සාධාරණය ඉල්ලන සොබාදහමේ මහා විලාපය

ශ්‍රී ලංකාව –  කලක් මහා වන ආවරණයක් සතුව පැවැති රටක් ලෙස   (44.1 % ක් 1956දී තිබුණු අතර එය 2018 වන විට 29.2 % දක්වා අඩු වී ඇත).  ක්‍රමයෙන් වනාන්තර භූමි විශාල ලෙස එළි කරමින් සිටින බව දකින්නට ඇත. පරිසරවේදීන්ගේ අදහස නම් ශ්‍රී ලංකාවේ දිනකට අක්කර තුනක් පමණ බැගින් වනආවරණය හෙළිපෙහෙළි වෙමින් පවතින බවයි. ප්‍රමාදය නිසා, පරිසරයට අවම හානියක් වන සංවර්ධන උපායමාර්ග සමඟ වූ ලෝකයේ ආර්ථිකයන්ට පටහැනි සංවර්ධනය නිසා පරිසරය මෙන්ම වනසතුන්  සංවර්ධනයේ කරදරයට මුහුණ පා ඇත.

නීති ප්‍රමාණවත්ද?

සොබාදහමේ නීති ඇති තරම්ය. නැතහොත් පරිසර නීතීඥයන්ගේ අදහස එයය. කෙසේ වෙතත් අඩුපාඩුව ඇත්තේ ක්‍රියාත්මක කිරීමේය. උදාහරණයක් ලෙස වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ (FFPO) සඳහන් දඩ සහ දඬුවම් ගතහොත් එය රුපියල් 150,000 දක්වා වන අතර වරදට අනුව සිර දඬුවම් ලැබීමද ඇතුළත් වේ. කෙසේ වෙතත් දඬුවම තීරණය වන්නේ වරදේ ස්වභාවය මතය. ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥාපනත (FCO) උල්ලංඝනය කිරීම බරපතළ දඬුවම් ලැබීමට හේතු විය හැකි වුවද තවදුරටත් ගැටලුව එය බව නොපෙනේ. අලියකුට හිතාමතා විදුලිසැර වැද්දීමේ සිදුවීම් තිබුණද අපරාධකරු අත්අඩංගුවට ගත් වහාම නිදහස් කර තිබුණි. අනෙක් අතට 2020 වසරේ දිවියන් 11 දෙනකු මන්දට හසුකිරීම් සිදු වුවද වගකිව යුතු වරදකරුවන් අල්ලා ගැනීමේ උත්සාහයක් තිබුණේද යන්න පිළිබඳ ඇත්තේ පැනයකි. මෙසේ සිදු වන්නේ  අලි ඇතුන්, දිවියන් සහ තවත් බොහෝ විශේෂයන්ගේ ගහණයන් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ විශේෂයන් හට ඇති තර්ජනය නිසාම  ‘දැඩි ලෙස ආරක්ෂා කළ යුතු’ ලෙස වර්ගීකරණය කර තිබියදීය. තවත් බොහෝ නීති සංවර්ධන කටයුතුවලදී පරිසරයට අවම හානියක් විය යුතුය යන්න තහවුරු කිරීම වෙනුවෙන් පවතී.

නීති ක්‍රියාවට නංවන්‌නේ කවුරුන්ද?

නීති පොතේ ඇති නීති තිබූණ ද නිවැරැදිව ක්‍රියාත්මක නොවනතාක් සාධාරණය ඉටු වන්නේ නැත. එය සිදු වීමට නම් බොහෝ අධීකාරීන්ට පරිසරය සුරැකීම සඳහා වූ බලය හිමි විය යුතුය. ඒවාට අයත් වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ආදියයි. මේ ආයතනවලට අමතරව ශ්‍රී ලංකා පොලීසියටද වනජීවි අපරාධකරුවන් රඳවා ගැනීමේ බලතල වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ පැවරී ඇත. එහෙත් නීත්‍යානුකූල නොව වනජීවී ව්‍යාපාරයට සම්බන්ධ අපරාධකරුවන් විශාල ජාලයක් සමග සබඳතා පවත්වන බව නිරන්තර දක්නට ලැබේ. එනිසා වරින් වර කෙරෙන දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලින් පසුව පවා, තේ වතුවල මිනිසුන් දිවියන් ඇල්ලීමේ උගුල් ඇටවීම දිගටම සිදු කිරීම දිවියන්ගේ ජීවිතවලට ප්‍රධානතම තර්ජනය වී ඇත. දිවයින පුරා විසිර ඇති දිවියන් සංඛ්‍යාව නොදන්නවා වුවද, මදු ගැසීමෙන් ශ්‍රී ලංකාවට අහිමි වන්නේ එහි වටිනාම වස්තූන් වේ. වනජීවී හා සම්බන්ධ නඩු අධිකරණයේ විමසෙන්නේ ඉඳහිට වන අතර පෞද්ගලික ආයතන අතළොස්සක් පමණක් පරිසරයට සාධාරණය ඉටු කිරීමට කැප වී ඇත.

කුඩා ජයග්‍රහණ

මෑතකදී අභියාචනාධිකරණයෙන් වැදගත් විනිශ්චයක් ලබා දුන්නේ විල්පත්තු ජාතික උද්‍යානයට අලළා පිහිටි  කල්ලාරු කැලයේ වනහායනය සම්බන්ධයෙනි. ඒ සමඟම බොහෝ දෙනා කතා කළේ යළි වනරෝපණය සම්බන්ධව සහ එය ලෙහෙසි පහසු කටයුත්තක් විය හැකිද යන්න පිළිබඳවය. පරිසරවේදීන් සමපේක්ෂණය කරන්නේ හෙක්ටයාර 3000-5000ත් අතර භූමි ප්‍රමාණයක යළි වන රෝපණය කළ යුතු බවයි. ඔවුන් ගණනය කර ඇති ආකාරයට එක් හෙක්ටයාරයක පැළ රෝපණය සඳහා දස ලක්ෂ 1.5 සිට 2ක් දක්වා මුදලක් වැය වෙයි. ප්‍රතිරෝපණය යනු අවසානයේ යම් පැළ ටිකක් සිටුවීම හෝ යුකැලිප්ටස් හෝ පයින් ගස් මෙන් අවට වාසස්ථාන ලබා දෙන ඒකීය සංස්කෘතික් ගොඩ නැඟීම නොවේ. එනිසා පළමුව අවට කැලෑවන් අතරින් නිදර්ශකයක්  පිළිබඳ අධ්‍යයනය කළ යුතු අතර මේ සඳහා නිදිකුම්බා වැනි කුඩාම පැළැටිද ගත යුතුය. මිනිසා විසින් තනන ලද කැලෑවක් නියමිත ලෙස වර්ධනය වීමට වසර 30 ක පමණ කාලයක් ගත වන අතර මේ නඩුවේ පැමිණිලිකරුවන් පැවසූයේ ප්‍රධාන වැරැදිකරුවන්ට පමණක් සිර දඬුවම් දීම හෝ දඩයක් නියම කිරීමට වඩා මේ තීරණය වඩා හොඳ බවයි.

මෙයට අමතරව, පෙර පැවැති රජයෙන් නිකුත් කළ තවත් ගැසට් පත්‍රයක් පසුගිය මස ප්‍රසිද්ධ කෙරුණේ, සිංහරාජ වන රක්ෂිතය වන සංකීර්ණයක් ලෙස පුළුල් කළ බවටයි. ඒ අනුව එහි භූමිය හෙක්ටයාර 11,000 සිට 36,000 දක්වා වැඩි වේ. ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සුරකින්නන්ගේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහට අනුව සිංහරාජය බ්‍රිතාන්‍ය යුගයේදී රක්වාන, කලවාන සහ අවට ප්‍රදේශ සඳහා මාර්ග ඉදි කිරීම නිසා කොටස්වලට වෙන් වී ගොස් ඇත. එනිසා බොහෝ වනාන්තර කොටස් හුදෙකලා වී අනාරක්ෂිත වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගස් කැපීම ඇතුළු අනෙක් නීති විරෝධි කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරිණි. එහෙත් මේ ගැසට් නිවේදනය සමඟ වනාන්තර කොටස් සිංහරාජ වන රක්ෂිතයේ කොටස් ලෙස ඇතුළත් වනවා පමණක් නොව වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේආඥා පනතින් සහ වන සංරක්ෂණ ආඥා පනතින් රැකවරණය ලබනු ඇත.

සංවර්ධනය වැරැදියට වැටහුණේද?

ගෝඨාභය රාජපක්ෂ  පාලනය 2025 වනවි‌ට වනආවරණය 29.7% සිට 32% දක්වා වැඩි කිරීමට සැලසුම් කළ ද දැනට කෙරෙන සංවර්ධන උවදුර සමඟ එය යථාර්ථයක් නොවනු ඇත. ගැටලුව තවදුරටත් නරක අතට හැරෙන්නේ  පරිසරය සුරැකීමට පවතින ව්‍යවස්ථාව ද ඉවත් කරන බැවිනි. උදාහරණයක් ලෙස, වෙනත් රජයේ වනාන්තර චක්‍රලේඛ 05/2001 සහ 02/2006 අවලංගු කිරීම සහ 2020 නොවැම්බර් නිකුත් කළ MWFC/01/2001 මඟින් එය ප්‍රතිස්ථාපනය කිරීම සොබා ලෝලී සහෝදරත්වයේ කෝපය ඇවිස්සීය. පෙර චක්‍රලේඛ මඟින් ‘වෙනත් රජයේ වනාන්තර’ ආරක්ෂා කළේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ට වගකීම ලබා දෙමිනි. ඒ මඟින් අදාළ රජයේ නියෝජිතයන්ට වන නිලධාරීන්ට සේම සංවර්ධ කටයුතුවලදී වනතීරු විනාශ නොවීම තහවුරු කිරීමට බලතල තිබුණි. එයට හේතුව අලි ඇතුන් විසින් තම ගොදුරු බිම් හරහා ගමන් කිරීමට යොදා ගන්නා ඒ වනතීරු ආවේණික විශේෂ රැසකට නිවහන් සපයමින් සුවිශේෂී පරිසර පද්ධති බවට පරිවර්තනය වී තිබීමය. එසේම, මේ චක්‍රලේඛය අවලංගු කිරීමේ තීරණය මෙන්ම ඉඩම් කොමසාරිස්වරයා ඉඩම් පිළිබඳ අවසන් තීරණය ගන්නා ලෙස පත්කිරීම පරිසරය පැත්තෙන් ගත්විට සුබදායී නොවන්නකි. මෙතැන් සිට මේ වන කොටස් වනාන්තර නොවන ලෙස මුදා හැරිය හැකිය, පරිසරවේදීන් බිය වන්නේ පරිසරය පිළිබඳ පුළුල් දැනුමක් සහිත පිරිස් මේ කටයුතු පිළිබඳ විමසීමට නොසිටිය හැකි බැවිනි. ඊට අමතරව විශාල භූමි ප්‍රදේශ, විශේෂයෙන්ම පෞද්ගලික භූමි වාණිජ අවශ්‍යතා සඳහා එළි කරනු ලැබේ. මෙය හෙක්ටයාරයකට වැඩි භූමි කොටසක් එළි පෙහෙළි කරන්නේ නම් එයින් වන පරසර බලපෑම පිළිබඳ ඇගයීමක් කළ යුතු බවට සඳහන් වන ජාතික පාරිසරික පනතට පටහැනිය. එහෙත් සංවර්ධනය එවැනි ඇගයීම් රහිතව ක්‍රියාවට නැඟෙන අතර පරිසරය අවදානමකට ලක්ව ඇත්තේ එනිසාය.

කොවිඩ් සහ අනෙකුත් අභියෝග

වසංගතය පරිසරයට මෙන්ම වනජීවීන්ටද අනෙක් සියලු ක්ෂේත්‍රවලට මෙන්ම මහත් අභියෝගයක් එල්ල කළේය. මාර්තු මාසයේ ඇරැඹි එයින් ගල්කිස්ස වෙරළ තීරය තවදුරටත් ඛාදනය වන හේතුවකින් පිරීගියේය. සැලසුම තිබුණේ වැල්ලවත්ත වෙරළ අසල කෘත්‍රීම වෙරළක් තැනීමට වුවද ඒ උපායමාර්ගය ක්‍රියාත්මක නොවිණි. එයට අමතරව දිවියන් විශාල සංඛ්‍යාවක් මිය ගිය අතර ඉහළ ගිය අලි-මිනිස් ගැටුම බොහෝ පුවත් සිරස්තල මැවීය. කෙසේ වෙතත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවීන් සම්බන්ධ සිදුවීමකදී පිටත් කර හැරීමට ඔවුන් සතුව ඇත්තේ සීමා සහිත සේවක සංඛ්‍යාවක් බව  පිළිගත්තේය. ඔවුන් දඩමස් වැටලීම් සහ අනවසර වනජ ද්‍රව්‍ය ළඟ තබා ගන්නවුන් අත්අඩංගුවට ගත්තද ඒ සඳහා දිනපතා නියුක්ත කර ඇත්තේ ඉතා අඩු නිලධාරීන් සංඛ්‍යාවකි. එහෙත් පරිසරවේදීන් නිරීක්ෂණය කරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි මුදාගැනීමේ ධූරාවලිය වර්ධනය කර පරිසරය සුරැකීම සඳහා දැඩි ස්ථාවරයක් ගත යුතු බවයි.

ජාතික උද්‍යාන 22කින්, සපුෂ්පික ශාක 4000ට වැඩි සංඛ්‍යාවකින්, සමනලුන් 245කින්, මිරිදිය මසුන් 91කින්, ක්ෂීරපායීන් 125කින්, අපෘෂ්ඨවංශීන් විශාල සංඛාවකින් සහ නොයෙක් වෘක්ෂලතා ගණනාවකින් (2012 සමීක්ෂණයට අනුව) ආශීර්වාද ලත් ශ්‍රී ලංකාව වනජීවී සංචාරක ව්‍යාපාරය සඳහා සුදුසුම ස්ථානයකි. එහෙත් එය සාර්ථක වන්නේ මේ විශේෂයන්ගේ වාසස්ථානවලට මිනිසුන්ගෙන් සිදුවන බාධා අවම වන පරිදි ආරක්ෂා කළ හොත් පමණි.

Leave a Reply