කොරෝනා මර්ධනයත් සමග මර්ධනය නොවිය යුතු මානව හා සිවිල් අයිතිවාසිකම්

කොරෝනා වසංගත තත්වය මැඩලිමේදි “ පොදු සතුරා කොරෝනා රෝගය මිස ,කොරෝනා වැළදුනු රෝගියා නොවේ“ යන සම්මතය පිළිගැනිමට අද ලාංකීය සමාජය අසමත්විම නිසා එක් අතකින් රටේ පුර වැසියන්ගේ මානව අයිතින් උල්ලංගනය විමක් සිදුවේ.  පුද්ගලිකත්වය සමාජයට නිරාවරණය වීම තුළ රෝගින් සමාජයෙන් කොන්විමේ අවධානම නිසා කොරෝනා රෝගින් රෝගය වසන් කිරිමට උත්සාහ ගැනිම නිසා අනෙක් අතට රෝග ව්‍යාප්තිය ඉහල යාමක් කොරෝනා දෙවෙනි රැල්ල තුළ දක්නට ලැබේ.කොරෝනා රෝගය වැළදුන රෝගින්  දෙස අපරාධකරුවෙකු දෙස බලන ආකාරයෙන් බැලිමට පටන් ගෙන තිබේ. එසේම කොරෝනා රෝගියෙකු නිවෙස් වලින් රැගෙන යන අවස්ථාවේදි රෝගියාව රැගෙන යනු ලබන්නේ දරුණු ගනයේ අපරාධකරුවන් රැගෙන යන විලාශයකිනි. මේ තීරණාත්මක අවස්ථාව්දී සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වසංගතය මැඩලීම සදහා ගන්නා උත්සාහය සුළුපටු නොවේ. එහෙත් රටේ පුර වැසියාගේ  මානව අයිතිවාසිකම් ,සිවිල් අයිතිවාසිකම් වලට ගරු කරමින් රෝග නිවාරණය සිදු වන්නේ නම් කෙතරම් උචිත ද?

tytyytyyt

 

2020 නොවැම්බර් 15 සති අග අරුණ(මළාට පස්සේ පොහිටිව් වෙන්නේ කොහොමද)

වර්තමානයේ කොරෝනා රෝගය වැළදුන රෝගින් සහ පවුලේ උදවිය සමාජය තුළ කොන් විමක් සහ කොන් කිරිමක් සිදුවේ.එය පුර වැසියාගේ මුලික අයිතිවාසිකම් කඩ විමකි. ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) වගන්ති මගින් පැහැදිලිව පෙන්නුම් කරදී ඇත්තේ නීතිය ඉදිරියේ සැවොම එකහා සමාන බවයි. එසේම කිසිම හේතුවක් නිසා ඔවුන් වර්ගීකරණයකට ලක්කල නොහැකිය යන්නයි.ආබාධිත, කිසියම් රෝගයකට ගොදුරු වූ වශයෙන් බෙදා වෙන් කොට විශේෂයත්වයෙන් සැලකිය නොහැකි බවයි. තවද එම හෙතුන් නිසා  සමාජයෙන් කොන් කිරිමකට භාජනය නොවිය යුතුය.රටේ කිසිම  පුරවැසියෙකු කොරෝනා වෛරසය ස්ව කැමැත්තෙන්,චේතාන්විතව බෝකර ගන්නේ නැත.රටේ අපරාධ නිතියට අනුව යම් වරදක් කිරිමට අපරාධ චේතනාවක් තිබිය යුතය. නමුත් රටේ පුරවැසියාගේ අනු දැනුමෙන් තොරව ඔහුගේ හෝ ඇයගේ අනු දැනුමෙන් තොරව කොරෝනා වෛරසය වැළදිම අපරාධයක්ද ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍යහුදෙක් සමහර රෝගින් රෝගය පතුරුවන අපරාධකරුවන් ලෙස හැගෙන පරිදි වාර්තාකරණයේ යෙදේ“.අසවල් රෝගියා විසින් දස දෙනෙකුට රෝගය පතුරුවා ඇත“ යනුවෙන් ඇතැම් මාධය කරුණු විස්තර කරයි.මෙවන් සිද්ධීන් තුළ රෝගියාගෙන් රෝගය බෝවී ඇත්තේ ඔහුගේම නොදැනුවත් කමෙනි.මෙවන් පසුබිමක සියලු කොරෝනා රෝගින් රෝගය පතුරුවන අපරාධ කරුවන් ලෙස හන්වඩු ගැසිම සමාජ කැළලකි.මෙවැනි සමාජ කැළල් නිසා කොරෝනා රෝගින් රෝගය සැදුන බව පැවසිමට අකමැත්තක් දක්වයි.එයට හේකුව රෝගි වූ බව දැන ගැනිමෙන් තමන්ටද පවුලේ උදවියටද විදිමට සිදුවන සමාජ අවලාද වලින් බේරිමට රෝගය සගවා සිටිති.මෙය රෝග ව්‍යාප්තිය හා මරණ වැඩිවිමට විශාල හේතුවක් වේ.තවද රෝගින්ෙගේ පෙද්ගලිකත්වය සමාජය හමුවේ නිරාවරණය විම රෝගියාට සහ පවුලේ උදවියට එමගින් සිදුවන මානසික පීඩා අති විශාලය.

wwwwwwwwwwwww

2020 නොවැම්බර් 15 සති අග අරුණ(ඇගලුම් කොරෝනා රැල්ල හොරණ වට කරයි)

කෙනෙකගේ ඡායාරුපයක් පළ කිරිමට ලාංකිය නීතිය අනුව යම් ඉඩක් ලැබෙන්නේ එය රටේ පොදු ජනතාවගේ යහපතට හේතුවන ප්‍රවෘත්තියක් නම් පමණි.අප රටේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරිමේ අණ පණත් නොතිබීම අඩුපාඩුවකි.නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ආචාර ධර්ම වලට අනුව රෝගියකුගේ අනන්‍යතාව හෙළි නොකල යුතුයි.එසේ නම පොදු මහජන යහපතට මුවාවෙමින් කොරෝනා රෝගින්ගේ ඡායාරූප හා අනන්‍යතාව හෙළි කිරිම කෙතරම් සාධාරණද? අනෙක් අතට කොරෝනා රෝගින්ගේ ඡායා රූප,නිවෙස් සහ ආයතනමය විස්තර ප්‍රකාශ කිරිමෙන්  එයින් රටේ ජනතාවට සිදුවන යහපත කුමක්දැයි ප්‍රශ්න කිරිමට කාලය එළඹ ඇත.මෑත භාගයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවගේ පුද්ගලික තොරතුරු හෙළිකිරිම හා ඇය පිළිබදව අවමන් කථා රසකර බේදු සමාජ මාධ්‍ය තුලින් ඇයගේ පාසල් දියණියට විදින්නට සිදුවු අවමානය හුදෙක් කණගාටුව ප්‍රකාශ කිරිමේ ලිපියක් ඵල කිරිමෙන් විසදා ගත හැකි සුළු ප්‍රශ්නයක් නොවේ.නීති අණ පනත් මගින් අරථ නොගැනුණත් සැබැවින් මාධ්‍ය තුළ මෙවැනි සංවේදි කාරණා වාර්තාකරණයේදි ස්වයං විනයක් තිබිය යුතුය.ඇතැම් සිද්දධින් නිසා කොරෝනා රෝගය වැළදි සමාජ අවමානයට පාත්‍රව පීඩා විදිනන්ට නීතියේ පිළි සරණක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ.කොරෝනා රෝගින්ගේ පෞද්ගලිකත්වය සමාජය තුළ නිරාටර්ණ විමෙන් ඇතිවන සමාජ කැළැල මගින් කොරෝනා දෙවෙනි රැල්ල දැඩිව ව්‍යාප්ත විමට වක්‍ර ආකාරයෙන් හේතුවක් වුයේද කියා සැකසහිතය.වැලිසර නාවික හමුදා නිළධාරින්,මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද පොළට සම්බන්ධ පිරිස්හට මෑත භාගයේ කිසිම ආයතනයක සේවාවක් ලබා ගැනිමට නොහැකි කරමින් ඔවුන්ව සමාජ දුරස්කරණයකට ලක්කර තිබුණි.  පුද්ගලිකත්වය මාධ්‍ය මගින් නිරාවරණය වීම සහ එමගින් තම පවුලේ උදවියට ගැරහුමට හේතුවක් වේ යැයි බියෙන් සමහර රෝගින් රෝගය සගවාගෙන සිටිති.

ghghghghgghhghg

2020 නොවැම්බර් 15 සති අග අරුණ(කොළඹ වත්තේ මීටරේ චාටර් වෙයිද))

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් නොතකමින් ඇතැම් විද්‍යුත් මාධ්‍ය කොරෝනාව පිළිබද අනියත බියක් ඇතිකරමින් රෝගයේ සංකූලතා හා සායනික ප්‍රවෘත්තිපලකිරිම තුළින් කොරෝනා වෛරසය පිළිබද අනියත බියක් පතුරුවමින් සිටිති. විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ මෙකි ප්‍රවණතාව බහුලව නිරික්ෂණය කල හැක.මෙය කවර මාධ්‍යයක පල වුවද සාපරාධි බිය ගැන්විමකි.මෙවනි අනීතික ක්‍රියාා මගින් සමාජයට සිදුවන බලපෑම අද අපි ඇස් පනාපිටම අත් දකිමින් සිටියි.කොවිඩ් රෝගය පිළිබදව ජනතාව තුළ අනියත බියක් ඇතිවිම තුළ මහත් වියසනයක් ඇතිවී තිබේ.ආසන්නතම සිදුවීම වූයේකළුතර නාගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කල ලංගම බස් රථයේ රියදුරාගේ මරණයයි.රෝහල් බස් රථයේ ගමන් තල අයෙකුට කොවිඩ් වැළදී ඇතැයි දැන ගැනිමෙන් තමන්ටද කොවිඩ් වැළදි ඇතැයි සැක කිරිමෙන් ඇතිවූ කම්පනයෙන් භිතියෙන් සියදිවි හානි කර ගැනිමේ කණගාටුදායක පුවතයි.මාධ්‍ය මගින් සිදුකල යුත්තේ සායනික තොරතුරු ජනතාවට ප්‍රසිද්ධ කරනවාට වඩා රෝග නිවාරණ උපදෙස් සමාජ ගත කිරිමයි.

නිරෝධායන ආඥා පණත හාකොවිඩ් වැළැක්වීමේ ගැසට් නිව්දනයේ ඇතැම් අඩුපාඩු නිසා සිවිල් පුරවැසියන්ට ඉන් බලපෑමක් සිදුවන බව පෙන්නුම්කෙරේ.කොරෝනා ආසාදිත රෝගින් රෝහල්ගත කිරිමේදි ඔවුගේ පවුල්වල සිටින ආබාධිත අයලුවන් හා බාල වයස්කරුවන් සුරක්ෂිත කිරිමේ නීති ප්‍රතිපාදනවල හිඩැස් පෙන්නුම් කෙරේ.මැතකදි මව රෝහල් ගත කිරිමේදි නිවසේ සිටි මානසික රෝගි තරුණයෙකු නිවසේ තනිකර යාමට සිදුවිම නිසා එම තරුණයා සිත් තැවුලෙන් සියදිවි හානිකර ගැනිමක් වාර්තා විය.විශේෂයෙන් ආබාධිත හා කුඩාදරුවන් සිටින පවුල්වල අය කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගැනිමේදි  ළමා සුරක්ෂිතාව පිළිබද වැ ඩි උනන්දුවක් දැක්විය යුතුය.මේ අනුව වසන්ගත තත්වයකදී වුවදරෝග නිවාරණය හා රෝගින් රෝහල් ගත කිරිමේදි රෝගි පුර වැසියන්ගේ මානව අයිතින් , පුද්ගලික අනන්‍යතාව ,දරුවන්ගේ හා ටිශේෂ අවශ්‍යතා ඇති අයගේ අයතීන් සුරක්ෂිත කිරිමේ යාන්ත්‍රණයක් සකස් කිරිමට කාලය පැමිණ ඇත.

 

 

Leave a Reply