මෘතදේහ භූමදානය පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති

කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල අද රටේ විනාශකාරී වියවුලක් බවට පත්ව තිබේ. රජය මේ වසංගතයෙන් ජනතාව බේරාගැනීමට අවශ් පියවර ගනිමින් සිටී.

කොරෝනා වෛරසයේ බලපෑම පාලනය කළ හැක්කේ මහජන සෞඛ් අධිකාරීන් විසින් සපයනු ලබන ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ හොත් පමණි.

කෙසේ වෙතත් සෞඛ් ඇමැතිනී පවිත්රා වන්නිආරච්චි විසින් මේ වසරේ අප්රේල් 11 වැනිදා අංක 2170/8 අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කරන ලද්දේ කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන්නවුන්ගේ දේහයන් ආදාහනය කළ යුතු බව දන්වමිනි.

සෞඛ් ඇමැතිනී සහ දේශීය වෛද් සේවා විසින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා  පනතේ (පරිච්ඡේද 222) වගන්ති 2 සහ 3 යටතේ රෙගුලාසි සකසන ලදී.

 

http://documents.gov.lk/files/egz/2020/4/2170-08_E.pdf

 

එම දැන්වීමෙහි පැවසෙන්නේ මෙසේය. “යම් පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගියහොත් හෝ එසේ මිය ගිය බවට සැක කරන්නේ නම් එයින් ඇතිවිය හැකි යම් ජීවවිද්යාත්මක තර්ජනයකින් ආරක්ෂා වීම සඳහා එම දේහය සෙල්සියස් අංශ 800 සහ 1200 අතර උෂ්ණත්වයක අඩු වශයෙන් මිනිත්තු 45 සිට පැයක් දක්වා කාලයක් පුළුස්සා දැමිය යුතුය.”

(4)එහි 61 වන නියෝගයට ඉක්බිතිව පහත දැක්වෙන අලුත් නියෝග ඇතුළත් කිරීමෙන්:-

“61 . 2019 කොරෝනා වෛරස් රෝගයෙන් (කොවිඩ්19) මිය ගොස් ඇති තැනැත්තකුගේ මෘතදේහය ආදාහනය කිරීම

(1) 61 වන සහ 62 වන නියෝගවල සඳහන් විධිවිධානවල කුමක් සඳහන් වුවද, 2019 කොරෝනා වෛරස් රෝගයෙන් (කොවිඩ්19) මිය ගොස් ඇති හෝ මිය ගොස් ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තෙකුගේ මෘත දේහය සෞඛ් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධානවලට අනුකූලව

() යම් වභව් ජෛව විද්යාත්මක උවදුරක් වැළැක්වීමේ කාර්යය සඳහා සෙල්සියස් අංශක 800සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි හතළිස් පහක සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් ;

 

සහ

() නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක බලධරයාගේ අධීක්ෂණය යටතේ, ආදාහනය කරනු ලැබිය යුතුය.

 

(2) කවර හෝ තැනැත්තකු විසින්, 2019 කොරෝනා වෛරස් රෝගයෙන් (කොවිඩ්19) මිය ගොස් ඇති හෝ මිය ගොස් ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තකුගේ මෘත දේහය නිසි බලධරයා විසින් නම් කරන ලද, අවශ් ආදාහන කටයුතු භාරගෙන සිටින යම් තැනැත්තන් හැර, කිසිම තැනැත්තකු වෙත භාරදෙනු නොලැබිය යුතුය.

(3) සුසාන භූමියේ හෝ ස්ථානයේදී මෘත දේහය හසුරවනු ලබන තැනැත්තන්ගේ ඇඳුම් සහ නැවත භාවිත කළ නොහැකි පෞද්ගලික ආරක්ෂක උපාංග, ආදාහන අවස්ථාවේ දී මිනී පෙට්ටිය සමඟින් පුළුස්සා දමනු ලැබිය යුතුය.

(4) නැවත භාවිත කළ හැකි උපාංග සෞඛ් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිසි පරිදි පිරිසිදු කර විෂබීජහරණය කරනු ලැබිය යුතුය.

(5) මෘත දේහයේ භෂ්මාවශේෂ මිය ගිය තැනැත්තාගේ ළඟම ඥාතියාගේ ඉල්ලීම පරිදි ළඟම ඥාතියා වෙත භාරදෙනු ලැබිය හැකිය

මේ දැන්වීමෙන් රටේ වෙසෙන මුස්ලිම්වරුන් හා කතෝලිකයන් දැඩි සේ පීඩනයට පත් විය. මුසල්මානුවන් දිගින් දිගටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජයට පැවසුවේ මුස්ලිම් අයගේ මෘතදේහ ආදාහනය නොකරන ලෙසයි.

මේ අතර ලෝක සෞඛ් සංවිධානය (WHO) ප්රකාශයක් නිකුත් කළේ කොවිඩ්19 මියගිය අයගේ මෘතදේහ දේශීය ප්රමිතීන් සහ පවුලේ කැමැත්ත අනුව භූමදානය හෝ ආදාහනය කළ හැකි බවය.

https://www.who.int/publications/i/item/infection-prevention-and-control-for-the-safe-management-of-a-dead-body-in-the-context-of-covid-19-interim-guidance 

කෙසේ වෙතත් ශ්රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය අයගේ මෘතදේහ දිගින් දිගටම ආදාහනය කෙරිණි. සෞඛ් අමාත්යාංශයෙන් ගත් මේ තීරණය පිළිබඳ විද්යාත්මක පැහැදිලි කිරීමක්  මෙතෙක් ලබා දී නැත.

කොරෝනා වෛරසයට (කොවිඩ්19) ගොදුරු වූවන් ආදාහනය කිරීම සම්බන්ධව සෞඛ් බලධාරීන්ගේ තීරණය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක් ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණු අතර විමර්ෂණ සිදු වෙමින් පවතී.

දැනට පවතින දෙවැනි රැල්ල මඟින් කොරෝනා වෛරසය ආසාධිත  පුද්ගලයන් සංඛ්යාව ඉහළ නැඟුණා මෙන්ම මිය ගිය සංඛ්යාවද ඉහළ නැංවිනි.

එමෙන්ම කොරෝනා වෛරසයෙන් මියගිය අයගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර ඉල්ලා මුස්ලිම් ප්රජාවගෙන් කෙරෙන ඉල්ලීම් දිනෙන් දින වැඩි වෙමින්  පවතී.

විශ්වසනීය ආරංචි මාර්ග පවසන්නේ නොවැම්බර් 02වැනිදා පැවැති කැබිනට් හමුවේදී මේ කරුණ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි.

විපක්ෂ නායක සජිත් ප්රේමදාස, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් සහ මුජිබර් රහ්මාන් විසින් අඟහරුවාදා මේ කරුණ පිළිබඳ පාර්ලිමේන්තුවේදී රජයේ අවධානයට ලක් කරන ලදී.

එයට ප්රතිචාර වශයෙන්, සෞඛ් ඇමැතිනී පවිත්රා වන්නිආරච්චි පැවසුවේඅප මෘත දේහ භූමදානය වෙනුවට ආදාහනයට තීරණය කළේ සෞඛ් ක්ෂේත්රයේ විශේෂඥයන්ගේ උපදෙස් මතයියනුවෙනි.

කෙසේ වෙතත්අධිකරණ ඇමැති අලි සබ්රිගේ ඉල්ලීම පරිදි සෞඛ් අමාත්යාංශය මේ කරුණ පිළිබඳ යළි විභාග කරමින් සිටියි. මේ පිළිබඳ කමිටුවක් පත් කර ඇති බව ඔහු පැවසීය. සෞඛ් ඇමැතිනී විපක්ෂයෙන් ඉල්ලා සිටියේ මේ කරුණ දේශපාලනීකරණය නොකරන ලෙසයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය අයගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර දී ඇති බවට පුවතක් පැතිරිණි. එය මුහුණු පොතේ (ෆේස් බුක්හි) සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්යවල පසුගිය අඟහරුවාදා (03) සිට සංසරණය වුණු මෘත දේහ ආදාහනය කිරිමට අවශ් නැතයන කටකතාව ඇසුරින් තැනුණු සාවද් ප්රවෘත්තියකි.

කිසිදු මූලාශ්රයකින් තොරව පළ වුණු මේ බොරු පුවත, මෘතදේහ පිළිස්සීම පිළිබඳ දැඩි කම්පාවෙන් සිටි ජනතාවට මහත් සහනයක් වූ නිසා එය වෙගයෙන් පැතිරෙන්නට වූයේ සත්යය කුමක්දැයි තහවුරු නොකර සමාජ මාධ් ඔස්සේ මේ පුවත බෙදාගැනීම ඇරැඹි නිසාය. එපමණක් නොව සමහරු මේ පුවත හඬපටයක් ලෙසද සමාජ මාධ් ඔස්සේ බෙදා හැරියහ

මේ අසත් ප්රවෘත්තිය නිර්මාණය පිටුපස විවිධ දේශපාලනික සහ ආර්ථික අභිප්රායන් තිබේ. ලියුම්කරු විසින් මුහුණු පොතේ සටහන් (පෝස්ටු) පිළිබඳ කරන ලද පර්යේෂණයකට අනුව, මේ අසත් ප්රවෘත්තිය උඩුගත කරන ලද (අප්ලෝඩ්) අය අතරින් වැඩි හරියක් පිරිස නිරන්තර දේශපාලනඥයන් වෙනුවෙන් තම මුහුණු පොතේ ලියන අය බව නිරීක්ෂණය කළ හැකි විය.

මෙය ශ්රී ලංකාවේ සමාජ මාධ් පිළිබඳ නිරීක්ෂණය කරන සංවිධානයක් වන හැෂ්ටැග් පරපුර (හැෂ්ටැග් ජෙනරේෂන්) නිර්මාතෘ ෂෙනාල් වන්නිආරච්චි විසින් තහවුරු කරන ලදී. එපමණක් නොව මෙවැනි අසත් ප්රවෘත්ති පැතිරවීම පිටුපස, මුහුණු පොත වැනි සමාජ මාධ්යවල විවිධ දේශපාලනඥයන්ට වාසිවන ආකාරයේ හඬපට වැඩි වැඩියෙන් ප්රචාරය වන බවටද ඔහු චෝදනා කළේය.

මේ කොවිඩ් තත්ත්වය අතරතුර බොහෝ අසත් ප්රවෘත්ති කථා දිස්වන්නට පටන් ගත්තේය. මෙහි බලපෑම රටට කෙතරම් දුරට දැනී ඇත්තේ යත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා බොරු පුවත් විශ්වාස නොකරන ලෙසත් රජයේ නිල පුවත්වලට පමණක් යොමුවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර වැල්ලවත්තේ වයස අවුරුදු 60 පුද්ගලයකු සහ මීටියගොඩ වයස 18 තරුණයකු ඔක්තෝබර් මස මුල සතියේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණේ අසත් ප්රවෘත්ති පැතිරවීම සම්බන්ධයෙනි. පොලිස් මාධ් ප්රකාශකවරයෙක් පැවසුවේ ඔවුන්ට දණ්ඩ නීති සංග්රහය, පොලිස් ආඥාපනත සහ පරිගණක අපරාධ පිළිබඳ පනත යටතේ දඬුවම් ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් පර්යේෂක සහ නීතිඥ විරංජන හේරත් පැවසුවේඅසත් ප්රවෘත්ති නිර්මාණය සහ බෙදාහැරීම පාලනය කිරීම සඳහා ඍජු නීති රටේ නැහැ. මෙයට අදාළ නීති සම්පාදනය කිරීම අත්යාවශ් කරුණක්. මෙයට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සවිස්තරාත්මක සාකච්ඡාවකින් අනතුරුව මේ නීති ක්රියාත්මක කළ යුතුයි.” යනුවෙනි. තවදුරටත් ඔහු අවධාරණය කළේ එම නීතිය රාමු ගත කළ යුත්තේ ජනතාවගේ ප්රකාශනයේ නිදහස පිළිබඳ අයිතිය උල්ලංඝනය නොවන ආකාරයෙන් බවයි.

කෙසේ වෙතත් මෙහි ඇති විශාලම ගැටලුව වන්නේ අසත් ප්රවෘත්ති පිළිබඳ ප්රශ්නය නීතියෙන් පමණක් විසඳිය හැකිද යන්නය. සමාජ මාධ් ඔස්සේ තමන්ට ලැබෙන වැරැදි තොරතුරු පතුරන්නේ වෘත්තිකයන් නොවූ ගෘහස්ථ පිරිස පමණක් නොව හොඳින් දැන උගත් පිරිසද අතර වන බව හඳුනා ගැනීම වටී.

මේ සඳහා වන ප්රමිතිගත විසඳුම වන්නේ සියලු පාර්ශ්වයන් අසත් ප්රවෘත්ති හඳුනා ගන්නා ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමයි.    

 

 

 

Leave a Reply