ඩුබායිහි ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතික්ෂේපිත අයිතිවාසිකම්

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මුහුණු පොත ඇතුළු සමාජ ජාලවල පළවන තොරතුරු, විදේශ රටවල්වල වැඩකරමින් සිටින හා නිවාස වෙත ආරක්ෂිතව පැමිණීමට මඟක් නොමැතිව සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳ හඬ නැඟීමේ මාර්ගයක් බවට පත්ව තිබේ.

මේ මත පදනම්ව, පීඩාවට පත්ව සිටින මැදපෙරදිග විශේෂයෙන්ම ඩුබායි හි ශ්‍රී ලාංකීය සේවකයන් පිළිබඳව අදහස් ( posts ) විශාල සංඛ්‍යාවක්, වීඩියෝ ද සමඟ සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ.

මෙම වසරේ මාර්තු මස මුල ඇති වූ කොරෝනා වසංගත තත්ත්වය සමයේ පටන්, බොහෝ ශ්‍රී ලාංකීය සේවකයන්ට ඔවුන්ගේ රැකියාවන් අහිමිවීම, ආපසු නිවෙස් වෙත පැමිණීමට නොහැකිවීම, ආහාර අවශ්‍යතා සහ අනෙකුත් මූලික අවශ්‍යතා ළඟා කරගත නොහැකි වීම ආදිය සිදු වූ බව මුහුණු පොතේ වූ අදහස් මඟින් අනාවරණය විය.

මේ තත්ත්වය යටතේ, පසුගිය මාර්තු මාසයේ පටන් ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ඩුබායි හි සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින සිය ගණනක් වූ ජනතාව පෙන්වාදෙනුයේ ඔවුන්ට අසාධාරණ ලෙස සළකනු ලබන බව යි.

ඩුබායි හි ශ්‍රී ලාංකීය සේවකයන් සඳහන් කරන්නේ, ඔවුන් රැකියා, ආහාර සහ නවාතැනක් නොමැතිව බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින බවත්, කොරෝනා වෛරසය පිළිබඳ බියෙන් පසුවන බවත් ය.

මීට අමතරව, ඩුබායි හි සිටින ශ්‍රී ලාංකික සේවකයන් පවසනුයේ, ලියාපදිංචි වී නොමැති සහ ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ මුදල් තැන්පත් කර මෙහි සේවය කිරීමට පැමිණි පිරිස් කොන්සල් නිලධාරීන් විසින් නොසලකා හැර ඇති බව යි. ඔවුන් තවදුරටත් පැමිණිලි කරනුයේ, ඔවුන්ගෙන් පසුව ලියාපදිංචි වූ බොහෝ දෙනා මේ වනවිටත් තම නිවෙස් කරා ගොස් ඇති බව යි.

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න පැවසුවේ, ශ්‍රී ලාංකිකයන් 279 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් ඔක්තෝබර් 10 වන දින තම මව් රට වෙත පැමිණි බව යි.

ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තවදුරටත් පැවසුවේ, කොවිඩ් 19 ආසාදනයවීම හේතුවෙන් කිසිඳු පිළිසරණක් නොමැතිව සිටින තවත් කාන්තාවන් 70 දෙනෙක් ඊළඟට පැමිණීමට නියමිත ගුවන් යානයෙන් නිවාස කරා ආපසු එවන බව යි.

විජේරත්න තවදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ ඩුබායි හි සකස් කරන ලද නිවාසයක ගෘහසේවිකාවන් 50ක් ද, කොන්සල් කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන තාවකාලික වාසස්ථානයන් හි කාන්තාවන් 20 දෙනෙක් ද ඔවුන්ගේ ආපසු පැමිණීමේ වාරය එනතෙක් රැඳීසිටින බව යි. ඊට අමතරව, ශ්‍රී ලංකා රජය මඟින් ඔක්තෝබර් 10 වන දින සූදානම් කළ විශේෂ ගුවන් යානයකින් ගර්භනී කාන්තාවන් 20 දෙනෙකු දැනටමත් දිවයිනට ගෙන්වාගෙන ඇත.

ඩුබායි හි කොන්සල්වරයා පැවසුවේ, 140ක් වූ පිරිමි හා කාන්තා යන දෙපාර්ශවයම කොන්සල්වරයාගේ අධීක්ෂණය යටතේ මෙහෙයවන තාවකාලික වාසස්ථානයන් හි රැඳීසිටින බව යි.

ඔවුන්ව ගුවන්යානා මඟින් මව්බිමට ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, එනමුත් රජයේ වියදමින් මව්බිමට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වන ක්‍රියාපිළිවෙත පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබාදිය නොහැකි බවත් කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න පැවසී ය.

“21000 කට ආසන්න ජනතාවක් ඩුබායි හි සිට මව්බිමට පැමිණීමට ලියාපදිංචි වී සිටිනවා. කෙසේවෙතත්, ඒ සියළුදෙනාම මේ වනවිට තම මව්රටට ආපසු යාමට අපේක්ෂා කරන්නේ නෑ. ලියාපදිංචි වූ බොහෝ දෙනා දැන් වෙනත් වෘත්තීන්වල නිරතවෙනවා. වීසා කල්ඉකුත් වූ ඇතැම් පිරිස් සහ සංචාරක වීසා හරහා පැමිණි සේවකයන් ඩුබායි හි උද්‍යානයන් හි රැඳීසිටිනවා” යනුවෙන් විජේරත්න පැවසී ය.

කෙසේවෙතත්, කොන්සල් ජෙනරාල්වරයා පැවසුවේ, වීසා කල්ඉකුත් වී පීඩාවට පත්වසිටින ශ්‍රී ලාංකික සේවකයන්ගේ වීසා කාලය දීර්ඝ කර, ඔවුන්ට පොදුසමා කාලයක් ලබාදීමට ඩුබායි අධිකාරිත්වය ගිවිසුමකට එළඹ තිබෙන බව යි.

බාහිර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ, කොවිඩ් 19 කටයුතු අංශයට අනුව, 43500ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඔක්තෝබර් 08 වන දින තාවකාලික ගුවන් ගමන් තහනම පනවන තෙක් ඩුබායි සිට මව්රටට පැමිණ ඇත. ඊට අමතරව, බාහිර කටයුතු අමාත්‍යාංශය මඟින් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහපත උදෙසා රුපියල් මිලියන 53කට ආසන්න ප්‍රමාණයක් වෙන්කර ඇත. මේ මුදලින්, රුපියල් මිලියන 30 කට ආසන්න ප්‍රමාණයක් විදේශ රටවල්වල කොරෝනා වසංගතයෙන් විවිධ බලපෑම්වලට ලක් වූ ශ්‍රී ලාංකීකයන් වෙනුවෙන් වැය කර ඇත.

රටේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20000 සීමාව ඉක්මවා ඇත්තේ, මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඔක්තෝබර් මස මුල් කාලයේ වාර්තා වූ කොරෝනා පොකුර සහ පෑළිගොඩ මාළු වෙළඳසැලෙන් වාර්තා වූ කොරෝනා පොකුර හේතුවෙනි. කොරෝනා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව  නොවැම්බර් 24 වන දිනට 94 දක්වා ඉහළ ගොස් ඇත.

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල්වරයා තවදුරටත් දැක්වූයේ, මේ හේතුවෙන් විදේශ රටවල්වල සිටින බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් නැවත මව්බිමට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා ඇති බව යි.

කෙසේවෙතත්, ඩුබායි හි උද්‍යානවල අසරණ තත්ත්වයට පත්ව ඇති සියයට අධික ශ්‍රී ලාංකික සේවකයන්  නැවත ශ්‍රී ලංකාවට යාමට ගුවන්ගමන් ඇරඹෙනුයේ කවදා ද? ඇයට/ඔහුට ආපසු රටට යාමට අවස්ථාවක්  ලැබෙන්නේ කවදා ද ? යන අපේක්ෂාවෙන් පසුවේ.

කෙසේවුවද, ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල් වල බලපෑමට ලක්ව ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන් විසින් සංක්‍රමණික සේවකයන්ගේ තත්ත්වය පිළිබඳව දැක්වෙන පුවත් සහ ඔවුන් මුහුණදෙන විවිධ දුෂ්කරතාවයන් පිළිබඳව දැක්වෙන වීඩියෝපට  සමාජ මාධ්‍ය තුළ දිනපතා සංසරණයවෙමින් පවතී.

========================

Links

https://www.facebook.com/100044785429877/videos/198029465033233/

https://www.dailynews.lk/2020/11/13/local/233513/help-pours-stranded-sri-lankans-who-sought-refuge-dubai-park

 

President Call for halt repatriating migrants from abroad after Minuwangoda Cluste

link:  https://youtu.be/K6ltXaSj2Oo?t=62

Photos

sdsd

wewe

Leave a Reply