මළසිරුරු අවසන්කටයුතු කිරීමේ විවාදය සහ සමාජ මාධය හැසිරීම

මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආගමික චාරිත්‍රානුකූලව භූමදානය කිරීමට ආණ්ඩුව විසින් අවසරය ලබා දීමක් පිළිබද සිය ප්‍රසාදය පළ කරමින්පසුගිය දිනවලදී සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය විසින් ජනාධිපතිතුමාට යවන ලද ලිපියක් සමාජ මාධ්‍ය ජාලා වල පැතිර යනු දකින්නට ලැබුණ අතර ඒ සම්බන්ධයෙන්විවිධ පාර්ශවයන් විසින් මාධ්‍ය සාකච්ඡා කිහිපයක්ම පවත්වනු දක්නට ලැබුණි. බොහෝ පුවත්පත් හා මාධ්‍ය නාලිකා කිහිපයකම එය ප්‍රධාන ප්‍රවෘත්තියක් වූවා සේම  විවිධ දේශපාලඥයන්ද සිය මති මතාන්තර හා අදහස් ප්‍රකාශ කරනු දකින්නට ලැබිණ.එවැනි කැබිනට් තීරණයක් ගෙන නොමැති බව 2020 නොවැම්බර් 13  දිනසෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මාධ්‍යට ප්‍රකාශ කරන ලදි. එම සිදුවීම එසේ වූවද එය සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන්නන්ගේඅදහස් හා මත ඊට හාත් පසින්ම වෙනස් බවක් දකින්නට ලැබුණු අතර ඒවා සියුම්ව නිරීක්ෂණය කරන්නේ නම්ඒවා තුළ වෛරී භාෂණ හා අසත්‍ය තොරතුරු ගණනාවක්ම දැකගත හැකිය.විශාල සාමාජික පිරිස් සිටින ෆේස්බුක් පිටුවල පවා එවන් වෛරී ප්‍රකාශ පළ වී තිබීම කනගාටුවට කරුණකි.

gggg1

rrrrr3

 

බෞද්ධ ආගමික නායකයින් කිහිපදෙනෙක්ම රජයට චෝදනා කර තිබුණේ මෙම වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු සම්බන්ධයෙන් රජය අනවශ්‍ය සංවාදයක් ගොඩනගා ඇති බවයි. මන්ද යත් මෙම ලිපිය සංසරණය වීමට ප්‍රථම කොවිඩ්19 වෛරසය නිසා මියයන ඕනෑම ජාතිකයෙකුට එක සමාන ලෙස අවමගල්‍යය කටයුතු සිදු කිරීමට ජනතාව තුළ යම් පොදු එකඟතාවයක් තිබුණු නිසාවෙනි. නමුත් මේ ගැටලුව පැන නගින්නට හේතුවක් ලෙස පෙනෙන්නට ඇත්තේ කොවිඩ්19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය හා ආදාහනය යන ක්‍රම දෙකටම සිදු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇතත් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූයේ ආදාහනය කිරීම පමණකි. එය සිය අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස තවත් පිරිසකගේ අදහස වූහ.ඒ පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේස්ථාවරය වන්නේ මළ සිරුර ස්පර්ශ කිරීම, සිප ගැනීම නොකළ යුතු බවය. එමෙන්මනිරෝධායන නීතිවලට අනුව පවුලේ සමීපතම ඥාතීන්ට පමණක් මීටරයක දුරින් සිට බැලීමට ඉඩ කඩ සළසා දී ඇත.කුඩා දරුවන්ට හා නිදන්ගත රෝගවලින් පෙළෙන අයට එවන් අවමංගල්‍යඅවස්ථාවන් සඳහා සහභාගිවීමේ හැකියාවක් නොමැත. එමඟින් පැහැදිලි වන්නේ හැකිතාක්අවමබාහිර පුද්ගලයින් සංඛ්‍යාවකගේසහභාගීත්වයෙන්අවමංගල කටයුතු සිදු කිරීමය. මන්ද යත් මළසිරුරු වලින් එම වෛරසය පැතිර යාමේ අවදානම ඇති නිසාවෙනි.

කෙසේ වෙතත් මනුෂයයෙකුගේ මරණයක් එම පුද්ගලයාගේ ආගමික චාරිත්‍රානුකූලව සිදු කිරීම සංස්කෘතිමය අයිතියක් සේම එම සංස්කෘතියට කරන ගරු කිරීමකි. එය මුස්ලිම් ප්‍රජාවට සේම අනෙක් ප්‍රජාවන්වලට ද පොදු කාරණයකි. සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශයන්ට ද අනුව රටක් වශයෙන් එවන් පොදු එකඟතාවයකට පැමිණෙන්නේ නම් එයට ජාති ආගම් බේදයකින් තොරව සහය දැක්වීම ප්‍රජාවගේ යුතුකමක් මෙන්ම වගකීමකි.මෙවන් අවස්ථාවලදී අසත්‍ය ප්‍රචාර පරාජයට පත්වන ආකාරයෙන් සහ වෛරී ප්‍රකාශයන්ටඅනුබල නොලැබෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඇතිවියහැකි සමාජ ගැටලු බොහෝ ප්‍රමාණයක් අඩු කර ගැනීමට හැකිවනු ඇත. එය අද දවසේ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වගකීමක් ද වන්නේය.

Leave a Reply