තොරතුරු අයිතිය හා ජනමාධ්‍ය කාර්යභාරය – පළමු කොටස

නිවැරදි තොරතුරු නොලබන ජාතියක් කෙදිනක හෝ අනුන්ගේ වහලුන් බවට පත් වේ යැයි හැරල්ඩ් ලැස්කි කියා ඇත. එනයින් තොරතුරු අයිතිය යනු වහල්භාවයෙන් අත්මිදීමේ යතුරය. මේ යතුර, මෑතක් වන තුරුම දොරටු සතකින් එපිට කුටියක, මංජුසාවක ලා අගුළු දමා තිබිණි. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් එම යතුර ජනසතු කරන ලදි. දැන් ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට මේ යතුර ගෙන, මෙතෙක් සාමාන්‍ය ජනයාට අත පෙවීමට තහනම්ව තිබුණු රහස් සේප්පු විවර කොට ඒවායේ තැන්පත් කොට තිබෙන්නේ මොනවාදැයි හාරා අවුස්සා බැලිය හැකිය. සැඟවුණු දේවල් සෙවීම වෘත්තිය කොටගත් මාධ්යවේදීන්ට මෙය අනගි වරප්රසාදයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පනත ක්රියාත්මක වීම ආරම්භ වුණු 2017 පෙබරවාරි 03 වැනිදා සිට මේ දක්වා ගත වුණු සිව් වසරකට ආසන්න කාලය මුළුල්ලේ, ලංකාවේ ජනමාධ්යවේදීන් විවිධ අරමුණු උදෙසා එම යතුර භාවිත කර තිබේ. අවස්ථා ගණනින් එතරම් විශාල නොවූවද තොරතුරු අයිතිය මෙවලමක් ලෙස භාවිත කරන මාධ් සම්ප්රදායක් හා ඊට විශේෂ උනන්දුවක් දක්වන මාධ්යවේදීන් කණ්ඩායමක් ක්රමිකව ගොඩනැගෙමින් තිබේ. තොරතුරු අයිතිය තහවුරු කිරීම හා පුළුල් කිරීම පිණිසත්, එහි භාවිතය පිළිබඳ පූර්වාදර්ශ සම්පාදනය පිණිසත් ඔවුන්ගෙන් ඉටු වන කාර්යභාරය ඉතා වැදගත්ය

අසල්වැසියන් අතර අපි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ලෝකයට අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් ආසියානු කලාපය දෙස බැලුවද ලංකාව සිටියේ බොහෝ පසුපසිනි. අසල්වැසි ඉන්දියාව සම්බන්ධයෙන් ඉදිරිගාමී තැනක සිටියේය. බොහෝ රටවල්වල තොරතුරු අයිතිය දිනාගැනීමේ අවශ්යතාව පැන නැඟුණේ පුරවැසියන් අතරිනි. ඉන්දියාවේ තොරතුරු අයිතිය උදෙසා සමාජයේ පහළම ස්ථර අතර දැවැන්ත උද්ඝෝෂණ පැන නැගිණි. ඊට සමාන්තරව සමාජ සංවිධාන, ප්රජා නායකයින්, වෘත්තීයවේදීන් හා ජනමාධ් ආදී ක්ෂේත්රවල සම්බන්ධ ප්රබල අරගලයක් විය. ඉන්දියාවේ තොරතුරු අයිතිය ලැබුණේ, තොරතුරු ඉල්ලමින් කලක පටන් උද්ඝෝෂණය කළ ජනයාටය. තොරතුරු අයිතිය නැතිව පවා ඔවුහු දූෂිත ආයතන වටලා, දින ගණන් වාඩි ලාගෙන උද්ඝෝෂණය කර තොරතුරු ලබාගත්හ.

එහෙත් ලංකාවේ අත්දැකීම මීට වෙනස්ය. තොරතුරු අයිතිය සාමාන් ජනයා අතර හෝ සිවිල් සංවිධානවල සටන්පාඨයක් වූයේ නැත. එමෙන්ම 1987 පළාත් පාලන පනත වැනි අණ පනත්වලින් රාජ් පාලනය සඳහා පුරවැසියන්ට මැදිහත්වීමට සලසා ඇති සීමිත අවස්ථාවන් පවා උරගා බලන සංස්කෘතියක් ගොඩනැඟුණේද නැත. ඊට පරස්පරව සමූපකාර සමිති වැනි මුළුමනින්ම පුරවැසි පාලනය යටතේ පවතින ආයතන පවා දැඩි ලෙස පක්ෂ දේශපාලනයට නතු වීම සිදු විය. පුරවැසියන්ට තොරතුරු අයිතිවාසිකම නොමැති නමුත් මහජනතාව විසින් පත් කර යවනු ලබන නියෝජිතයන්ට එම අයිතිය තිබිණි. පාර්ලිමේන්තුවේදී අදාළ විෂය භාර ඇමතිවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් ප්රශ්න ඉදිරිපත් කිරීම තොරතුරු ලබාගැනීම සඳහා තිබූ ප්රබලම මෙවලම වූ නමුත් මන්ත්රීවරුන් එය භාවිත කිරීම ඉතා සීමිත විය. ඔවුන් පත් කර යවන පුරවැසියන්ගෙන් හෝ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ පෙනීසිටින සිවිල් සමාජයෙන් සඳහා පෙළඹවීමක්ද නොවිණි.

මතුමහලේ අරගලයක්

ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කතිකාවත ආරම්භ වන්නේ ජනමාධ් සමාජය ප්රමුඛ, ආණ්ඩුක්රම ප්රතිසංස්කරණ පිළිබඳව උනන්දුවක් දක්වන සිවිල් සමාජයෙනි. එයද සංවිධාන කිහිපයක් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීමක් බව කීම අල්පෝක්තියක් නොවේ. ජනමාධ් සමාජය ගත් විට එම කතිකාවත 1998 ‘මාධ් නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්රකාශනයටපදනම් වූ නිදහස් මාධ් ව්යාපාරය ප්රමුඛ සංවිධාන කිහිපයට සීමා වූවකි. තොරතුරු අයිතිය පිළිබඳ ඉල්ලීමක් පළමුවරට ඇතුළත් වූයේ 1994දී චන්ද්රිකා කුමාරතුංග ආණ්ඩුවට නිදහස් මාධ් ව්යාපාරය විසින් ඉදිරිපත් කළ මාධ් ප්රතිසංස්කරණ පිළිබඳ යෝජනාවලටය.

ලංකාවේ තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ කෙටුම්පතක් මුල් වරට සකස් කෙරුණේ 2003 වසරේදීය. අගමැති රනිල් වික්රමසිංහ විසින් පත් කරන ලද ජ්යෙෂ්ඨ සිවිල් සේවකයින්, නීතිඥවරුන්, පුවත්පත් කතුවරුන්, ක්රියාකාරිකයන් හා විද්වතුන්ගෙන් සමන්විත එම කමිටුව විසින් සකස් කෙරුණු කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වුවද එය පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ නැත. පසුව කරු ජයසූරිය මන්ත්රීවරයා විසින් පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ලැබූ නමුත් එවරද සම්මත නොවීය. පසුව 2015 වසරේදී වඩාත් දියුණු ආකාරයේ පනතක් සකස් කිරීමට පදනම් වූයේද 2003දී සකස් කෙරුණු එම කෙටුම්පතයි. සන්ධාන රජය සිය ප්රකාශිත න්යායපත්රයෙන් පිට පැනීමට පෙර වසරක් ඇතුළත එය සම්මත කරගෙන 2017 පෙබරවාරි 03 වැනිදා වන විට එය ක්රියාත්මක තලයට ගෙන ඒමට හැකි වූයේ කල්තියා සකස් වූ එබඳු කෙටුම්පතක් තිබූ නිසාය. එසේ නොමැති වූයේ නම්, සන්ධාන ආණ්ඩුවේ ව්යවස්ථා සම්පාදන ක්රියාවලියට අත් වූ ඉරණමම තොරතුරු පනතටද අත් වීමට ඉඩ තිබිණි.

 

 

Leave a Reply