ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය ලෙස සැලකෙන මැයි 03 වැනි දා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව විද්වත් කථිකාවක් පවත්වන ලදී. යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් 1993 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය ප්‍රකාශයට පත් කරන ලදී.
මෙමගින් ලෝකය පුරා වෙසෙන මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස පිළිබඳ මූලික ප්‍රතිපත්ති සැමරීමටත්, ලෝකය පුරා මාධ්‍ය නිදහස පවතින ආකාරය තක්සේරු කර බැලීමටත්, මාධ්‍ය ස්වාධීනත්වයට එරෙහිව එල්ලවන ප්රහාරයන්ගෙන් ආරක්ෂා වීමට පියවර ගැනීමට සහ රාජකාරියේ යෙදී සිටිය දී තම ජීවිත අහිමි වූ මාධ්‍යවේදීන්ට ගෞරව දැක්වීමටත් එම දිනය යොදා ගැනීමට අවස්ථාව හිමිවිය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව සංවිධානය කළ විද්වත් සංවාදයේ මාතෘකාව ලෙස තෝරාගෙන තිබුණේ ”මාධ්‍ය නිදහස සමාජ වගකීම් සහ නියාමනය” යන්නයි. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ මාධ්‍ය නිදහසේ පවත්නා තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්රමිතීන් ඉහළ නැංවීමට රජය විසින් යෝජිත නියාමන රෙගුලාසීන් පිළිබඳව මෙම සාකච්ඡුාවේ මූලික අවධානය යොමු විය. මෙම සාකච්ඡුාව ඉතා උද්යෝගීමත්ව පැවතුනු අතර විද්වත් මණ්ඩලය නියෝජනය කළ සිටි මාධ්‍ය වෘත්තිකයන්, අධ්‍යාපනඥයන් සහ රජයේ නියෝජිතයන් එය ඉතා ඉහළ මට්ටමේ සංවාදයක් බවට පත් කිරීමට දායක විය.
ඬේලි එක්ස්ප්‍රස් පුවත්පතේ කර්තෘ හනා ඊබ්‍රාහිම්, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ නීතිඥ ජගත් ලියනආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ජේ. ආර්. ඬේවිඞ් සහ දෙරණ ටී. වී. ආයතනයේ ප්රවෘත්ති අධ්යක්ෂ ෂෙහාන් බරණගේ විද්වත් මණ්ඩලය නියෝජනය කළහ.