ප්‍රකාශනයේ නිදහස සහ 800 පිටුපස කතාවක්

800 යනු දමිළ සිනමාවේ නව හැරවුම් ලක්ෂයක් තබන්නට තරම් බලපෑමක් කල හැකි සිනමාපටයක් සේම ක්‍රිකට් ක්‍රිඩාවට බොහෝ ඇලුම් කරන ලෝකය පුරාම වෙසෙන ක්‍රිකට් ලෝලීන් ඉතා උනන්දුවෙන් බලා සිටි සිනමාපටයක් බව අප බොහෝ දෙනෙක් දැනටමත් දන්නෙමු. මක්නිසාද යත් එම සිනමාපටය තුළින් ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වීමට සැලසුම් කල එකක් වීමයි. “800 පිටුපස කතාවක්” මුලින්ම ආරම්භ වන්නේ මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය වන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය සඳහා විජේ සේදුපති රඟපාන බව අවුරුදු දෙකකට පමණ පෙර සමාජ මාධ්‍ය ජාලා වල පැතිරීමත් සමඟ වූවත් පසුගිය ඔක්තෝබර් 13 වෙනිදා මෙහි පෝස්ටරය එළි දැක්වීමත් සමඟ වැඩි උණුසුමක් සමඟම එය ව්‍යාප්ත වනු දක්නට ලැබිණ. මුලින්ම #ShameOnVijeySethupathi ලෙස ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළින් ආරම්භ වූ විරෝධතා රැළිය අනෙක් සමාජ මාධ්‍ය ජාලා වලටත් ව්‍යාප්ත විය. මෙම 800 පිටුපස කතාව අනෙකක් නොව, වර්තමානයේ අපට දැකිය හැකි මහා පරිමාණයෙන් වෛරි ප්‍රකාශ නිසා විශාල සිනමාපටයකට වුවත් බලපෑම් කල හැකි සංසිද්ධියකි.

මුලින්ම මෙම # ටැග් එක හරහා විජේ සේදුපති මෙම සිනමාපටයේ රඟපෑමට විරුද්ධත්වය පෙන්වීම ආරම්භ වූ අතර ක්‍රමක්‍රමයෙන් එය දේශපාලය, ජාතිවාදය, පස්චාත් යුධ ප්‍රචණ්ඩත්වය යනාදී මාතෘකා ඔස්සේ විහිදී ගිය බවක් පෙන්නුම් කරන අතරම බොහෝ  ට්වීට් සහ වෙනත් සටහන් වෛරී ප්‍රකාශ හා සම්බන්ධ ඒවා වේ.

fff

gg

විජේ සේදුපතිගේ රසිකයන්ට වූ විශාලම ගැටලුවක් නම් එම සිනමාපටය තුළ ඔහු ඇඳ සිටින ඇඳුමේ ශ්‍රී ලංකාවේ කොඩිය තිබීමයි. එයට විරුධත්වය දක්වනවාට වඩා එහාට ගිය ට්වීට් කිහිපයක්ම සංසරණය වනු දක්නට ලැබිණ. මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා සිටින ඡායාරූප සම්බන්ධ කර ඉහත පළ කර ඇති ට්වීට් එක දකින ඕනෑම කෙනෙක්ට අවබෝධ වන දෙයක් නම් මෙම සිදුවීම් දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නොමැති බවයි. සමුද්‍ර සීමා මායිම් හා 800 සිනමාපටය අතර කිසිම සම්බන්ධතාවයක් නොමැති වූවත් ඉහත ආකාරයේ ට්වීට් පවා මෙම # ටැග් එක හරහා අසත්‍ය හා වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වනු දකින්නට ලැබිණ. හැරත් මෙම කරුණ සම්බන්ධයෙන් විවිධ පළකිරීම් හා අදහස් දැක්වීම් කර තිබුනේ ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්ත වැසියන් වීම විශේෂයක් ලෙස දකින්නට හැකි අතර ශ්‍රී ලාංකිකයන් තරමක නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති සැටියක් පෙන්නුම් කරයි.

rr

මෙය තවත් එක් ආකාරයක විරෝධතා දැක්වීමක් වූ අතර එහිදී මෙම සිනමාපටයට නිර්මාණය කර තිබූ පෝස්ටරයේ රතු පාටින් කතිරයක් ලකුණු කිරීම හරහා විරුද්ධත්වය දක්වා තිබිණ. මෙම වෛරී ප්‍රකාශ හා විරෝධතා සෑම එකක්ම සමඟ විවිධ පුද්ගලයන් සඳහන් කර තිබුනේ විජේ සේදුපති හට එම චරිතයෙන් ඉවත් විය යුතු බවයි. අවසානයේ සිදුවූයේ මුත්තයියා මුරලිදරන් විසින් ලිපියක් හරහා විජේ සේදුපතිට එම චරිතයෙන් ඉවත් වන ලෙස දැන්වීමයි. එයට හේතුව වශයෙන් ඔහුගේ අනාගත රංගන වෘත්තියට සිදුවිය හැකි හානිය වැළැක්වීම සඳහන් කරමිනි. මෙම වෛරී ප්‍රකාශ හා අසත්‍ය ප්‍රකාශ වල බරපතල භාවය කෙතරම්ද යන්න යත් අවසානයේ විජේ සේතුපතිග්ගේ දියණියට ලිංගික දූෂණ තර්ජන ඒමට තරම්ම ව්‍යාප්ත වීමයි.

mm

hhgh

 

අප සාමානයෙන් සමාජ මාධ්‍ය ජාලා වල පැතිරෙන මෙවන් වෛරී හා අසත්‍ය ප්‍රකාශ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූවද මෙවන් දෑ නිසා වන පුද්ගලික මෙන්ම සාමාජීය හානිය මැනීමට ක්‍රමයක් නැත. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල වල ඇති “ෆේස්බුක් පේජ්” හරහා බෙදාහැරෙන විවිධ ආකාරයේ නිර්මාණය කරන ලද ඡායාරූප නිසා (විකෘති කරන ලද, කෙනෙක්ට අපහාස කිරීම සඳහා සකසන ලද, කෙනෙක්ගේ ලිංගිකත්වය සම්බන්ධ දෑ ගැන, වෛරී ප්‍රකාශ හා අසත්‍ය තොරතුරු අඩංගු) ඒවා දකින පුද්ගලයින් එය තමන්ට අදාළ දෙයක් නම් අනිවාර්‍යයෙන්ම ඔහු/ඇය මානසිකව පීඩා විඳීම නතර කල නොහැකිය. මෙවැනි දෑ වැලැක්වීම සඳහා සමාජ මාධ්‍ය ජාලා වලම ක්‍රම වේදයන් තිබුනත් (වාර්තා කිරීම හා අවහිර කිරීම) නැවතත් එකම පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් නව ගිණුම් හරහා පැමිණීම නිසා මෙය මුලුමනින්ම නතර කිරීම තරමක් දුරට අපහසු කාර්‍යයක් වී තිබේ. මෙවැනි වෛරී ප්‍රකාශ හා අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාල වල පැතිරීම නතර කල නොහැක්කේද සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන්නන් විසින් ඒවා සැළකිල්ලට නොගැනීමත් ඒවා සාමාන්‍ය දේවල් ලෙස සැලකීමත් නිසාවෙනි. මෙම සිදුවීම පමණක් නොව, පසුගිය අවුරුද්දේ අප්‍රේල් මස සිදුවූ බෝම්බ පිපිරීමේ සිදුවීමෙන් පසුව සමාජය පුරා විවිධ ආකාරයේ පාලනය කල නොහැකි තරම් වෛරී ප්‍රකාශ හා අවශ්‍ය තොරතුරු පැතිර යාමක් දකින්නට ලැබුණු අතර කොවිඩ්19 හා සම්බන්ධ විවිධ සිදුවීම් අධ්‍යනය කරන්නේ නම් මෙවැනිම උදාහරණ බොහෝමයක් සොයා ගැනීමට හැකිවනු ඇත. භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සෑම කෙනෙකුටම තිබුනත් එම නිදහස මෙවන් ආකාරයේ අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් ලෙසට මිනිසුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හසුරවනවා නම් ඒ සඳහා අවශ්‍ය නීති රීති වල අවශ්‍යතාවය තවදුරටත් කැපී පෙනේ. තවද 800 වැනි වටිනා සිනමාපට වලටද මෙවන් ඉරණමක් අත් නොවනු ඇත.

 

 

Leave a Reply