තොරතුරු අයිතිය හා ජනමාධ්‍ය කාර්යභාරය – දෙවන කොටස

මේ පසුබිම සිහිපත් කිරීම වැදගත් වූයේ, ශ්රී ලංකාවේ තොරතුරු අයිතිය අර්ථවත් කිරීම හා එය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ජනමාධ් ක්ෂේත්රයට විශේෂ වගකීමක් ඇති බව අවධාරණය කරනු පිණිසය. මන්දයත් ඉන්දියාවේදී මෙන් තොරතුරු අයිතිය ඉල්ලා සිටි හා එය තමන් විසින් දැඩි පරිශ්රමයකින් යුතුව දිනාගත් අයිතිවාසිකමක් ලෙස සලකන, එයින් වැඩ ගැනීමට හා එය ආරක්ෂා කිරීමට කැප වුණ පුරවැසි සමාජයක් ලංකාවේ නොමැති බැවිනි. පුරවැසි සමාජයට එය ඉල්ලාසිටීමකින් තොරව ලැබුණු වරප්රසාදයකි. එහි වටිනාකම පිළිබඳ අවබෝධයක් ඇත්තේ ඉතා සුළු පිරිසකට බව, පසුගිය සිව් වසර තුළ විවිධ ආයතනවලට යොමු වූ තොරතුරු ඉල්ලීම් සංඛ්යාත්මකව විමසා බලන විට පැහැදිලි වෙයි. ගුණාත්මකව සැලකුවද පිළිබඳ ලැබෙන චිත්රය සතුටුදායක නැත. එබැවින් තොරතුරු අයිතිය පිළිබඳ ජන සමාජය දැනුවත් කිරීමේ මෙන්ම, එය අර්ථවත් ලෙස භාවිතයට ගැනීම පිළිබඳව සමාජයට ආදර්ශ සැපයීමද ජනමාධ්යවල හා සිවිල් සමාජ සංවිධානවලට පැවරෙන භාරධූර වගකීමකි.

එමෙන්ම තොරතුරු අයිතිය පොදු අධිකාරිවලට සහ නිලධාරීන්ට සතුරු වූවක් නොව ඇගැයීමට හේතු වන්නක් බවට ආකල්ප වෙනසක් ඇති කිරීමටද ඉහත පාර්ශ්ව දෙකට දායක විය හැකිය. එනම් තොරතුරු දීමට නොව නොදී සිටීමට දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු වූ රාජ් සේවාව තුළ තොරතුරු දීමේ සංස්කෘතියක් ගොඩනැගීමට දායක වීමයි. ඉතා සරල තොරතුරු ඉල්ලීම්වල සිට වඩාත් සංකීර්ණ හා ලෙහෙසියෙන් ලබාගත නොහැකි තොරතුරු දක්වා පුළුල් පරාසයක ඉල්ලීම් ඉදිරිපත් කිරීමත්, ආයතන මට්ටමින් තොරතුරු ලබාදීම ප්රතික්ෂේප වන අවස්ථාවලදී අභියාචනා කිරීමේ අවස්ථාව ප්රයෝජනයට ගනිමින් එම තීරණවලට අභියෝග කිරීමත් එයින් අදහස් වෙයි. තොරතුරු අයිතිය පුරවැසියා සතු බලවත් අයිතියක් ලෙස තහවුරු වන්නේ අදාළ පනතේ වගන්තිවල ශක්තිය මත පමණක් නොවේ. එය භාවිතයට ගැනීම පිළිබඳ ප්රබල පූර්වාදර්ශ සැපයීමද සඳහා වැදගත් වෙයි. උදාහරණයක් ලෙස ශ්රී ලංකාවේ මූලික අයිතිවාසිකම් ක්ෂේත්රය වඩාත් පුළුල් හා ශක්තිමත් එකක් බවට පත් කිරීමට, හුදු තනි පුරවැසියන් විසින් එය භාවිතයට ගත් පරිධියෙන් ඔබ්බට යමින් සිවිල් සමාජ සංවිධාන විසින් කරන ලද උරගාබැලීම් හේතු විය. තොරතුරු අයිතිය සම්බන්ධයෙන්ද මාධ් හා සිවිල් සංවිධාන සතු කාර්යභාරය එවැන්නකි.

එසේ වුවද තොරතුරු අයිතිය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම මාධ් හා සිවිල් සංවිධානවලට පමණක් කළ හැක්කක් නොවේ. නීතිමය වශයෙන් ජනසතු වී ඇති එම අයිතිය ප්රායෝගික වශයෙන් හා ස්ථිරසාර ලෙස ජනසතු කිරීම සඳහා අතරමැදි කාර්යභාරයක්ද ඔවුන් වෙත පැවරේ. තොරතුරු අයිතිය පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීම, තම පෞද්ගලික ජීවිතයට හා ප්රජාවට සම්බන්ධ ගැටලුවලදී තොරතුරු අයිතිය භාවිත කිරීමට ඔවුන් දිරිගැන්වීම හා මඟපෙන්වීම, ඉන් ඔබ්බට ගොස් පුරවැසි මාධ්යකරණය සඳහා ඔවුන් පෙළඹවීම, තොරතුරු අයිතිය භාවිත කරමින් පොදු ජනයා විසින් අත් කරගනු ලබන ජයග්රහණ සඳහා මාධ්යවල වේදිකාවක් සැපයීම, එවැනි පොදු අරමුණු වෙනුවෙන් තොරතුරු අයිතිය යොදාගන්නා පුරවැසි ක්රියාකාරිකයන් බලගැන්වීම ආදී බොහෝ කටයුතු වෙනුවෙන් කළ හැකිය. දැනටමත් සිවිල් සංවිධාන හා මාධ්යවලින් මීට සමාන ක්රියාකාරකම් සිදු වන නමුත් සමාජයේ අවශ්යතාව සමඟ සසඳා බලන විට එම මැදිහත්වීම් ඉතා අල්ප බව පෙනේ.

සිව්වසක ශේෂපත්රය

ඉකුත් සිව් වසරකට ආසන්න කාලය තුළ ලංකාවේ මාධ්යවේදීන්ගේ RTI භාවිතය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පෙනී යන ප්‍රමුඛ කරුණක් නම්, එම මෙවලම භාවිතයට ගන්නා මාධ්යවේදීන් ගණනින් ඉතා සුළු පිරිසක් බවයි. එහෙත් සරල තොරතුරු ඉල්ලීමක් පදනම් කර ගෙන සිදු කරන පුවත් වාර්තාකරණයේ සිට දීර්ඝ කාලයක් ගත කොට තොරතුරු අයදුම්පත් සිය ගණනක් විවිධ ආයතනවලට යොමු කරමින්, ඇතැම් විට දිග්ගැසුණු අභියාචනා ක්රියාවලියක් ඔස්සේ ලබාගත් තොරතුරු විශ්ලේෂණය කොට ලියන පර්යේෂණාත්මක ලිපි දක්වා පුළුල් පරාසයක විහිදුණු පරිශ්රමයන් ඔවුන්ගේ භාවිතය තුළ දැකගත හැකිය. තොරතුරු ලබා දීම ප්‍රතික්ශේප කරන අවස්ථාවලදී පරිශ්‍රමය අත් නොහැර තොරතුරු කොමිසමට අභියාචනා ඉදිරිපත් කිරීම ඔස්සේ තොරතුරු අයිතිය සම්බන්ධ සංකීර්ණ අවස්ථා නිර්මාණය කරමින් එම අයිතිය පුළුල් කිරීමට ඔවුන් ලබා දෙන දායකත්වය වැදගත්ය. දෙමළ භාෂාවෙන් තොරතුරු ඉල්ලා සිටින මාධ්යවේදීන්, රාජ් භාෂා ප්රතිපත්තිය සම්බන්ධයෙන් වන ප්රායෝගික තත්ත්වය කෙරෙහි ප්රබල අවධානයක් යොමු කිරීමට සමත්ව තිබේ.

මාධ්යවේදීන් මුහුණදෙන අභියෝග

ඉහතින් සඳහන් කළ පරිදි මාධ්යකරණයේ මෙවලමක් ලෙස මේ දක්වා තොරතුරු අයිතිය භාවිතයට ගෙන ඇත්තේ මාධ්යවේදීන් ඉතා සුළු පිරිසකි. එම පිරිසගේ නැඹුරුවටද වඩාත් හේතු වී ඇත්තේ මාධ් ආයතනවල පැවරුම් හෝ පෙළඹවීම් නොව අදාළ මාධ්යවේදීන්ගේ පෞද්ගලික උනන්දුවයි. ඇතැම් මාධ් ආයතන එකී උත්සාහයන් වත් දිරිගන්වන ප්රතිචාරයක් පළ නොකිරීම කනගාටුදායක තත්ත්වයකි. සිය මාධ්යවල පුවත් අන්තර්ගතයෙහි ගුණාත්මකබව ඉහළනැංවීමට උවමනාවක් නැතිකම (මාධ් ආචාරධර්ම සම්බන්ධ ගැටලුවද හා බැඳී පවතී) මෙහිදීද කැපී පෙනෙන හේතුවයි. අතින් වියදම් කරගෙන කළ වෙහෙසකර ගවේෂණ සඳහා වුවද ප්රමාණවත් සැලකිල්ලක් හා වටිනාකමක් ලබා නොදීම පිළිබඳ කනගාටුදායක උදාහරණද තිබේ. තොරතුරු අයිතිය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමට හා පිළිබඳව මාධ්යවේදීන් පුහුණු කිරීමටත්, තොරතුරු අයිතිය භාවිතයට ගෙන වාර්තාකරණයේ නිරත වීමට ඔවුන් දිරිගැන්වීමටත් විවිධ මාධ් සංවිධාන හා සිවිල් සමාජ සංවිධාන කටයුතු කරයි. මේ හේතුවෙන් RTI යනු රාජ් නොවන සංවිධානවලින් ආධාරලබන ව්යාපෘතියක් ලෙස සලකා මාධ් ආයතනවලින් වෙනස්කම්වලට ලක් කිරීම පිළිබඳවද ඇතැම් මාධ්යවේදීන්ට අත්දැකීම් තිබේ. මෑතකදී දැනගන්නට ලැබුණු තවත් කනගාටුදායක තොරතුරක් නම්, RTI යනු පසුගිය ආණ්ඩුවේ ව්යාපෘතියක් ලෙස සලකමින් ඇතැම් රාජ් හා ආණ්ඩු පක්ෂයට සහාය දෙන මාධ් RTI වාර්තාකරණය අධෛර්යමත් කරන බවයි. මේ සියලු අභියෝග පිළිබඳව විවෘතව සංවාදයට ලක් කිරීම, තොරතුරු අයිතිය ආරක්ෂා කිරීමට හා පුරවැසියන් කෙරෙහි වඩාත් නැඹුරු කිරීමට හේතු වනු ඇත.

 

Leave a Reply