සෞඛ්‍යාරක්ෂාවේ ‘ආරක්ෂාව’ කොහිද? ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්‍රමවේදය පිළිබඳ විවරණයකි.

ශ්‍රී ලංකාවේ නිදහස්  සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයක් පවතින බව සිතීම වැරැදි උපකල්පනයකි. රජයේ රෝහල්වල ශල්‍යකර්ම, සායනයන් වෙත යෑම, රෝහල්ගත වීම සහ ඖෂධ වැනි සේවාවන් ලබාගැනීමේ අවශ්‍යතාව ඇති අයට ඒ මොහොතේම ගෙවීමක් කිරීමට සිදු නොවුණත්, යථාර්ථය නම් රටේ පුරවැසියන් විසින් සිය ආදායම් මත සහ භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී පැනවූ බදු වශයෙන් දැනටමත් ඒ සේවාවන් සඳහා ගෙවා තිබීමයි. අත්‍යාවශ්‍යයෙන්ම, මෙහිදී සැලකිල්ලට ගත යුතු වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂණය මහජන අරමුදලින් කෙරෙන ක්‍රමවේදයක් යන්නයි.

දැන් අප සෞඛ්‍යාරක්ෂාව යන්නෙහි පුළුල් අර්ථකථනය වෙත ද යොමුවෙමු. 2012 වසරේ ආචාර්ය (වෛද්‍ය) රොබර්ට් ස්වෙල් විසින් ලියන ලද ලිපියක ඔහු සෞඛ්‍යාරක්ෂණය අර්ථදක්වන්නේ ” එක් මනුෂ්‍යයකු විසින් තවෙකෙකුට සපයන පෞද්ගලික සේවාවකි, එසේම අතීතයේ සිටම සේවය සපයන්නා හැඳින්වූයේ ‘ වෛද්‍යවරයා’ ලෙස වන අතර සේවය ලබාගන්නා සරලවම ‘රෝගියා’ විය”. එයින් ඉඟි කරන අදහස වන්නේ පෞද්ගලික වීම සහ රැකවරණය යනු ඒ අර්ථකථනයට අතිශයින්ම වැදගත් බවයි; එසේ නැතහොත් අප සෞඛ්‍ය සේවයට හා වෛද්‍ය පහසුකම් යන්න සරලවම සෞඛ්‍යාරක්ෂණය ලෙස හඳුන්වනු ඇත.

රෝගියකු රැකවරණය සොයන හේතුව – අන් අයට වඩා – රෝගී තත්ත්වයෙන් පසුවීම ඔබ කායික මෙන්ම මානසික අවදානමක හෙළනු ඇත.  ඔබේ ඉන්ද්‍රියයන් උපරිම මට්ටමින් ක්‍රියාත්මක නොවන විට, එය ඔබ පහළට ඇදීමේ ප්‍රවණතාවක් වෙයි. මේ අවදානම් තත්ත්වය තවදුරටත් උග්‍ර වනුයේ එය එච්අයිවී, පිළිකා, සහ දියවැඩියා වැනි දිගු කාලීන රෝගයක් බව දැනුණු විටය. මිනිසුන් ඔවුන්ගේ ජීවිතයේ වසර ගණනක් පුරා ජීවිත තර්ජන තත්ත්වයක් සමඟ පොරබැදීම යනුවෙන් අදහස් කරන්නේ රැකවරණය නම් සාධකයේ එක හා සමාන කැපවීම සහ කල් පැවැත්ම පිළිබඳ අවශ්‍යතාවයි. මෙවැනි රැකවරණයක් සාමාන්‍යයෙන් බෙදාහැරෙන්නේ නිවෙසේදී නෑදෑ/හිතවත් අය අතර සහ රෝහලේදී සෞඛ්‍යාරක්ෂණ සැපයුම්කරුවන් අතිනි.

අපේ රටේ ආර්ථික දර්ශකවලට නොගෙවන ලද සත්කාර ආර්ථිකය සාධකයක් ලෙස නොගන්නා හෝ රජය විසින් වටිනාකමක් ලබා නොදෙන සන්දර්භය තුළ නිවෙසේදී සපයන සත්කාර සැපයීම ලබා දී ඇති බව උපකල්පනය කෙරේ. කෙසේ වෙතත් අප නිරන්තර බලාපොරොත්තු වන්නේ නිවෙසේදී මේ වගකීම් කාන්තාවන් අතින් ඉටුවනු ඇති බවටයි. එලෙසම  අපි වෛද්‍යවරුන්, හෙදියන්, සාත්තු සේවකයන් සහ සෞඛ්‍යාරක්ෂක ක්ෂේත්‍රයේ අනෙක් අය ඔවුන්ට අපේ මහජන සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදය යටතේ පැවරී ඇති අනෙක් රාජකාරී සමඟ ඒ අයුරින්ම සත්කාරය සපයන්නේ යැයි උපකල්පනය කරන්නෙමුද?  පිළිතුර නැත යන්නය.

මහජන සෞඛ්‍යසත්කාරයේ දෛනික පදනම මත යෙදෙන රෝගීන් හට උඩින් පල්ලෙන් කරන රෝග විනිශ්චයන්, ප්‍රතිකාර සහ ඖෂධ ලබා දෙන අතර අප්‍රසන්න සැලකීම්වලට ගොදුරු වීමට සිදු වේ. අපේක්ෂා රෝහලේ ලියාපදිංචි වූ පිළිකා රෝගියකු උදාහරණයකට ගතහොත් ක්‍රමවේදයේ විවිධ පුද්ගලයන් සමඟ නියැළීමට සිදු වේ. ඔවුන් කීමෝතෙරපි ප්‍රතිකාරය සඳහා පෙළ ගස්වා ඇත්නම්, ඔවුන්ට ලේ පරීක්ෂා, සායන වෙත යෑම, කීමොතෙරපි ප්‍රතිකාර ලබාගැනීම සඳහා සහ ඒ අතරතුර ඔවුන්ට අඬගසන තුරු ඒ ප්‍රදේශවල රැඳී සිටීමට සැලකිය යුතු කාලයක් යෙදවිය යුතුවෙයි.

සාමාන්‍යයෙන් මේ සඳහා තක්සේරුවක් ගතහොත් පාන්දරින් සායනයට එන පිළිකා රෝගීන්ට සවස්වන තුරුම පිටවීමට නොහැකිය. මේ විවිධ ස්ථානවලදී ඔවුන් ආරක්ෂක භටයන්, සාත්තු සේවකයන්, හෙදහෙදියන් සහ වෛද්‍යවරුන් සමඟ මුහුවේ. මේ නියැළීම් බොහෝ විට අගෞරවණීය වන අතර ඇතැම්විට පහත් මට්ටමේ ගොරහැඩි ඒවාය. රෝගීන් බහුල සේම අඩු  කාර්යමණ්ඩලයකින් යුත් ඇහිරුණු ක්‍රමවේදයක් තුළ කරුණාවන්තබවකට හෝ තව කෙනකු වෙත යෑමට පෙර රෝගියකු වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් ගත කිරීමට හෝ ඇත්තේ අඩු ඉඩකි. තම වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරන රෝගීන් හට බැණුම් ඇසීමටද සිදුවන්නේ වෛද්‍යවරයා හැකි ඉක්මනින් අනෙක් රෝගියා වෙත යා යුතුවන බැවිනි. හෙදියන් සහ සෞඛ්‍ය සේවකයන් රෝගීන් හරක් රැලක් සේ වටකර ගන්නා බැවින් ප්‍රතිකාර සඳහා තමන්ගේ නම අඬගැසුවද ඇසෙන්නේ නැත. ඇත්තෙන්ම රටේ ඕනෑම රජයේ රෝහලක් වෙත පය තබන ඔබට නිරන්තර කෑගැසීම් සහ රෝගීන් දක්කාගෙන යෑම් දක්නට ලැබෙන්නේ ගොවිපළක සතුන්ට නොවෙනස් ආකාරයෙනි. එය සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයේ අඩු රැකවරණය පමණක් නොව රෝගියාගේ ආත්ම ගෞරවයටද බලපාන්නකි.

එය යදින්නේ මේ ආකාරයේ සීමාන්තික කුරිරුකම් පසුපස ඇති අභිප්‍රේරණය කුමක්ද යන පැනයයි. සෞඛ්‍ය සේවා සපයන්නන් බොහෝ සෙයින් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති නිසා සත්කාරයට කාලය නැතිවද? ඔවුන් බොහෝ රෝගීන් මිය යනු දැක ඇති නිසා නව රෝගියකු බලා ගැනීම විශාල ආයෝජනයක් බවට පත්වේද? එසේත් නැත්නම් සෞඛ්‍යාරක්ෂණ සේවයේ නියැළෙන්නන් යනු හුදෙක් තමා නඟා සිටුවීමට නිර්මාණය කරන ලද ක්‍රමවේදයේ අඩුපාඩු  මත බලය පෙන්වන්නන්ද?  සෞඛ්‍යාරක්ෂණ සේවා සපයන්නන්ගේ මේ අපයෝජනයන් අක්‍රීය ලෙස බාර ගැනීමට වෙනුවට අප මේ ප්‍රශ්න කිරීම් කළ යුතු නොවන්නේද?

වත්මන් වසංගත කාලය වැනි යුගයක සෞඛ්‍ය සේවකයන් බෙහෙවින් කැපී පෙනෙන අවස්ථාවක මේ ප්‍රශ්න නැඟීම අතිශයින් වැදගත්ය. මේ ප්‍රශ්න නැඟීම යනු සෞඛ්‍ය සේවකයන් දිවි හිමියෙන් මේ වසංගත තත්ත්වය ලංකාවෙන් තුරන් කිරීමට දැඩි අවදානමක් ගනිමින් දරන දුෂ්කර වෙහෙස ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක් නොවන වග සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාව වැනි රටක සෞඛ්‍යාරක්ෂණ සේවය සම්පූර්ණයෙන් ලැබීම යනු මිලියන ගණන් පුරවැසියන්ට ඖෂධ, වෛද්‍යවරුන් සහ රෝහල් වෙත නොමිලේ ප්‍රවේශ වීමේ වාසිය ලැබීමකි. මෙහි සැබෑ උත්සාහය වන්නේ මේ අපමණ අගයකින් යුතු සේවය මහජනයා‌ට ලබා දීමේදී නියම සත්කාරකත්වය අඩුවීමේ හේතුව විමසීමයි. මේ ක්‍රමවේදය ගොඩ නැඟී ඇත්තේ මනස  සහ කය පිළිබඳ  සම්පූර්ණ සැලකිල්ලක් දැක්වීම සඳහා වන සමෝදාන්විත ප්‍රවේශයකින් නොවේ නම්, අප අසමත් වන්නේ යැයි තර්ක කළ හැකිය.

බටහිර වෛද්‍ය ක්‍රමයට දක්වන අනුග්‍රහයක් ලෙස සම්ප්‍රදායික දේශීය ක්‍රම වන ආයුර්වේදය වැනි දේ නිරන්තර කොන්කිරීමට ලක්වෙයි, එහෙත් දේශීය ඖෂධීය ක්‍රමවේදයන් මේ තත්ත්වයට විසඳුම් සෙවීමේදී වැදගත් විය හැකිය. ආයූර්වේදයේ විශ්වාසය වන්නේ විශේෂිත රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා සමස්ත පුද්ගලයාට ප්‍රතිකාර කිරීම වන අතර එයින් රෝගියාගේ චිත්තාවේගයන්හි යහ පැවැත්ම කායික රෝගී තත්ත්වය සමඟම සැලකිල්ලට ගැනීම තහවුරු කරයි. ජාතික සෞඛ්‍යආරක්ෂක සේවය‌ට මෙවැනි උපදේශයන් ගැනීම සඳහා මේ ප්‍රශ්න පොදු ජනතාවගෙන් විමසීම පමණක් නොව ප්‍රතිපත්ති සැලසුම් මට්ටමින් විමසීමද වැදගත්ය. කෙසේවෙතත් සෞඛ්‍යාරක්ෂණය පිළිබඳ යළි පරිකල්පනය කිරීමට නම් රජය පළමුව ප්‍රමාණවත් හේතු සෙවීමට පවතින ආකාරයෙන්ම දේවල් විසිරුවා හළ  යුතුය. මෙය සිදු විය හැක්කේ මහජන බලපෑමකින් පමණකි. මෙය හුදෙක් අපට අවශ්‍ය වූ විට ශ්‍රී ලංකාවේ රෝගීන් හට හැකි උපරිම මට්ටමින් ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවත් නීති රීති මඟින් ප්‍රමාණවත් අරමුදල් වෙන්කිරීම පමණක් ම නොවේ.

20201007_110630        20201007_110626        20200820_095947

20200709_104033 20200528_124312 20200910_075828

Leave a Reply