Home RTI තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුරේදී

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුරේදී

0
තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුරේදී
වැඩමුළුවට සහභාගී වූ මාධ්‍යවේදින්

ගැසට් පත්‍රය මගින් සක්‍රියව ක්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුරේදී අද (16) දින හැපී ලියෝනි හි දී සාර්ථක අන්දමින් නිමා විය. ලෝකයේ තෙවන ස්ථානයට පත්ව තිබෙන්නා වූ මේ අපුර්ව පනත ක්‍රියාත්මක වී මසකට වඩා කල් ගත වුවද මෙය ලාංකේය සමාජයේ නිසි අයුරින් ක්‍රියාත්මක වන බවක් දක්නට නොමැත. ඉතා ප්‍රබල රටවල පවා මෙම පනත නිසි ආකාරයට ක්‍රියාත්මක වීමට කලක් ගත වූ බැවින් මෙරටද මෙය සාර්ථක කර ගැනීමේ වගකීම පුරවැසියාට හිමි වන බව මෙහිදී වඩාත් අවධාරණය වූ කරුණකි.

මෙම වැඩමුළුව සිංහල මාධ්‍යයෙන් පැවැත්වුණු අතර මේ සදහා වවුනිය සහ අනුරාධපුර ජනමාධ්‍යවේදීන් මහත් උනන්දුවකින් යුතුව  සහභාගී වූ අතර ඔවුන් කියා සිටියේ විවිධ වූ පනත් අතර මෙය ඉතාමත් වටිනා පනතක් බවයි. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනරච්ච්චි මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අංශයේ සම්බන්ධිකාරක,නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි.

ජනමාධ්‍යවේදීන් ඉතාමත් උද්යෝගිමත්ව මේ සදහා සහභාගී වූ අතර මෙම පනතට ප්‍රකාරව  තොරතුරු ලබා ගැනීමේදී මුහුණ දුන් ප්‍රයෝගික ගැටළු පිළිබද සාකච්ඡා කරමින් ඒ පිළිබද විවිධ උපදෙස් සහ විසදුම් ලබා ගනිමින් වැඩමුළුව සදහා සක්‍රිය දායකත්වයක් ලබා දෙන්නට විය.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා
නිතීඥ/ මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය
නිතීඥ/ මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here