කොවිඞ් 19 හමුවේ මාධ්‍ය භාවිතය සහ මාධ්‍ය වගකීම පිළිබඳ විමසුමක්

‘ඔව් මං ගැන ගොඩක් දෙනෙක් කතා වුණා නෙවෙයි, මං ගැන ගොඩක් අය කතා හැදුවා. ඔවුන් පුලුවන්තරම් මට මඩ ගැහුවා. මගේ චරිතෙ හොද නෑ වෙන වෙන සම්බන්ධතා තියෙනවා කිව්වා. මට අන්න ඒ නිසයි කොරෝණා හැදුනෙත් කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි මම සත්‍ය වසන් කරනවා කියලත් තිබුණා. මේ වගේ නොයෙක් ජාතියේ කතා හදලා මාවයි මගේ පවුලෙ අයවයි අපහසුතාවට පත්කරලයි තිබුණේ.

මම දන්න හැම දෙයක්ම පොලීසියටයි, පී එච් අයි මහත්වරුන්ටයි, ගම්පහ ඉස්පිරිතාලෙ දොස්තර මහත්වරුන්ටයි කිව්වා. මම කිසිම දෙයක් කිසිම කෙනෙක්ට හැංගුවේ නැහැ.

මට දරුවො හතරදෙනෙක් ඉන්නවා. මමයි මහත්තයයි බැදලා අවුරුදු විසි එකක් වෙනවා. එදා ඉදලා අද වෙනකල්ම අපි ඉතාමත් හෝදින් සතුටින් පවුල් ජීවිතය ගෙවනවා. මම උදේ හයහමාරට ගෙදරින් ගියහම ආයෙත් එන්නෙ රෑ අටහමාර වෙලා. එහෙම පිට සබදතා තියාගන්න තියා වේලපහ ගෙදර එන්න වෙලාවක්වත් අපිට නැහැ. මගේ මහත්තයා මං ගැන හොදට දන්න නිසා වගේම විශ්වාස කරන නිසයි අදටත් මට හයියක් වෙලා ඉන්නෙ. නැත්තන් ලෝකයා මේ කියන බොරු චෝදනාවලට හරිනම් එයත් මාව දාලා ගිහිල්ලා. ඒත් දුව තාම අඩනවා අම්මා ගැන මට වඩා දන්න තවත් අය ඉන්නවද කියලා’.(උපුටාගැනීම සති අග අරුණ පුවත්පත, ඔක් 11දින).
ඔබ ඒ සවන්දුන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රථමයෙන් හමු වූ කොරෝනා රෝගියා ලෙස බොහෝ දෙනා ඇතුලු බොහෝ මාධ්‍ය හදුන්වාදීමට උත්සාහ දැරූ කාන්තාවගේ කතාවේ සුළු කොටසකටය.
‘මේ එම කතාවේම තවත් පැතිකඩකි. මගේ පුතාලා තුන්දෙනා, දුව සහ බිරිද තමයි මගේ පවුල. දැන් දුවයි බිරිදයි දෙන්නම ඉන්නෙ අංගොඩ බොවෙන රෝග විද්‍යායතනයේ. මමයි බිරිදගේ තාත්තයි පුතාලා ටිකයි ඉන්නෙ හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ. එහෙම ඉන්න අතරෙදි තමයි සමාජ මාධ්‍යවල වගේම රූපවාහිනී නාළිකාකාවලත් මගේ බිරිද ගැන වැරදි කටකතා පැතිරිලා තිබුණේ අපි දෙන්නා බැදලා මේ අවුරුද්දට අවුරුදු විසි එකක් වෙනවා. අතින් පයින් තියා වචනයකින්වත් අපි දෙන්නා අද වෙනකල් රණ්ඩුවෙලා නැහැ.
මම මගේ නෝනා ගැන හොදින්ම දන්නවා එයා අපේ දරුවන්ටයි මටයි කිසිම අවනම්බුවක් වෙන විදිහෙ වැඩක් කරලත් නැහැ. කරන්නෙත් නැහැ කියලා මට විශ්වාසයි.

අපි හරිම සතුටින් හිටපු දුප්පත් පවුලක්. ඒත් අපේ දරුවෝ අද අම්මට මිනිස්සු කියන නොහොබිනා කතා නිසා අසරණ වෙලා ඉන්නේ’. (උපුටාගැනීම සති අග අරුණ පුවත්පත, ඔක් 11දින) එම කතාව කාගේදැයි මෙය කියවන පාඨකයින්ට නැවත හදුන්වාදීමට අවශ්‍ය වේයයි නොසිතමි.

කෙසේ වුවද එය කොව්ඞ් 19 දෙවන වටයේ ප්‍රථම කතාව බවනම් නිසැකය. පොදුවේ මාධ්‍ය තුළ දැඩි අවධානයකට ලක්වූ ඉහත සදහන් කළ අවස්ථාව නොයෙක් ආකාරයෙන් වාර්තා කළ නොයෙක් මාධ්‍ය පිළිබද ව ද මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතු නැත. ඉහත සංවේදී කතාවෙන් ඔබට එය මේ වනවිටත් මැනවින් තෙරුම්ගොස් ඇතුවාට සැකයක් නැත. කොවිඞ් 19 දෙවන වටයේ ප්‍රථම මොහොතේ සිටම මාධ්‍ය භාවිතයේ තරම පිළිබද නොයෙක් පිරිස් අතර නොයෙක් ආකාරයේ කතාබහ ඇති විය. එම සමහරක් වාද විවාද සංවාද මාධ්‍ය නව මාධ්‍ය සමාජ මාධ්‍ය තුළ මෙන්ම සාම්ප්‍රදායික මාධ්‍ය තුළට ද නොයෙක් ස්වභාවයන්ගෙන් සහ නොයෙක් මට්ටමෙන් කාන්දු විය. එය යම් දුරකට මේ වනවිටත් සිදුවෙමින් පවතී.

මේ එම සංවාදයේම තවත් පැතිකඩකි. ගුවන්ලි වැඩසටහනක් කරමින් සිටි නිවේදකයෙක් සහ නිවේදිකාවකගේ දෙබසක් අපගේ මිත්‍රයෙක් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබිණ. ‘

නිවේදකයා – ඇගලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් බයෙන් සිටින්නේ කුමක් සම්බන්ධයෙන්ද?
නිවේදිකාව – පොසිටිව් වීම,

h

ghg

 

yuyu

tyty

ghghg

ddf

මාධ්‍ය භාවිතය පිළිබඳ උක්ත සිදුවීම සහ ඉහත නිදර්ෂණයන් දෙස බැලීමේදී තිබෙන ප්‍රශ්නය කුමක්ද?
නිවැරදි වාර්තාකරණයට අමතරව යම් ඛේදවාචකයක්, ව්‍යාසනයක්, ආපදාවක්, වසංගත තත්ත්වයක් වාර්තා කිරීමේදී ජනමාධ්‍යවේදීන් විශේෂ අවධානයකින් සළකා බැලියයුතු කරුණු කාරණා ගණනාවක් වෙයි. පුවතට ලක්වන පුද්ගලයාගේ අනන්‍යතාවය හෙලිදරව් කිරීමෙන්, පෞද්ගලිකත්වය සහ පෞද්ගලිකත්වයට අදාළ තොරතුරු හෙළිදරව් කිරීමෙන්, එම පුවතට ලක්වන පුද්ගලයාට පුද්ගල කණ්ඩායමට මෙන්ම සමාජයට සිදුවන අයහපත හෝ යහපත පිළිබඳ විමසා බලා තේරුම් ගැනීමට ජනමාධ්‍යවේදියා මෙන්ම ජනමාධ්‍ය ආයතනය උත්සාහ කළ යුතුය. ඒ සඳහා ඔවුන් සමත් විය යුතුය. අනෙක් කාරණයනම් එය සාමාන්‍ය තත්ත්වයක් යටතේ සිදුවන වාර්තාකරණයක් නොව. ඊට වඩා හාත්පසින් වෙනස් වූ සුවිශේෂී තත්ත්වයක් යටතේ සිදුවන වාර්තාකරණයකි. එබැවින් එම වාර්තාකරණයෙන් පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට, සමාජයකට කරන්නා වූ බලපෑම ද ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වෙනස්විය හැකිය. අප මෙහිදී අවධානය යොමුකරන වාර්තාකරණයෙන් සිදුව ඇත්තේ කුමක්දැයි තේරුම් ගැනීමට මෙම ලිපිය ආරම්භයේදී එන ප්‍රකාශයන් හොදටම ප්‍රමාණවත්ය.
මිනුවන්ගොඩ කාන්තාවගේ සිදුවීමට අදාළ වාර්තාකරණය දෙස නැවතත් අවධානය යොමු කරමු. වාර්තා කර ඇති ආකාරයෙන් සමාජයට සිදුව ඇති වාසිය කුමක්දැයි ප්‍රශ්න කළහොත්, දිය හැකි පිළිතුර හෝ පිළිතුරු මොනවාද? ඒ සදහා වන පිළිතුරක් වශයෙන් නැවත මතුවන කොවිඞ් 19 අනතුරක් පිළිබඳ සමාජය දැනුවත් කිරීමයයි අපි අනුමාන කරමු.

එමෙන්ම එමගින් සිදුව ඇති අවාසිය හෝ අවාසි පිළිබඳව අපගේ අවධානය යොමු කළහොත් ඇයගේ සහ ස්වාමිපුරුෂයාගේ වචනයෙන්ම පවසන ආකාරයට දරු පවුලක් අසරණ කර ඇත. දැන් යම් ආකාරයකට පහව ගොස් ඇතත් එම කාන්තාව සහ එම දරු පවුල සමාජය ඉදිරියේ ලේබල් කෙරුණු, දැඩි අසීරුතාවයකට, අසරණභාවයට පත් පිරිසක් බවට පත් වූහ. සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ නොවන්නට එය තව දුරටත් එසේම වන්නට ඉඩ තිබුණි. එම ත්ත්වය එම පවුල් සංස්ථාවට කෙටි කාලීනව හෝ හානියක් කළේය. ඇත්තටම ඇය කොවිඞ් ආසාධිත ප්‍රථම කාන්තාව වූයේනම් තත්ත්වය කුමක්වියහැකිව තිබුනේද?

එම වාර්තාකරණය මෙන්ම ඉන් අනතුරුව සිදුවෙමින් පවතින වාර්තාකරණයන් සමාජයට කර ඇති බලපෑම කෙබඳුදැයි අපි දැන් විමසා බලමු. මෙම ලිපිය කියවන ඔබ යම්කිසිවකුට ඔබගේ ඥාතියෙකුට කොවිඞ් තත්ත්වයක් ආසාදනය වුවහොත් මාධ්‍ය ඒ පිළිබඳව කෙසේ ක්‍රියාකරාවිදැයි කියා සැකයක් මතුවිය නොහැකිද? කොවිඞ් 19 රෝග ලක්ෂණ තිබෙන කෙනෙක් පරීක්ෂණ කටයුතු සඳහා පෙළඹීමට එමගින් යහපත් බලපෑමක් සිදුකෙරෙයිද? එසේත් නැතහොත් එවන් පෙළඹීමකට තිබෙන ඉඩකඩ දුර්වල කරයිද? කොවිඞ් ආසාදිතයයි අනාවරණය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයින් සඳහා එමගින් කරන බලපෑම යහපත්ද? අයහපත්ද? යනාදීවශයෙන් මාධ්‍යවේදියා මෙන්ම මාධ්‍ය ආයතනය විසින් නිරාකරණය කරගතයුතු ප්‍රශ්න ගණනාවකි. මෙම කාරණා ජනමාධ්‍ය විසින් අවධානයට ගත යුතුද? එසේ නැතහොත් එවන් කාරණා අමතක කර තත්ත්වය උත්කර්ෂයට නගමින් වාර්තා කිරීම කොතෙක් දුරට සාධාරණද?

යම් අවස්ථාවකදී එම ප්‍රශ්නවලට පිළිතුර මාධ්‍ය විසින් සියල්ල අවුල් කළා යයි කීම විය හැකිය. අවසානයේ ප්‍රකාශන නිදහසේම කොටසක් ලෙස ගැනෙන මාධ්‍ය නිදහස සීමා කෙරෙන නීති අණ පනත් ඒ පිටුපස නොපැමිණේවියයි කාටනම් කිවහැකිද?

මාධ්‍යවේදියාට, ආයතනය හෝ අදාළ කේෂ්ත්‍රයට එවන් ප්‍රශ්න සඳහා පිළිතුරු සොයාගත හැක්කේ ජනමාධ්‍යයේ සමාජ වගකීම පිළිබඳ අදහසක් අවබෝධයක් මෙන්ම හැගීමක් ඇතිව කටයුතු කරන්නේනම් පමණකි. මාධ්‍ය මෙවන් අවස්ථාවලදී යොදාගන්නා වාග් මාලාවන්, ඉදිරිපත් කිරීමේ ස්වරූපයන්, අදාළ පරිශ්‍රයන් හි දී කැමරා ශිල්පීන් හැසිරියයුතු ආකාරයන්, හඹා යා යුතු කාරණාවන්, මෙන්ම විකාශනය කිරීමේදී ඇතිකරගතයුතු සීමාවන් පිළිබඳ සිය ප්‍රවෘත්ති කාමර මාර්ගෝපදේශයන් සකසා ගැනීම කෙරෙහි මාධ්‍ය ආයතන මට්ටමින් හෝ අවධානය යොමු කරන්නේනම් එය අනාගත මාධ්‍ය සංස්කෘතියට සුබ විය හැකි අතර ප්‍රකාශනයේ නිදහස අර්ථවත් කරමින් එය රැකගැනීමට දායක විය හැකිය. එය සිදුවියහැක්කේ ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ දැනුම සහ පුහුණුව ප්‍රගුණ කරන්නේනම් පමණකි. යම් යම් සීමාවන් සහ අඩුපාඩුකම් සහිතව හෝ මෙරට මුද්‍රිත මාධ්‍ය කේෂ්ත්‍රය ඒ පිළිබඳ අවධානය යොමු කර ඇත. වෙබ් පදනම්කරගත් නව මාධ්‍ය කේෂ්ත්‍රය ද යම් දුරකට එම ප්‍රවාහයත් සමග ගමන් කිරීමට උත්සාහ දරමින් සිටිති. එවන් සාකච්ඡාවක් සිය කේෂ්ත්‍රය තුළට ගැනීමට මෙරට විද්‍යුත් මාධ්‍ය තවමත් අපොහොසත්ව ඇත. සමාජ මාධ්‍ය තුළ නොයෙක් මාදිලියේ භාවිතාවන් ප්‍රදර්ශනය කළ ද එවන් සාකච්ඡාවන් සහ කටයුතු සඳහා ද එම අවකාශය තුළ ඉඩක් ලැබී ඇත. එහි පවත්නා තාක්ෂණික ස්වභාවය විසින් වෙනත් ආකාරයක සංඛීර්ණත්වයක් නිර්මාණය කර ඇතත් යහපත් භාවිතය ප්‍රගුණ කරන සමාජ මාධ්‍ය කණ්ඩායම් ඒ සඳහා නොයෙක් උත්සාහයන් ගනිමින් සිටිති.

Leave a Reply