ඡායාරූපමය පුවත්පත් කලාව: සංවේදී බව ග්‍රහණය කර ගැනීමේ කලාව

ඡායාරූපමය පුවත්පත් කලාව යනු ඡායාරූපකරණයේ උප ප්‍රභේදයක්වන අතර, ආචාරධාර්මික ක්‍රියාවලියක් සහ භාවිතයක් අවශ්‍යවන දෙයකි. කිසියම් සිදුවීමක් ඡායාරූපගත කිරීමේ දී, අදාළ පුද්ගලයින් අපහසුතාවයට පත්නොවන අයුරින් හඳුනාගැනීමේ සීමාවන් මොනවාද යන්න පිළිබඳව සාකච්ඡාකිරීම අවශ්‍ය වේ. උදාහරණ ලෙස, ඉතා සංවේදී වාචික සාක්ෂියක දී කතානායකයා තම නම ප්‍රසිද්ධ කිරීමට අකමැති අවස්ථාවක දී වුව ද, අදාළ කතාවස්තුව ලිවීම සඳහා ඡායාරූප කලාව ඔස්සේ සහයෝගය ලබාගැනීම අවශ්‍ය වේ. මෙවැනි සිද්ධීන්වල දී, ඡායාරූප ශිල්පියා තම දක්ෂතාවය භාවිතා කරමින් අදාළ දෘශ්‍ය කතාන්දරය සන්නිවේදනය කිරීමට උත්සාහ කළ යුතු වේ. මන්ද, ඔහු හෝ ඇය ඉතා මෑත කාලයේ දී ක්ෂේත්‍රයට ගොස් තොරතුරු ලබාගත් බැවිනි.

යම් කථාවස්තුවක් කැමරාගත කිරීම සඳහා අඳුරු කාලයේ දී හෝ මුහුණ ආවරණය කරගෙන යාම ඉතා පහසු ක්‍රමයක් වුව ද, මෙවැනි පසුබිමක් ඔස්සේ අපට ඕනෑම පුද්ගලයෙකු  ඡායාරූපගත කළ හැකි නමුත් එය ආචාරධාර්මික ක්‍රමවේදයක් නොවේ. අදාළ ප්‍රධාන විෂයය හා කතාන්දරය වඩාත් සුවිශේෂී වීමට, අදාළ පුද්ගල දේහලක්ෂණයන් හි පසුබිම උකහා ගැනීමේ ක්‍රමය මඟින් වඩා වැදගත්කමක් හිමි වේ. අදාළ විෂයාංගය, සේයාවක් ලෙස කැමරාගත කළ හැකි අතර, එම පිළිබිඹුව ඉතා සමීප ලක්ෂණයන්ට වඩා පුළුල් ස්වරූපයක් සපයනු ලබයි. ඔබගේ ප්‍රධාන කතානායකයා, කතාන්දරය හා සම්බන්ධ නගරයන්ට, ගොඩනැගිලිවලට හෝ වෙනත් අවකාශයන්ට රැගෙනයාම තුළින් අදාළ කතාවස්තුව පිළිබඳ යථාර්තවාදී පිළිබිඹුවක් දකින්නා වෙත සපයනු ලබන අතර, අදාළ ඡායරූපය තම ජීවිතයට ද වඩා සුවිශේෂී කාර්යයක් සිදුකරනු ලබ යි.

පහත දැක්වෙන ඡායාරූප මාලාව අනුගමනය කරන්න. මෙම ඡායාරූප මාලාවේ කාන්තාවන්ගේ  ඡායාරූප පෙල හරහා ලංකාවේ වසර 30ක යුද්ධයේ විපාක, නිර්නාමික සාක්ෂි ඔස්සේ පිළිබිඹු කර යි. ඔවුන්ගේ නිර්නාමිකබව රඳාපවත්වා ගන්නා අතරතුර ඔවුන්ගේ කතාන්දරය චිත්‍රයෙන් විස්තර කර දැක්වීමේ හැකියාවක් තිබීම අවශ්‍ය වේ. පහත ආකාරයේ නිදර්ශනයන්, නැවත ඔබ ක්ෂේත්‍රයට යන අවස්ථාවන්වල දී භාවිතයට ගතයුතු අතරම, අදාළ ඡායාරූප කතාන්දර වඩාත් පිළිගත හැකි ආකාරයෙන් නිර්මාණය කිරීම අවශ්‍ය වේ.

er7 er6 er5 er3 er2 er art er4

 

රචනය සහ ඡායාරූප නටාලි සොයිසා

 

 

Leave a Reply