ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී මාධ්‍යක් ගොඩ නැගීම.

පුරුෂයන් හා කාන්තාවන් අතර පවතින සමානතාවය පිළිබඳ දැක්ම හා ඔවුන්ට පවතින සමාන අවස්ථාවන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදීත්වය ලෙස හඳුන්ව යි. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කරන පුද්ගලයන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමබන්ධයෙන් සංවේදී විය යුතු ය. නැතහොත්, සමාජය පිළිගත්, ආගම,සංස්කෘතිය,රජය විසින් නිර්වචනය කළ ස්ත්‍රීය හා පුරුෂයා නිර්වචනයන් හි උගුලට ඔවුන් ඇද වැටෙනු ඇත.

ජනමාධ්‍යවේදීන් වශයෙන් අපි එකතුකරන, ලියන සහ ප්‍රකාශයට පත්කරන පණිවිඩ තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදීත්වයක් තිබේ ද? මෙම ප්‍රශ්නය අපි අපගෙන්ම ඇසිය යුතු යි. මාධ්‍යවේදීයෙකුගේ මතය කුමන ස්වරූපයක් ගනී ද යන්න ගැටලුවක් නොවේ. නමුත්, මාධ්‍ය තුළ වැඩකටයුතු කිරීමේ දී, අගතීන්ගෙන් තොරව ඔහු/ඇය විසින් ආචාරධාර්මික සංග්‍රහය අනුගමනය කළ යුතුවේ.

අප ඉලක්ක ගතකිරීමට අවශ්‍ය ඇතැම් දේවල් මෙහි දැක්වේ.

  1. අප ගෙන යන පණිවිඩයේ ස්වරූපය තුළ පවතින ස්ත්‍රී/පුරුෂ සංකල්පීකරණය.
  2. පුවත් සඳහා මුලාශ්‍ර වශයෙන් කාන්තාවන්.
  3. ලිවීමේදී අප භාවිතෙ කරන වචන.
  4. අප භාවි‍ෙ කරන පින්තූරය තුළ ඇති කාන්තාවන්ගේ තත්ත්වය.
  5. කාන්තාවන්ගේ හඬ සහ සියලුම ගැටලු සඳහා සහභාගීත්වය.

 

කාන්තාවන් හා සම්බන්ධයෙන් අවධානය ලබා ගැනීමට අදාළව මාධ්‍ය තුළ ඉස්මතුවන ගැටලු පිළිබඳ විමසා බැලීමට අපට ඉඩදෙන්න.

2004 සුනාමි කාලසීමාවේ දී, කාන්තාවන් තමන්ගේ දරුවන් සමඟ වැළපෙන ආකාරයත්, තමන්ගේ ස්වාමිපුරුෂයන් වෙනුවෙන් ශෝකවන අයුරුත්, මාධ්‍ය මඟින් ආවරණය කිරීම ඉහළ ගොස් තිබුණි. එය ලබාදෙන්නේ කුමන ආකාරයේ පණිවිඩයක් ද? පණිවිඩය තුළින් කියවුනේ “පුරුෂයන් සහ දරුවන් මියගිය බව’’ යි. නමුත්, සත්‍ය කුමක් ද? සුනාමියෙන් මියගිය බහුතරය කාන්තාවන් ය. ඇතැම් ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සජිවී ප්‍රචාරණයන්හි දී පුරුෂයන් වැළපෙන ආකාරය පෙන්වා සිටියේය. පසුව, කාන්තාවන් වැළපෙන ආකාරය ඒ වෙනුවට සංස්කරණයකර ඇතුළත් කර තිබිණි.

මෙයට හේතුව කුමක්ද ?

පුරුෂයන් හා කාන්තාවන්ගේ හැසිරීම සම්බන්ධ අපගේ දැක්ම එයට හේතුව යි. ශෝකාන්තයක් විස්තර කර දැක්වීමේ දී, කාන්තාවන්ගේ වැළපීම වඩාත් ප්‍රබලවන බව සියලුදෙනාගේ මනස තුළ සහජයෙන්ම ගොඩනැගී පවතින දෙයකි. මෙය මාධ්‍ය තුළ සාමාන්‍ය මතයක් බවට පත්ව තිබේ. සමාජයේ පවතින පොදු විශ්වාසයවන්නේ, පිරිමි පාර්ශවය වැළපීම නුසුදුසු බවත්, කාන්තාවන්  වැළපෙනවිට යක්ෂයා පවා ඇය වෙත අනුකම්පාව දක්වන බව යි. මාධ්‍යවේදීන් ද මේ මතය බැහැර නොකරයි.

අපිට ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සංවේදී බව අවශ්‍ය වන්නේ මේ සඳහා ය. ඔවුන්ගේ විශ්වාසයන් ප්‍රේක්ෂක ජනයා මත පවරන්නේ ඇයි යන්න මාධ්‍යවේදීන් ඇසිය යුතු යි. සදාකාලික ප්‍රතිපත්තීන් වශයෙන් අපි මේවා පිළිගනියි. මේ ඔස්සේ, පුරුෂයන්ගේ හැසිරීම මෙලෙස විය යුතු යි හා ස්ත්‍රීන්ගේ හැසිරීම් මෙලෙස විය යුතු යි වශයෙන් අප දැක්මක් සකස් කරගෙන තිබෙයි. මෙම නිර්වචන නැවත නැවතත් අඛණ්ඩව පවත්වාගෙන යන්නෙමු. මාධ්‍ය හරහා මෙම නිර්වචන යථාර්තයක් ලෙස මිනිසුන්ගේ මනස තුළ අප විසින් නිර්මාණය කරයි. මෙය මුල්බැසගත් අදහස් බවට පත්වෙමින් තිබේ. පිරිමින් යනු ශක්තිමත්, වේගවත් හා වටිනා මුලාශ්‍රයක් ලෙස අප ප්‍රකාශ කරනවා මෙන්ම, එය එලෙස යැයි දැක්වෙන සිතුවමක් ද අපි නිර්මාණය කර ගන්නෙමු.

කාන්තාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී, මෘදූබව, කරුණාව සහ සෝබනත්වය පිළිබිඹු කෙරෙයි. මේ දැක්ම පිළිබඳ අපට විකල්ප පුවත් ලැබුණ ද, ඒවා ප්‍රකාශනය කිරීමේ චේතනාවක් අප තුළ නොවේ.

මුල්බැසගත් අදහස් මඟින්, අපි මාධ්‍ය ව්‍යාපාරයේ  මූලික නීති උල්ලංඝණය කරමින් සිටිමු. සත්‍ය, සාධාරණත්වය හා නිරවද්‍යතාව යන ප්‍රතිපත්ති, අපි උල්ලංඝණය කරමු. පුරුෂයින් හා ස්ත්‍රීන් සම්බන්ධව  මුල්බැසගත් අදහස් වැඩිදුරටත් අපි ස්ථිරසාර මත බවට පත්කමින් සිටිමු.

එසේකිරීම මඟින්, අපි සමාජය තුළ ව්‍යාප්තව ඇති ස්ත්‍රී -පුරුෂ සමාජභාවීය අසමානතාව සවිමත් කරන්නෙමු. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය යනු ස්ථිරසාර හෝ සදාතනික දෙයක් නොවේ. ඒවා, පුරුෂයින් හා ස්ත්‍රීන් විසින් සිදු කළ යුතුයැයි අපේක්ෂිත සමාජ හා සංස්කෘතික භුමිකාවන් පමණි. ඒවා වෙනස්විය යුතුයි කියා අප පිළිගන්නවා නම්, විවෘත මනසකින් යුතුව අපට පුවත් ප්‍රකාශනය කළ හැකි ය.

ප්‍රවෘත්ති හා විශේෂාංග සඳහා, සාමාන්‍ය ජනතාව හා වෘත්තීකයන් සම්මුඛ සාකච්ජාවට ලක් කිරීමේ දී, කාන්තාවන්ගේ හඬ ඇතුළත් කරන්නේ ද යන්න පිළිබඳව අප අපගෙන්ම විමසා බැලිය යුතු යි.  ජනගහනයෙන් භාගයක්ටත් වඩා නියෝජනය කරන්නේ කාන්තාවන් ය. දේශපාලන හා ආර්ථික ක්‍රියාවලිය තුළ දී ඔවුන්ගේ හඬ පිළිබඳ සැලකිලිමත් විය යුතු යි.

ගෝලීය ජනගහනයෙන් 52% ක් කාන්තාවන් නියෝජනය කරයි. නමුත්, කාන්තාවන්ගේ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යය ගනුදෙනු කරන්නේ, 10% කටත් වඩා අඩු ප්‍රමාණයකිනි. එයින් බොහෝ දෙනෙක් සම්බන්ධ වී සිටින්නේ ගෘහස්ථ කටයුතු, සබඳතා සහ සෞන්දර්නාත්මක මාතෘකා සමඟ ය.

කාන්තාව, දේශපාලන, ආර්ථික හා තාක්ෂණික ක්ෂේත්‍රයන් හි සාර්ථකත්වයට දායකත්වය ලබා දෙන්නෙකු  වශයෙන් ඉතා කලාතුරකින් ඔවුන් පිළිබඳ විග්‍රහකර දැක්වෙයි. එය එලෙස සිදුවුව ද, කාන්තාවට හිමිවනුයේ වඩාත් අනුකම්පා සහගත ස්ථානයක් හෝ බාධාවලින් පිරි තනතුරු ය. නිදර්ශන ලෙස, ලංකාවේ ආර්ථිකය තුළ කාන්තාව පිළිබඳ කතා කිරීමේ දී, මාධ්‍ය කතාකරන්නේ වතුකම්කරුවන්, ඇඟලුම් කම්හල් සේවකයන්, ගෘහස්ථ සේවකයන් ආදීන් පිළිබඳව ය. කාන්තාවන්ගේ ව්‍යවසායකත්වය හා ආර්ථිකය සඳහා ඔවුන්ගේ සාර්ථක දායකත්වය පිළිබඳව ඔවුන් ඉතා කලාතුරකින් කතා කරයි. දේශපාලනය තුළ සිදුවන්නේ ද මේ හා සමාන තත්ත්වයකි.

මාධ්‍ය වඩාත් අවධානය යොමු කරන්නේ කාන්තාවන්ගේ බුද්ධිමත්භාවයට වඩා ඇගේ පෞරුෂත්වය වෙතට ය. සතිපතා පුවත්පත්වල ඉදිරිපිටුවෙ හි කාන්තාවකගේ රූපයක් ප්‍රකාශනය කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන සම්ප්‍රදායකි. එය සඟරාවල ද අද දක්වා අඛණ්ඩව සිදුවෙයි. ඒ සඳහා පුවත් වටිනාකමක් නොලැබුණ ද, පාඨක සමූහයේ ආකර්ශනය ලබාගැනීමේ උපාය මාර්ගයක් ලෙස එය භාවිත වේ. එය කාන්තාවන්ගේ පෙනුම පිළිබඳව විස්තර කරදක්වන ක්‍රියාවලියකි. එලෙසම කාන්තාවන්ගේ ස්වරූපය පිළිබඳ ජනතාවගේ මනසේ එම පිළිබිඹුව කැටයම් කරයි.

ප්‍රවෘත්තියක් ප්‍රකාශනය කිරීමේ දී, අපගේ භාෂා භාවිතයත් සමඟ සිදුවන ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය අගතීන් වැළක්වීමට ඉඩදිය යුතු යි.

පහත දැක්වෙන ශිර්ෂපාඨයන් දෙස බලමු.

 

බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කිරීම හේතුවෙන් නීත්‍යනුකූල සැමියා අත්අඩංගුවට ” සහ

සැමියා වෙනත් ගැහැනියක සමඟ සම්බන්ධ වීම හේතුවෙන් බිරිඳ සියදිවි නසා ගනී’’

 

තමන්ගේ විවාහයට පරිබාහිරව කාන්තාවක් පිරිමියකු සමඟ සබඳතාවක් පැවැත්වීමේ දී එම පුරුෂයා අනියම් සැමියා ලෙස හඳුන්වන නමුත්, පුරුෂයෙකු එවැනි ආකාරයේ සබඳතාවක් පවත්වන්නේ නම්, එය වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධතාවක් පැවැත්වීමක් ලෙස සඳහන් කරයි. කාන්තාවක් එවැනි ආකාරයේ සම්බන්ධතාවයක් පැවැත්වීම ඉතා ප්‍රබල පවක් ලෙස දක්වන නමුත්, පිරිමියෙකුට එවැනි තත්ත්වයක් පැවතීම, බරපතල ප්‍රශ්නයක් ලෙස නොසලකයි. මෙය ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය අගතියකි.  

කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුවත් ඒකරාශී කිරීමේ දී සහ ප්‍රකාශයට පත්කිරීමේ දී, මාධ්‍යවේදීන් සඳහා වූ ආචාරධර්ම සංග්‍රහය මඟින් ඉතා පැහැදිලි උපදෙස් මාලාවක් සපය යි. ලිංගික අපයෝජන පිළිබඳව වඩාත් සැලකිල්ලට භාජනයවන අයුරින්, පාඨකයාගේ සිතට කාවදින ලෙස පුවත් ලිවීමේ පුරුද්ද බැහැර කළ යුතු යි. “අවුරුදු 7ක් වන ගැහැනු දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හා ඝාතනය කිරීම, පාසල් දරුවන්ට තෑගිදීම හා සමලිංගික ක්‍රියාකාරකම්වල යෙදවීම” වැනි සිද්ධීන්, පුවත්පත්වල ප්‍රකාශනය කළ යුතු ද යන කරුණ ජනමාධ්‍යවේදීන් අතර විවාදයට හා මතභේදයට තුඩු දී ඇති කරුණකි. බොහෝ පුද්ගලයන් තර්ක කරනුයේ, මෙවැනි අපරාධකාරී ක්‍රියාවන් පිළිබඳව ජනතාව අතර දැනුවත්බවක් ඇතිකිරීම සඳහා ඒවා ප්‍රකාශනය කළ යුතු බව යි. මෙවැනි කතා පුවත් ප්‍රකාශනය මඟින් සමාජයට යහපතක් සිදුවුව ද, අපයෝජනයට ගොදුරු වූ පුද්ගලයාගේ ගෞරවය ආරක්ෂාවන පරිදි එය සිදුකළ යුතු යි. වේදනාව හා පීඩනය වැඩිනොවන අයුරින් අසරණභාවයට පත් වූ පුද්ගලයා රැකබලාගත යුතු යි.

කළ යුතු දේ:

  • කතා පුවතක් හෝ කථාවස්තුවක් පිළිබඳ ලිපියක් ලිවීමේ දී, මුලාශ්‍ර කිහිපයක් භාවිතයෙන් අදහස් උදහස් හා අර්ථකථනයන්ට එළඹිය යුතු යි.
  • කාන්තාවන්ගේ අදහස් ද අඩංගුවන බව සහතික කරගන්න.
  • මගහැරුණු තොරතුරු හා අදහස් ඒකරාශී කිරීමේ දී අගතීන්ගෙන් තොරව එය සිදුකිරීමට උත්සාහ කරන්න.
  • ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වූ කාන්තාවන් සම්බන්ධ මුලාකෘත/මුල්බැසගත් අදහස් බැහැර කරන්න.

ඇසිය යුතු ප්‍රශ්න:

  • කාන්තාවන් සම්බන්ධ ලිපියක දී, සමානාත්මතාවය මනාලෙස ආරක්ෂාවන්නේ ද?
  • පුවත් මුලාශ්‍ර වශයෙන් කාන්තාවන් පිළිබඳ කතාබහට ලක්කිරීමේ දී, ඔවුන්ගේ ගරුත්වය හා පිළිගැනීම සම්බන්ධයෙන් ප්‍රවේශ වී තිබේ ද?
  • ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ තනතුරු ලබාදීමේ දී, ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය භූමිකාවන් හි සැබෑ ස්වරූපය සැලකිල්ලට ගෙන තිබේ ද? – ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ – කාන්තාව නිරුපණයවන්නේ කෙසේ ද?
  • කාන්තාවන්ගේ පෞරුෂත්වය තුළ බහුවිධ බව මතු වී තිබේ ද?
  • විවිධාකාර පැතිකඩ ඔස්සේ කාන්තාවන්ගේ තෝරාගැනීම්, හැකියාවන් හා ළැදියාවන් අවබෝධ කරගැනීමේ උත්සාහයන් ගෙන තිබේ ද?

නොකළ යුතු දේවල්:

  • ස්ත්‍රිය පිළිබඳ, මුල්බැසගත් අදහස් සහිත පසුබිමක් නිර්මාණය කිරීම.
  • කාන්තාවන්, හැඟීම් හා චිත්ත ස්වභාවයන්ට පහසුවෙන් යටහත් පහත්වන සහ විමර්ශනයට අසමත් පාර්ශවයක් යන සංකල්පය ගොඩනැඟීම.
  • පුරුෂයන්ගේ කැමැත්ත පරිදි කාන්තාවගේ පසුබිම නිරුපණය කිරීම.
  • ලස්සන පිළිබඳ මිත්‍යාව- තරබාරුකම, වයස, සමේ පැහැය, ඇඳුම්වල ස්වරූපය ආදී ලෙස පුරුෂයන් හා කාන්තාවන් සඳහා භෞතික ලක්ෂණ භාවිත කිරීම.
  • කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය – ප්‍රචණ්ඩත්වය සිදුකිරීම හා ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කිරීම, කාන්තාවන්ගේ තෝරාගැනීමක් ලෙස සාමාන්‍යකරණයට ලක්කිරීම.
  • ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන කාන්තාවන් අතින් වුව ද, එවැනි තත්ත්වයන් මතුනොවන බව සඳහන් කිරීම මිත්‍යාවකි. ස්ත්‍රී-පුරුෂ ජනමාධ්‍යවේදී දෙපාර්ශවය අතර ද ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සංවේදී බවක් තිබිය යුතු යි.

 

Original article was written by M.S Thewagowry

Leave a Reply