ජනමාධ්‍යයේ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට ප‍්‍රායෝගික අත්වැලක්

ඔබේ කතා පුවත උදෙසා තොරතුරු රැස් කර ගැනීමේ ක‍්‍රම තුනක් වේ. විමර්ශනය, නිරීක්‍ෂණය හා සංවාද යනු  ඒවා ය. මේවා අතුරින් සංවාදය පැහැදිලි වශයෙන් ම වැදගත් ම ක‍්‍රමය වේ. එය මුණගැසී, දුරකථනයෙන් සහ දැන් ඊ-මේල් මඟින් ද කළ හැකි වේ. සංවාදය, ඉතා පුළුල් හෝ ප‍්‍රශ්න කීපයකට සීමා වීමට ද ඉඩ තිබේ. කවර ආකාරයෙන් වේවා, ඔබ ලියන කතා පුවතට පිවිසීමේ මඟ  එය යි. සාමාන්‍ය වාර්තාකරුවකු හා හොඳ වාර්තාකරුවකු අතර වෙනස පිළිබිඹු වන්නේ ඔබ තුළ මිනිසුනට කථා බහ කිරීමට ඇති හපන්කම මඟිනි.

  1. සූදානම් වීම ඔබට හොඳ ප‍්‍රශ්න නැඟීමකට මඟ සදා දෙන අතර, ඔබ ගණන් නොගෙන නොතකා හැරිය යුත්තකු නොවන බවට ඔබේ තොරතුරු දායකයාට ඉන් සංඥා කරනු ඇත. ඔබ සතු සියල්ල ම කියවන්න. විෂය හොඳාකාරව දන්නා අය සමඟ කථා බස් කරන්න. ටොම් රොසෙන්ස්ටීල් පවසූ පරිදි, ‘‘ඉස්තරම් සංවාද හමුවක දී පොදු උපකාරකයක් වන්නේ විෂය පිළිබඳ මනා දැනුමක් තිබීමයි. එමඟින් මාධ්‍යවේදියා සහ සම්භාෂකයා අතර සුහදතාවක් ගොඩනැඟෙයි.’’
  2. ඔබේ කථා පුවතෙහි උර ගා බලන තේමාව කුමක් ද? එකී තේමාව මේ සංවාදයට කොතරම් දුරට උචිත වේ ද? මේ ප‍්‍රශ්නවලට ඔබ පිළිතුරු දුන් විට, ඒ අනුව සාකච්ඡාවටඋචිත ප‍්‍රශ්න මාලාවක් කල් තියා සකස් කර ගන්න. එමඟින් සාකච්ඡාව අතරතුර දී ඔබට නිවී-සැනසිල්ලේ තටයුතු කිරීමට ඉඩ සැලසෙන්නේ කිසිදු වැදගත් කාරණයක් අත්හැරී නැති බව ඔබ ඒකාන්ත වශයෙන් දන්නා බැවිනි.

  3. ඔබ නඟන ප‍්‍රශ්න මැදහත් අයුරින් යුත් යෙදුම්වලින් පිළියෙල කරගන්න. මේ කථිකයා ගේ අදහස්  තහනමට ලක් කළ යුතු බවට ඔබ එකඟ වන්නේ නැද්ද? වශයෙන් නොවේ. හමාර කිරීම කැමති ආකාරයකට කළ හැකි පරිදි විවෘත ප‍්‍රශ්න නඟන්න. ‘‘පැරණි මෝටර් රථ කෙරෙහි ඔබේ ඇල්ම ගැන යමක් කියන්න.’’ වැනි යෙදුම් අතර, ‘‘ඔබේ වයස කීයද?’’ වැනි නියත පිළිතුරු ලබා ගත හැකි ප‍්‍රශ්න සමඟ මිශ‍්‍ර කර යොදන්න. මූලික තොරතුරු ලබාගැනීමට නියත ප‍්‍රශ්න උපයෝගි වේ. නිදහසේ හමාර කළ හැකි පිළිතුරු ලැබෙන ප‍්‍රශ්න මඟින් ඔබ අපේක්‍ෂා නොකළ තොරතුරු හෝ හැඟීම් පළ කිරීමට ඉඩ සැලසෙයි.

  4. ඔබ හැඳ-පැලඳ ගන්නේ කෙසේදැයි තීරණය කරන්න. නගරාධිපතිවරයා හමු වීමට යනවාට වඩා කි‍්‍රකට් කී‍්‍රඩකයකු මුණගැසීමට යන්නට ඔබ සැරසෙන්නේ වෙනස් ඇඳුම්-පැලඳුම්වලිනි. මගේ සම්භාෂකයා කෙසේ සැරසී සිටිනු ඇත් දැ යි ඔබෙන් ම ප‍්‍රශ්න කර බලන්න. ඔබේ ඇඳුමේ පැලඳුමේ නොගැළපෙන, දිදුළන හෝ මඩ සහිත හෝ කැරලිකාර පෙනුමක් ඇති වීම වළක්වා ගන්න.

  5. ඔබේ සම්භාෂකයා (සම්මුඛ සාකච්ඡුාවට බඳුන් වන්නා/දැනුමැතියා)  මුණගැසීමේ දී මේ කතාබහ සම්මුඛ සාකච්ඡාවක් නො ව පිළිවෙළකට ගොනු කරගත් නමුත් මිත‍්‍රශීලි සංවාදයක් විය යුතු බව සිතාගන්න. ස්ටඞීස් සර්කල් සංවාද කවය පැවසු පරිදි, ‘‘මේ ගවේෂණයේදී මුලදී ම මා වටහාගෙන තිබුණේ සාම්ප‍්‍රදායිකව පවත්වන සංවාදවලින් පලක් නොවන බවයි. ප‍්‍රශ්නෝත්තරමය සංවාදයක් පක්‍ෂවාදි වීම වැළැක්වීමේ අදහසක් මුදුන්පත් කර ගැනීමට ඉවහල් වුවත්, මිනිසුන් හා ගැහැනුන් විෂයෙහි ගවේෂණයකට නම් වැඩදායක නො වේ. එය හුදෙක් සංවාදයක් හා ඇහුම්කන් දීමක් පමණක් විය.’’

සංවාදය කෙරෙද්දී,

*ඔබේ සම්භාෂකගේ නෙත් දෙස යොමු වී බලා සිටින්න.

*ඔබේ පුටුවේ ඍජුව වාඩි වී සිටින්න.

*පිළිතුරක් ලැබෙන සැම විටක ම ඔබේ හිස නමා ප‍්‍රතිචාර දක්වන්න.

*පරෙස්සමෙන් ඇහුම්කන් දෙන්න.

*සිනා මුසු මුහුණින් පසුවන්න.

  1. මුලදී ම පුද්ගලයා සමඟ සුහදතාවක් ගොඩ නඟා ගන්න. ඔබේ සටහන් පොත හෝ පටිගතකරණය එළියට ගැනීමට පෙර සුළු වේලාවක් ගත කිරීමට ඔබට  ඕනෑ විය හැකි ය. මෙසේ මුණ ගැහෙන මොහොත/මේ අදියර සම්මුඛ සාකච්ඡාවේ ඉතිරි හරිය සිදු විය හැකි ආකාරය නිගමනය කෙරෙනු ඇත. දෙදෙනා ම පොදුවේ ඇලූම් කරන යමක් හෝ මිතුරෙක් ඔබට සිටිනවා ද?

  2. සම්භාෂක ගේ දෙනෙත් දෙස බලා සිටිමින් ඔහුට-ඇයට හොඳාකාර කන් දෙන්න. කියන දේ වටහාගන්න. ඔබේ පුටුවේ නෙත්තියේ වාඩි වී ඉදිරියට නැමී සිටින්න. මෙය වනාහි දැඩි ඇල්ම හා සාධනීය එළඹීමක් පිළිබිඹු කරන ඉරියව්වකි.

  3. පුද්ගලයා ගේ අංග චලනාත්මක බස, හැඟීම් නිරීක්‍ෂණය කර සටහන් කර ගන්න. එසේම ඇවතුම් පැවතුම්, ඇඳුම්-පැලඳුම්, ශාරීරික ලක්‍ෂණ (පෙනුම), කැපී පෙනෙන ගති ලක්‍ෂණ සහ අන්‍යයන් සමඟ ඇවතුම්-පැවතුම් ද නිරීක්‍ෂණය කර සටහන් කර ගන්න. එමඟින් ඔබේ පාඨකයා වෙත රචනාමය සිතුවමක් ඇඳ ඉදිරිපත් කිරීමටත්, වචනයෙන් නොපැවසූ යමක් එළිදරවුකිරීමටත්  හැකි වනු ඇත. වටාපිටාවේ පෙනෙන්නට ඇති දේවල් හා ශබ්ද පවා නිරීක්‍ෂණය කොට සටහන් කර ගන්න.

  4. සම්භාෂකයා කියන දෙයට සිත යොමු කරනවා විනා ඔබ ඊළඟට අහන්නට යන දේ ගැන නොසිතන්න. ඔබට අන්තිමට ලැබුණු පිළිතුර හරියට ඇසුණේ නම් ඔබේ ඊළඟ ප‍්‍රශ්නය වඩාත් හොඳ වනවා ඇත. විචාරාත්මකව සවන් දෙන්න. එසේ නැත හොත් සම්භාෂකට එය නැවත කියන්නැයි හෝ පැහැදිලි කරන්නැ යි කියා සිටින්න. කියවුණේ නැති දේ මොනවා දැ යි කන් දෙන්න. ඔබේ සම්භාෂක යම් මාතෘකාවක් මඟ හරින්න වෑයම් කරනවා ද? ඒ ගැනත් සිතන්න.

  5. බාධා කරන්න එපා. දිග ප‍්‍රශ්න අහන්නත් එපා.  ඕනෑවට වඩා කථා කරන්නත් එපා. සංවාදය පටන් ගැනීමේ දී  ඕනෑවට වඩා කලින් අභියෝග කරන්න පෙලඹෙන්නත් එපා. ඔබ එහි සිටින්නේ අදහස් උදහස්වලට සවන් දීමට මිස ඒවා කියා දීමට නො වේ. එතෙකුදු වුවත්, ඔබ යමක් පිළිබඳ එළිදරවු කළහොත් එමඟින් සහයෝගයක් ලබා ගැනීමට උපකාරවනවා ඇත. ඔබේ සිතිවිලි හෝ නිරීක්‍ෂණ ඉදිරිපත් කරන්න. එහෙත් ඒවා ‘යන්තමින් ලාවට ඉසීමක්’ විය යුතු ය.

  6. ඔබේ කායික හා මානසික විලාසයන් පාලනය කර ගන්න. ඔහු හෝ ඔහු ගේ මත ඔබ අනුමත නොකරන්නේ ය යි ඔබේ සම්භාෂකයාට ඉව වැටුණ හොත් සංවාද හමුව බිඳ වැටෙනු ඇත. සම්භාෂකහට ඔබට තම නිවෙස, කාර්යාලය, කම්හල, ගෙඋයන ආදිය නැරඹීමේ චාරිකාවකට ඇරියුම් කිරීමට  ඕනෑ වුවහොත් එය පිළිගෙන ඔබට දක්නට ලැබෙන ඒවා සටහන් කරගන්න.

  7. පහසු ප‍්‍රශ්නවලින් පටන් ගන්න. ජීවන තොරතුරු හෝ සිද්ධියක් පිළිබඳ සැකෙවින්, ඔබ පිළියෙල කරගත් ප‍්‍රශ්නාවලියෙන් නිතර නිතර විපරම් කරන්න. ‘රෝලිං ස්ටෝන්’ පුවත් පතේ හිටපු කතුවරයකු වන ඇන්තනි ද කර්ටිස් පැවසු පරිදි, ‘‘මුණගැසී සංවාද පැවැත්වීම දිගින් දිගට කතා කිරීමේ යෙදීමකි. එහෙත්, සම්මුඛ සාකච්ඡාවේ   මඟ පෙන්වීම ඔබ අතින් ඉටු විය යුතු ය. ඔබට සම්පත්දායකයාගෙන් ඕනෑ මොනවාදැයි දැනගත යුතු ඔබ, ඒවා ලබා ගැනීමට වෑයම් කළ යුතු ය.’’

  8. පාත‍්‍ර වන්නා සංවාදය නොසිතූ අතකට ගෙන ගිය හොත්, ඔහු -ඇය යන මඟ ඔබ යා යුතු ය. එහෙත් සම්මුඛ සාකච්ඡුාව (සංවාදය) මෙහෙයවන්නා ඔබ වග මතක තබා ගන්න. ඔබේ ඉලක්කය සපුරා ගැනීම නියතනය කර ගැනීම උදෙසා අවශ්‍ය නම් එම අධිෂ්ඨානයේ පිහිටා සිටින්න. පැයකට පසුව හමාර කරන්න. හොඳම කරුණු මතු වී ගෙන එන්නේ ඇතැම් විට හමාර වූ මොහොතේදී ය. එහි දී සම්භාෂක දුන් සහයෝගය විෂයයෙහි ඔහුට-ඇයට ස්තුති කරන්න. මතු මත්තෙහි දී විය යුත්තේ කුමක් දැ යි මතක ඇතිව අසන්න.

  9. නිරවද්‍යතාව ඔබේ ඉලක්කය විය යුතු ය. ඔබේ උපුටා ගැනීම හරියට ම නිවැරදි බවට වග බලා ගන්න. නිවැරදි ලෙස අකුරු විමසා යොදා ගන්න. ඔබ නොදන්නා දෙයක් දන්නා බවක් අඟවන්න එපා. ඔහු ප‍්‍රකාශ කළ වැදගත් කාරණා ඔහු වෙනුවෙන් සම්පිණ්ඩනය ඔබ ම කර දෙන්න. නිදසුනක් වශයෙන් ‘‘ඔබ කී දේ මට වැටහුණා දැ යි අපි බලමු’’ යනුවෙන් පවසන්න.

  10. කරුණු පිළිබඳ නිරවද්‍යතාව විපරම් කර බැලීම සඳහා පසුව කතා කරන බව සම්භාෂකට දන්වන්න.   එසේ කතා කළ යුත්තේ කතා පුවත නිම කරමින් තිබෙන තරම් අවස්ථාවේ දී ය. එය දෙවන සංවාද හමුවක් සේ යොදා ගන්න. ඔබට නොවැටහුණු පැති පිළිබඳ විපරම් කරන්න. නැත හොත් මුල් සංවාද හමුවේ දී ආවරණය නොවූ කථා පුවතේ කොටසක් විය යුතු පැති පිළිබඳ යළිත් විපරම් කරන්න.

  11. කථා පුවත වෙනුවෙන් අවශ්‍ය ම නම් හා ඒ සඳහා කාලය මිඩංගු කළ හැකි නම් සංවාදය පටිගත කර ගන්න. මෙය විශේෂ පෙනුමක් ද? ඔබේ සම්භාෂකයා ගේ කථා විලාසයේ විශේෂ පෙනුමක් තිබේ ද? මෙය මතභේදාත්මක මාතෘකාවක් ද? සංවාදය කෙරෙද්දී පටිගතකරණයක් පෙනෙන්නට තිබීම, සංවාදය බොඳ වීමක් ඇති කිරීමට හේතුවෙයි ද? රෙකෝඩරයක් භාවිත කරන්නට අදහස් කරන්නේ නම්, සම්භාෂක ගෙන් ඒ සඳහා අනුමැතිය ඉල්ලා සිටින්න. එය පසෙකට හරවා තැබිය යුතු වුවත්, පෙනෙන තැනක තැබිය යුතු ය. හොඳ බැටරිවලින් යුක්ත මනාව කි‍්‍රයාත්මක වන පටිගතකරණයක් යොදා ගන්නා බවට වග බලා ගන්න. ඔබේ සුපුරුදු සටහන් ලියා ගැනීමට ආධාරක රුකුලක් වශයෙන් පමණක් එය උපයෝගී කර ගන්න.

  12. සංවාදය ‘‘පටිගත වී ඇතැ’’යි සිතාගන්න. සම්භාෂකයා එහි ඇතුළත් වූ කොටසක් ඉවත් කළ යුතු යයි කියා සිටිය හොත්, ඔහු / ඇය වෙත කරුණු පහදා දී එය තිබෙන්නට හැරීමට එකඟ කරවා ගන්න. එය අසාර්ථක වුව හොත්, ඔබත් සම්භාෂකයාත් මූලික රීති අවබෝධ කර ගෙන තිබේ දැයි වටහා ගැනීමට වග බලා ගන්න. ‘‘වාර්තා ගත නොවිය යුතු ය.’’ යන්නෙන් අදහස් වනුයේ ඔබට එය භාවිත කළ හැකි නමුත් ඊට සම්භාෂක ගේ නම යෙදීම නොකළ යුතු ය යන්න ද? වෙනත් අයකු වෙත එළඹ ඒ තොරතුර ම වාර්තා ගත කර ගැනීමේ හැකියාව තිබේ ද? නැතහොත් ‘‘වාර්තාගත නොකළ යුතු ය’’ යන්නෙන් අදහස් වනුයේ ඔහු ගේ නම ඊට සම්බන්ධ නොකළ විට පවා එම තොරතුරු භාවිත නොකළ හැකි බව ද? එසේ නම් ඒ තොරතුරු ලබා ගැනීමට වෙනත් අයකු වෙත යා නොහැකි බව ද?

  13. ඔබේ කථා පුවත උදෙසා ඔබේ සම්භාෂක ගේ ඍජු ප‍්‍රකාශ උපුටා දැක්වීම අත්‍යවශ්‍ය ය. ඔබ ලියාගෙන යන පුද්ගලයා කියන දේ ඔබේ පාඨකයනට ‘‘ඇසෙන්නට සලස්වයි.’’ සැබවින් ම සිදු වූ යමක් ලෝකයා හමුවේ හුදෙක් ඉදිරිපත් කරන වාර්තාකරුවා වන ඔබ විෂය මූලික ව එසේ කරන්නේ ය යන හැඟීම ද ඒවා මඟින් ඇති කෙරේ. එහෙත් ඒ උපුටා ගැනීම් සියයට සියයක් ම නිවැරදි වීම අවශ්‍ය ය. උපුටාගත් පාඨයේ සැම වචනයක් ම පිළිබඳ ඔබට ඒකාන්ත විශ්වාසයක් නැත්නම් පෙරළි කොමා ලකුණු ඉවත් කොට එහි අන්තර්ගතය වෙනත් වචනවලින් ලියන්න. උපුටාගත් පාඨයක ව්‍යාකරණ දෝෂ ‘‘ඉවත් කිරීමට’’ ඔබට එහිදී අවසර තිබේ.

  14. උපුටා ගැනීමෙන් සම්මුඛ සාකච්ඡාවේ දී සම්භාෂක පෙන්නුම් කිරීමක් සිදු වන බවට වග බලා ගන්න. අන්තර්ගත කරුණු අපි‍්‍රයකර නම්, ඍජු ලෙස උපුටා ගැනීම් යොදා නොගන්න. තොරතුර සත්‍ය නම්, එසේම නිසැක නම් නැතහොත් උපුටා ගැනීම නොපැහැදිලි නම් එය යොදා නොගන්න. උපුටා දැක්වීම මඟින් කථා පුවත ඉදිරියට ගෙන යෑමට මිස ඊට ඉහතින් කියැවුණු කරුණු නැවත කියා පෑමක් නොවන තැනට වගබලා ගන්න.

  15. සම්මුඛ සාකච්ඡා පැවැත්වීම පිළිබඳ බොහෝ විට ලබා දෙන අවවාදය විනෝදජනක කී‍්‍රඩාවක යෙදෙනවා වැනි ය යන්න යි. ඔබට  ඕනෑ කරන යමක් ඔවුන් සතුව තිබෙනවා. ඔවුන් එය ඔබට දෙන්නේ නැහැ. ‘‘ඔවුන් සංසිඳවා’’, ‘‘ඔවුන් තුළ පහසු බව පිහිටුවා’’, ‘‘පහසු ප‍්‍රශ්න නැඟීම ඔස්සේ අසීරු ප‍්‍රශ්න කරා මෙහෙයවීමයි.’‘  පිළිතුරක් වශයෙන් නැහැ බැහැ භාර ගන්න එපා, මෙයින් පැහැදිලි වනුයේ ඔබට වාර්තා කිරීමට හැකියාව පවත්නා යථාර්ථයන් කිහිපයක් ම පවත්නා බව යි. හොඳ වාර්තාකරුවෙක් එක්තරා මට්ටමකින් වාර්තා කරයි. ශ්‍රේෂ්ඨ වාර්තාකරුවෙක් තවත් මට්ටමකින් එනම්,’’ නියම යථාර්ථය’’ වශයෙන් හඳුන්වන තැනට සමීප ව වාර්තා කරයි.’‘

  16. ඔබේ සම්භාෂකයා දන්නා කැරණු, කීමට කැමති කරුණු හා ඔබට වාර්තා කිරීමට ඉඩ දෙන කරුණු හඳුනා ගන්න. ‘‘වාර්තා කළ හැකි යථාර්ථය’’ එය යි. පාත‍්‍ර වන්නා දන්නා තවත් යථාර්ථයක්, ඔබට කියන්නට කැමති නමුත් එය වාර්තා කරන්නට ඉඩ නොදෙ යි. ‘‘පෞද්ගලික යථාර්ථය’’ නමින් හැඳින්වෙන්නේ මෙය යි. සම්භාෂක දන්නා තුන්වෙනි යථාර්ථයක් ද පවතී. එහෙත් එය ඔබට නොකියනවා පමණක් නො ව, එය වාර්තා කරනවාට එතරම් වත් ඉඩ දෙන්නේත් නැත. සකලවිධ නෛතික හා ආචාර ධර්ම මාර්ග උපයෝගි කරගනිමින් මේ ‘‘නියම සැබෑ යථාර්ථය’’ අනාවරණය කිරීමට වෑයම් කර එය වාර්තා කරන්න. මාධ්‍යවේදය යනු යම් කෙනෙක් එය මුද්‍රණය කරනවාට අකමැති කාරණය යි. ඉන් පරිබාහිර සියල්ල ප‍්‍රසිද්ධිය වෙනුවෙනුයි.

 

-මෙත්ලාල් වීරසූරිය

Leave a Reply