍ය තර්ජන හා රැකියා පසුබිම තුළ ඇය මුහුණදෙන ගැටලු පිළිබඳවත් මෙහිදී වැඩි වශයෙන් සාකච්චා කරයි. එහිදී සමාජ මාධ්‍ය අවකාශය තුළ මානසික වශයෙන් විවිධ අවලාදයන්වලට ඇය ගොදුරු වන ආකාරයත් අපට දැකගත හැකිය. සමහර කණ්ඩායම් විවිධ සමාජ මාධ්‍ය වේදිකාවන් යොදාගනිමින් විටෙක විනෝදාත්මක මුහුණවරකින් හා දරුණු වචන හා යෙදුම් භාවිත කරමින්ද ගීතයකට යොදාගන්නා වචන, සංගීතය, රූපරාමු හා තනුවේ පටන් කාන්තාවන් ඉලක්ක කරගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ.

කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමේ කථිකාව හා සමාජ මාධ්‍ය මගින් කාන්තාව හෑල්ලුවට හා පහතට හෙළා කථා කිරීමේ ප්‍රවණතාවය පෙරලා කන්තාවන්ට කෙසේ බලපායිද යන්න පිළිබඳ මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොළආරච්චි මහත්මියගෙන් විමසූ විට ඇය සෘජුවම පවසා සිටියේ මෙම කථිකාමය සංදර්භය විසින් ස්ත්‍රීන් අනන්‍යතා අර්බුදයක් දක්වා ගෙන ගොස් ඇති බවයි. ස්ත්‍රීන් තම අනන්‍යතාවය පිළිබඳ ගැටලුවකට මුහුණපා සිටීම සමස්ථයක් ලෙස මුලු මහත් සමාජ ව්‍යුහයේම සමබරතාවය දෙදරා යෑමට ප්‍රධාන වශයෙන් බලපාන බව ඇගේ අදහසයි. ස්ත්‍රීය දෙවඟනක් කිරීමේ සාහිත්‍යමය හා ආගමික චින්තන ධාරාව මෙන්ම ස්ත්‍රීය වෙසඟනක් කිරීමේ පාදඩ චින්තන ධාරාව විසින් ස්ත්‍රීත්වය සමාජය තුළ ස්ථානගත වන්නේ අපැහැදිලි අයුරිනි. මෙයට ප්‍රතිපක්ෂය ගොඩනඟන ස්ත්‍රී අයිතිවාසිකම් කථිකාව මෙම චින්තනමය උභතෝකෝටිකය ගැහැණු පිරිමි ගැටලුවක් දක්වා ලගු කරනු ලබයි. මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොළආරච්චි මහත්මියට අනුව ගැහැණුන්ට පිරිමින්ගෙන් ඉල්ලා දිනා ගැනීමට ඇති කිසිවක් නැත. වෙනුවට සමාජය සුවපත් කිරීමට හැකියාව ඇති ස්ත්‍රී ගුණයන් ඉස්මතු වන මහපොළවේ ජීවත්වීමට දන්නා ස්ත්‍රී ප්‍රතිරූපය යලි සමාජගත විය යුතුයි. මෙය අලුතින්ම ගොඩනැංවිය යුතු කථිකාවක් මෙන්ම ස්ත්‍රීය සතුව ලෝකයට දායාද වන ගුණාංගයන් පිළිබදව අප යලි මතක කළ ගත යුතුයි“. මෙය ජීව විද්‍යාත්මකව ගැහැණු පිරිමිකම හෝ සමාජය තුළ ස්ථාපිත කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉක්මවා යන දෙයක් ලෙස මෙම ගුණයන් ඇය හදුන්වයි. මාතෘත්වය හරහා මතුවන මෙම ගුණයන් වෙළෙඳපොළ හා අයිතිවාසිකම් කථිකාව තුල වටිනාකම් රහිත දේවල් බවට පත්වීම සමාජ ප්‍රචණ්ඩත්වය වැඩිවීම, සමස්ථ ජනතාවගේ මානසික සෞඛ්‍ය පිරිහීම, පවුල් සංස්ථා බිදවැටීම හා ආණ්ඩුකරණය පාදඩවීම වැනි බොහෝ කරුණු වලට බලපා ඇති බව ඇගේ අදහසයි.

දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත අනන්‍යතා තහවුරු කොට ඔවුන් ගොඩනැන්වීමේ සිට ඔවුන්ගේ ජීවන කඩයිම්වලදී ස්ත්‍රී පුරුෂ භාවය මත බෙදාවෙන් කිරීම ලිංගිකත්වය මත හීනමාන හෝ අධිමානය ඇති වීමට හේතුවයි. නමුත් අයිතිවාසිකම් කථිකාව තුළ ස්ත්‍රීයට ලබාදී ඇති චින්තන ධාරාව වන්නේ ඇය පුරුෂයා මෙන් සමානව කටයුතු කල යුතු බවයි. ඒ බව ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරයෙන් හදුනාගත හැකිය. මාධ්‍ය තුළ ඇයව පහත් කිරීම පිරිමීන්ගේ ලෝකය තුළ ඇය හෑල්ලුවට ලක්වීමට හේතුවන ප්‍රධන කරුණ ලෙසත්, පිරිමීන්ට තම ජීවිතය සමබරව පවත්වා ගැනීමට ශක්තිමත් ගැහැණියකගේ දායකත්වය පැහැදිලි අවශ්‍යතාවයක් බවත්, ඒ අනුව ස්ත්‍රීය අනන්‍යතා අර්බුදයකට ලක්වීම යනු පිරිමීන් අනන්‍යතා අර්බුධයකට ලක්වීමයි.  එබැවින් ස්ත්‍රී ප්‍රතිරූපය යලි මහපොළවේ සිටුවීමට සමාජය නිරෝගී වීමට බලපාන ප්‍රධාන සාධකය බවත් එතුමිය පවසයි.

කාන්තාවන් උදෙසා කාන්තාවන් විසින් ක්‍රියාත්මක කරන සමාජ මාධ්‍ය ඉලක්ක කරගත් වැඩසටහන් පිළිබදව අපේක්ෂා සහගත විය හැක්කේ අද දවසේ තරුණ කාන්තා ක්‍රියාකාරීන් සමාජ මාධ්‍යකරණයෙහි නිරතවීමේ පවනතාවය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබීම නිසාය. ඔවුන් සමාජ මාධ්‍යවල මෙන්ම සමාජ කණ්ඩායම්වල අවධානය දිනා ගැනීමට හා සමාජයට බලපෑමක් සහිත මත නිර්මාණ කරන බලපෑම් කණ්ඩායම් ලෙස කටයුතු කිරීමේ හැකියාව පෙන්නුම් කර ඇත.

උදාහරණ ලෙස –

 

  1. හෑෂ් ටැග් ව්‍යාපාරය – දේශපාලන න්‍යාය පත්‍ර සෑදීමට කාන්තාව භාවිත කිරීම

 

#BringBackOurGirls – Million tweets

#HeforShe – 1.2 billion people

 

  1. 2010 වර්ෂයේ ඊජිප්තුවේදී Harass Map හඳුන්වාදී කාන්තාවන්ට නිර්ණාමිකව පැමිණෙන ලිංගික පණිවුඩ හඳුනා ගැනීම උදෙසා එය භාවිත කර ඇත.

 

  1. 2012 ඉන්දියාවේ සිදු වූ සමූහ දූෂණයේදී එරට රජයේ අවධානය දිනා ගැනීම සඳහා ජනතාව සංවිධානාත්මකව පෙළ ගැසුණි.

#DelhiGangRape

එනමුත් කණගාටුවට කරුණක්  වන්නේ බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය අවකාශය නිසි ලෙස භාවිත නොකර නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. (http://bitly/1fsUak3)

සමස්ථයක් ලෙස ගත් කල්හී ඉන්දියාව හා තුර්කිය වැනි රටවල ස්ත්‍රීන් උදෙසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී කාන්තාව සතු අයිතීන් පිළීබඳව අවධානය යොමු කිරීමට වර්තමානය වන විට සියුම් උත්සාහයක් ක්‍රියාත්මක බවත් පෙණේ. (ICRW, 2010) නමුත් ලංකාවේ එම තත්ත්වය ඉතාමත් සීමිත ඉඩ අවකාශයක ව්‍යාප්තව ඇති බවත් එය තවමත් මළාණික ස්වරූපයෙන් ක්‍රියාත්මක වන බවත් හඳුනාගත හැකිය.

ඒ සඳහා ලබා දිය හැකි හොඳම විසදුම වන්නේ කාන්තාව සතුව ඇති සෘණාත්මක ආකල්පයන් ඉවත් කිරීම හා ඇය දේශපාලනික වශයෙන් සවිඥාණික තත්ත්වයට පත් කරමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම, මාධ්‍ය හා වර්තමාන තාක්ෂණය භාවිතය පිළිබඳව කාන්තාව ඉලක්ක කරගත් පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම. උදා – සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණයන් දියත් කිරීම සඳහා ඇය දිරිමත් කිරීම, හෑෂ් ටැග් භාවිතය පිළිබඳව දැනුවත් කිරීම, ඇගේ අයිතීන් උදෙසා සමාජ මාධ්‍ය නිරීක්ෂණ බලපෑම් හදුනා ගැනීමට ඇයව උනන්දු කිරීම, ඉලක්ක පිරිස හදුනා ගැනීමට උනන්දු කරවීම හා ශක්තිමත් පණිවිඩයක් සමාජගත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම. (www.Genderindex.org)

කාන්තා අයිතීන් ඉලක්ක කරගෙන තීරණ ගැනීමේ ක්‍රියාවලිය,  සහභාගීත්වය හා නායකත්වය ගැනීම වැනි ක්‍රියාකාරකම් තුළින් මහජන ආකර්ශනය දිනා ගනිමින් ඇයගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පසුබිම ඇය විසින්ම නිර්මාණය කිරීමට අවශ්‍ය බව පැහැදිළි කර දීමත් මෙහිදී අත්‍යාවශයෙන්ම කළ යුතුය. බිම් මට්ටමේ සිටින කාන්තාවන් භාවිත කරමින් සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන පුද්ලගයින්ද සහභාගී කරගෙන මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ වැඩසටහන් වැඩි වශයෙන් ක්‍රියාත්මක කළ යුතුය. සමාජය, මහජනයා හා රජය අතර පවත්නා අන්තර් සබඳතා ශක්තිමත් කිරීම සඳහා කාන්තාව සුවිශේෂී තැනැත්තියක ලෙස නිතරම භාවිත කළ යුතුය. ඒ සඳහා ගෝලීය සබඳතා ජාලයක් ගොඩනැංවීම අනිවාර්ය වේ. කුඩා සමාජයක් සතු ගැටලුවක් ගෝලීය ගැටලුවක් දක්වා පරිවර්තනය වීම සඳහා එකිනෙකාගේ සංස්කෘතිකාංග අනෙකා සමග අන්තර් සාමාජිය වශයෙන් සංසරණය වීමට නම් සමාජ මාධ්‍ය අවකාශය තුළ කාන්තාවන් උදෙසාම ඉලක්ක වූ ප්‍රේක්ෂකයින් සමුදායක් මගින් අදහස් ව්‍යාප්ත කිරීම ඵලදායීවේ. එමගින් සමාජ මාධ්‍ය අවකාශය තුළ ඒ සදහා තිබෙන ඉඩකඩ පුළුල් කර ගැනීමට කටයුතු කිරීම ද යුගයේ අවශ්‍යතාවයකි.

 

Leave a Reply