රටවල් අභ්‍යන්තරයේ මෙන්ම අන්තර්ජාතික සංහිදියාවට ද බාධාකරන කොරෝනා වසංගතය

කොවිඞ් 19 වෛරසයහෙවත්කොරෝනාවසංගතය තවත්වසංගත කිහිපයක් නිර්මාණය කරමින් ලොවපුරා පැතිරෙමින් පවතියි. ජාතිවාදී වර්ගවාදය,ප්‍රාදේශිකවාදය, සීමාවන් ඉක්මවා ගිය ස්වදේශිකවාදී එදිරිවාදය, ව්‍යාජ තොරතුරු සහ මිත්‍යා මත යනාදිය කොරෝනා තත්වය විසින් නිර්මාණය කර ඇති එම වසංගතයන් වේ. එය කොවිඞ් 19 වසංගතයත් සමග අත්වැල් අල්ලාගෙන සාපේක්ෂව අඩුවැඩි වශයෙන් ලොව පුරා නොයෙක් තැන්වල පැතිරෙමින් පවතියි.

චීනයේ වුහාන් නගරයෙන් කොවිඞ් 19 ආසාදියන් හමුවෙමින් මෙම වසංගත තත්ත්වය පැතිරයාම ආරම්භවීමත් සමග සමහර රටවල් චීනය ලෝකයට වසංගතයක්ව ඇති ආකාරයෙන් චීන විරෝධී ආකල්පයකින් ඒ සදහා ප්‍රතිචාර දක්වන ආකාරයක් දක්නට ලැබුණි. මෙය චීනයේ ජෛව තාක්ෂණික අවියක් අත්හදා බැලීමක් වැරදී ගිය අවස්ථාවක් ලෙස ද ලෝකයේ සාකච්ඡාවට ගැනුණු අවස්ථා ද විය.

ඒ මොහොතේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චීනය සම්බන්ධයෙන් දැරූ ඉතා දැඩි ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කටයුතු සදහා ද දැඩිව බලපෑම් ඇති කළ ප්‍රතිපත්තියක් විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීන හිතෛෂී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටත් සිය රට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දායකත්වයෙන් ඉවත්වන බවත් ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්දියේ ප්‍රකාශ කළේය. චීනයත් ට්‍රම්ප් ජනපතිවරයාත් අතර ඇති වූ වාග් සංග්‍රාමය තරමක් දුරදිග ගියහ. ඒ සදහා දැක්වූ චීන ප්‍රතිචාරය ද ඊට දෙවෙනි වූවේ නැත.

ඇමරිකා එක්සත් ජනපද සහ චීන මාධ්‍ය වෙත ද එම තත්ත්වය බලපෑවේය. අවසානයේදී ඕස්ටේ්‍රලියානු ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදී බින් බර්ට්ලස් සහ financial review  පුවත්පතේ මාධ්‍යවේදී මයික් ස්මිත් මාධ්‍යවේදීන් දෙපළ ව ප්‍රශ්නකර සිය රටෙන් පිටුවහල් කිරීමට චීනය පියවර ගත්තේය. කොවිඞ් 19වෛරසය හෙවත් කොරෝනා වසංගතය මිහිතලයට පැමිණියේම රටවල් අතර විරසකයන්ද ඇතිකර ගනිමින් ය.

අවසානයේ එම වාග් සංග්‍රාමය ලෝක සොඛ්‍ය සංවිධානය දක්වා ම දිග්ගැසුණේ ය. පසුව එම විවේචනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී, නැගෙනහිර අප්‍රිකාන ුජාතිකයෙකු වන තියඩෝර් ඇඞ්නම් ගේබි්‍රයේස් මහතා වෙත එල්ල විය. විටෙක එය ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් හදුන්වාදුන්නේ අප්‍රිකානුවන් චීනය වෙත සහයෝගය පළකිරීමක් ලෙසය.

අනතුරුව ක්‍රමයෙන් එය ලොව පුරා සිටින චීනජාතිකයින්, සංක්‍රමණිකයන් මෙන් ම කළු ජාතිකයන් ඇතුළු වෙනත් ජනකොටස් ඉලක්ක කර ගත් වෙනස්කොට සැළකීම දක්වා තත්ත්වයකට දුර දිග ගියහ.

ගෝලීය දේශපාලන තත්ත්වය ද උණුසුම් කරමින් කොවිඞ් 19 වෛරසය වසංගතයක් ලෙස ලොවපුරා ව්‍යාප්තව යද්දී රටවල් අභ්‍යන්තරයන්ගේ ද වාර්ගික සංහිදියාවට හානිකරලෙස බලපාන ජාතිවාදයට ආගම්වාදයට ආශිර්වාද කරන ආකාරයේ වෛරී ප්‍රකාශනයන්ට සහ දේශපාලන භාවිතයන් සදහා අවස්ථා විවරවීම එම වසංගතයේ ම තවත් ප්‍රතිපළයකි. කොවිඞ් 19 ප්‍රථම රැල්ල ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවද්දී ඉස්ලාම් ප්‍රජාව සහ දමිළ ජනතාව යම් ආකාරයකින් එහි සැකයකට ලක්වූ මෙන්ම ඉලක්ක වූ ජන කොටසක් බවට පත්විය. පැවති මාධ්‍ය භාවිතය එය තවත් තීව්‍ර කිරීමට හේතු විය. මළසිරුරු අවසන් කටයුතු කිරීමේ විවාදයේදී අද එය නැවතත් මතුපිටට පැමිණ ඇත. එබැවින් කොරෝනා වසංගතය පරාජයකිරීමේ දී එහ නිවුන් සහෝදරයන් ලෙස ඉදිරියට පැමිණ ඇත ිජාතිවාදය ආගමිවාදය පදනම් කරගත් වෛරී කථනය, වර්ගවාදය, වර්ණභේද වාදය, ප්‍රාදේශිකවාදය, ස්වෝත්තමවාදය පදනම් කරගත් එදිරිවාදිකම් සියල්ල එකට පරාජය කර මානව හිමිකම් සහ මානව ගුණාංග බලසම්පන්න කළයුතුව ඇත. සිත්වල කැළැල් ඇත නොවන සහජීවනය සහ සංහිදියාව සහිත අනාගත සමාජයකට මග විවර කරගත හැක්කේ එවන් උත්සාහයකට පමණි.

Leave a Reply