Home SLPI News ජනමාධ්‍යවේදීන් සඳහා පරිගණක භාවිතා කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පිහිටුවේ

ජනමාධ්‍යවේදීන් සඳහා පරිගණක භාවිතා කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පිහිටුවේ

බීබීසී ගුවන්විදුලියේ හිටපු මාධ්‍යවේදී දිවංගත එල්මෝ ප්‍රනාන්දු මහතා අනුස්මරණය කරමින් ඒ මහතාගේ පුත් රංගන ප්‍රනාන්දු මහතා විසින් ජනමාධ්‍යවේදීන්ගේ පරිහරණය සදහා පසුගිය 17 (මැයි 17) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට පරිගණක දෙකක් පරිත්‍යාග කෙරිණි. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමධ්‍යය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හා දිවංගත එල්මෝ ප්‍රනාන්දු මහතාගේ පුත් රංගන ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, කුමාර් ලෝපේස් මහතා හට පරිගණක ලබා දුන් අවස්ථාව (ඡායාරූපය – අකිල ජයවර්ධන )

මෙය ‘හොට් අංශය’ යන සංකල්පය ඔස්සේ ජනමාධ්‍යවේදීන් හට තොරතුරු වාර්තා සහ පර්යේෂණ සඳහා පරිගණක හා අන්තර්ජාල පහසුකම් සහිත ස්ථානයක් ලෙස ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ Wi-Fi කලාපයක් ලෙස සක්‍රිය කර ඇත. ජනමාධ්‍ය විද්‍යාලයීය සිසුන් හා මාධ්‍ය ප්‍රජාව වැඩි වශයෙන් ගැවසෙන මෙවැනි ස්ථානයක් තුළ මෙවැනි පහසුකමක් ලබාදීම පිළිබද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, කුමාර් ලෝපෙස් මහතා කෘතඥ විය. නො. 96, කිරුළ පාර, කොළඹ 05, යන ස්ථානයේ පිහිටා ඇති ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී ජනමාධ්‍යවේදීන් තම මාධ්‍ය කාඩ් ඉදිරිපත් කිරීම මගින් මෙම පහසුකම ලබාගත හැකිය.

පරිගණක පරිත්‍යාගයට සමගාමිව දිවංගත එල්මෝ ප්‍රනාන්දු චරිතාප්‍රදානය සහිත පොතක් එළිදැක්වීමද සිදු විය. එය විජිත් කුමාර් සේනාරත්න සම්පාදනය කළ “එල්මෝ ප්රානාන්දු කොළඹ සිට…” නම් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Know your Parliament – North Central Province Workshop –  Anuradhapura

Know your Parliament Youth workshop series on understanding the role of the parliament North Central Province Workshop -  Anuradhapura The third workshop of the "Know Your Parliament"...

Press Club Event – “The India Story: Reform | Perform | Transform”

The Sri Lanka Press Institute (SLPI) hosted the High Commissioner of India to Sri Lanka, H. E. Santhosh Jha on the topic "The India...

Journalism in the Age of Disinformation: The Truth Toolkit for Journalists – Kegalla District Workshop

The Sri Lanka Press Institute is conducting a series of workshops for journalists and media professionals on 'Journalism in the Age of Disinformation: The...

Advanced data journalism training

The advanced data journalism training was successfully concluded with renowned expert Ms. Gurman Bhatia, Award-winning Data Journalist and Director of Revisual Labs, sharing her...

Recent Comments