Home RTI පොළොන්නරුවේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්

පොළොන්නරුවේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්

0
පොළොන්නරුවේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් පොළොන්නරුවේ ජනමාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් මාර්තු 17 වන දින රෝයල් නෙස්ට් හෝටලයේදී පැවැත්විය.

ලෝකයේ ක්‍රියාත්මක වූ විවිධ නීතින් අතරින් පුරවැසියෙක් ලෙස වඩාත් වැදගත් නීතියක් ලෙසින් මෙම පනත හැදින්විය හැකි වේ. වත්මන් තොරතුරු පමණක් නොව ගත වූ වසර 10ක් තුළ ඕනෑම තොරතුරක් පොදු අධිකාරීන් ගෙන් ඉල්ලා සිටීමේ අයිතියක් මෙම පනත හරහා මහජනතාවට හිමිවේ.  මේ සදහා සහභාගී වූ තරුණ ජනමාධ්‍යවේදියෙක් මේ වනවිටත් තොරතුරු පනතට ප්‍රකාරව තොරතුරු ඉල්ලා ඇති ආකාරයත් ඒ හරහා ඔහු ලබාගත් ප්‍රතිචාරත් මෙම වැඩමුළුවේදී වඩාත් කතා බහට ලක් විය.

මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අංශයේ සම්බන්ධිකාරක,නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා විසිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here