Home News සම්මානලාභී විශිෂ්ටයෝ-2014

සම්මානලාභී විශිෂ්ටයෝ-2014

වම්පස කෙලවරේ සිට එස් . තිලෙයිනාදන් මහතා, සරණපාල පමුණුව මහතා, නිහාල් රත්නායක මහතා , ලතීෆ් ෆාරුක් මහතා, බිනෝයි කුමාර වික්‍රමසුරේන්ද්‍ර මහතා
Lifetime Achievement Award From Left Mr. S. Thillainathan, Mr. Saranapala Pamunuwa, Mr. Nihal Ratnaike, Mr. Latheef Farook and Mr. Binoy Surendra

එස් . තිලෙයිනාදන් මහතා

1962 වසරේ දී වාර්තාකරුවෙකු ලෙස වීරකේසරී පුවත්පතේ සේවයට එක්වෙමින් ජනමාධ්‍ය කේෂත්‍රයට පිවිස ඇති කලාභූෂණ එස්.තිලෙයිනාදන් මහතා එම ආයතනයෙන් ඉවත්වන විට එහි ප්‍රධාන වාර්තාකරු ලෙස කටයුතු කරමින් සිට ඇත. ඒ මහතා පසුව දවස දවස පුවත්පත් ආයතනයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේත් සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඡ්‍යේෂ්ඨ ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී 1989 වසරේදී එම ආයතනයෙන් ඉවත්ව ඇත.

ප්‍රවීන ස්න්නිවේදකයෙකු වන ලිවී ආර් විජේමාන්න මහතා විසින් 1994 වසරේ දී ආරම්භ කල ප්‍රථම පුද්ගලික දමිළ ගුවන්විදුලි සේවය වන එෆ්.එම්. 99 සේවයේ ආරම්භක වැඩසටහන් කළමණාකරු වශයෙන් තිල්ලෙයිනාදන් මහතා කටයුතු කර තිබේ. එම්.ටී.වී ආයතනයේ ශක්ති එෆ්.එම් , ටීව් හි ප්‍රවෘත්ති කළමණාකරු ලෙස පත්වීමට පෙර හෙතෙම ස්වාධීන රූපවාහිනී සේවයේ ඉංග්‍රීසි සහ දෙමළ වැඩසටහන් අංශයන්ගේ සෙවය කර ඇත.

කෙටි කාලයක් ෆීනික්ස් ප්‍රචාරක දැන්වීම් ආයතනයේ පිටපත් රචකයෙක් ලෙස සේවය කර ඇති තිලෙයිනාදන් මහතා යංග් ඒෂියා ඊට අමතරව හෙතෙම ස්වාධීන උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඊට අමතරව හෙතෙම ස්වාධීන රූපවාහිනී සේවයේ වසන්තම් ටී.වී. හි දේශපාලන වැඩසටහන් මෙහෙයවා ඇත. පසුව ඔහු ලේක්හවුස් ආයතනයේ තිනකරන් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද කටයුතු කළේ ය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 2006 වසරේ දී ඒමහතාට කලා භූෂන සම්මානය පිරිනැමුවේ ය. හෙතෙම දිවයිනටම බලපාන සමදාන විනිශ්චයකරයෙක් ද වේ.

විදේශ ජනමාධ්‍ය පුහුණු පාඨමාලා කිහිපයකටහ සහභාගී වී ඇති එස්. තිලෙයිනාදන් මහතා බීබීසී ආයතනය විසින් පන්ඩනයේ දී පැවැත් වූ ප්‍රවෘත්ති හා කාලින සිදුවීම් පිළිබද පුහුණුව ලබා ඇත. ඉන් අනතුරුව ආසියානු පැසිෆික් විකාශන සංගමය විසින් මලයාසියවේ පැවැත්වූ වාර්තාකරණය පිලිබද පුහුණුව, බටහිර ජර්මනියේ උසස් ජනමාධ්‍යකරණය පිළිබද පැවැත් වූ පුහුණුව හා නවදිල්ලි නුවර පිහිටි වෘත්තීය සමිති විද්‍යාලයේ දී ද ජනමාධ්‍ය පාඨමාලවක් හදාරා ඇත.

කෘතීන් තුනක කර්තෘවයෙක් ද වන තිලෙයිනාදන් මහතා මෑතකදී නිකුත් කළ කෘතිය වන්නේ සිය පනස් වසරක අක්දැකිම් ඇසුරෙන් රචනා කළ පාර්ලිමේන්තු වාර්තාකරණය පිලිබද කෘතිය වේ.  එය දෙමළ සහ සිංහල භාෂාවන්ගෙන් නිකුත් කළ කෘතිය වන්නේ සිය පනස් වසක අත්දැකීම් ඇසුරෙන් රචනා කළ පාර්ලිමේන්තු වාර්තාකරණය පිළිබද කෘතිය වේ. එය දෙමළ සහ සිංහල භාෂාවන්ගෙන් නිකුත් කර ඇත.

Mr. S Thillainathan

Kalabushana S. Thillainathan joined Virakesari in 1962 as a reporter and become chief reporter before joining Davasa Group. He then joined the SLBC’s news division and left as Senior News Editor in 1989.

In 1994, he was appointed as the Founder Programme Manager for the first private Tamil language Radio Station FM 99 inaugurated by veteran broadcaster Mr. Livy R. Wijeymanna. He later went on to head all three language segments of the news division.

“Thillai; as he is better known, then joined the ITN’s English and Tamil language programme divisions before being recruited as MTV’s Shakthi FM / TV News Manager.

He also had a short stint in advertising, working as a Senior Copy Writer at Phoenix-Ogilvy and later worked as Consultant at Young Asia Television and also a freelance writer for newspapers in addition; he handles political programmes for ITN’s Vasantham TV.

Thillai, was the Chief Editor of Thinakaran Newspaper of the Associated Newspaper Ceylon Limited.

Thillainathan was honored by the Ministry of Cultural Affairs in 2006 with the Kalabushana Award. He also an all Island Justice of Peace.

He was trained in news and current affairs in the London BBC, underwent training in news reporting in Malasiya conducted by the Asia Pacific Broadcasting Union, underwent training in west Berlin in advance journalism conducted by the Institute of advanced Journalism and received training in trade union journalism at the New Delhi trade Union college.

He also has the rare distinction of being the first journalist who was acquitted by the District Court of Sri Lanka in a case field against him by the attorney General for refusing to divulge source of information in 1997.

Thillainathan has written three books. The recent publication was his fifty years’ experience as a Lobby Correspondent. He wrote this book in Tamil and Sinhala languages.

සරණපාල පමුණුව මහතා

මහරගම පමුණුව ප්‍රදේශයේ උපත ලබා ඇති සරණපාල මහතා අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ජනමාධ්‍ය කේෂත්‍රය නවත යොමුව ඇත.

නාට්‍ය කලාව වෙත විශේෂ ඇල්මක් දක්වා ඇති ඒ මහතා සිංහල දෙමළ අලුත් අවුරුදු සමයට මෙන්ම වෙසක් සමයේදී කෙටි නාට්‍ය ප්‍රදර්ශන සංවිධානය කර ඇත. සෝමපාල ගුණවර්ධන විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට කළ ‘ මුණි සිරිපා කර මුණිපා’ නැමති වැඩසටහනට ද පමුණුව මහතා සහභාගී වී ඇත. ‘විශ්ව සාහිත්‍ය ආදී වැඩසටහන් ගණනාවකටම හෙතෙම හඬකවා තිබේ පසුව ඔහු සිය ගම් ප්‍රදේශයේ තරැණයින් එක් කර ගනිම්න් ‘ යකාගේ වැඩේ’ ‘දෙයියෝ දනී මං නොදනී’ ‘අම්මා බුදු වේවා’ ‘සුත සෝම ජාතකය’ සහ ‘වෙස්සන්තර ජාතකය’ වැනි නාට්‍ය ද නිශ්පාදනය කර ඇත.

‍සරණපාල පමුණුව මහතාගේ ජායාරූප ඇතුලත් ඡායාරෑප ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශනයක් ‘බ්ලඩ්, ස්වීට් ඇන්ඩ් ටියර්ස්’ නමින් කොළඹ කලාභාවනේ දී පවත්වා ඇත. එමෙන්ම ඔහු ඉන්දියාවේ, සිංගප්පූරුවේ, හොංකොං සහ  බැංකොක් හි ඡායාරූප ප්‍රදර්ශනය ගණානාවකට සහභාගී වී ඇත.

ඔහු 1964 සිට ඇත්ත පුවත්පතේ සේවය කල ජනමාධ්‍යවේදියෙකි.හෙතෙම ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස 1972 වසරේ දී දිවයින පුවත්පත සමග එක්ව ඇත.

අවස්ථා ගණනාවකදී ම ඡායාරූප මාධ්‍යවේදියෙක් ලෙස සම්මානයට පාත්‍රව ඇති සරණපාල පමුණුව මහතා 1993 වසරේ දී දිවයිනේ හොඳම පුවත්පත් ඡායාරූප ශිල්පියාට හිමි තේවිස් ගුරුගේ සම්මානයෙන් පිදුම් ලබා ඇත.

එමෙන්ම 1996 වසරේ දී හොදම පුවත්පත් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය, 1998 වසරේ දී හොඳම පුවත්පත් ඡායාරූප ශිල්පියාට හිමි කර්තෘ සංසද සම්මානය, 200 වසරේ දී හොඳම පුවත්පත් ඡායාරූප ශිල්පියාට හිමි කර්තෘ සංසද සම්මානය දිනා ගෙන ඇති පමුණුව මහතා 2008 වසරේ දී වගකීම් සහගත ජනමාධ්‍යකරණයට හිමි ජේෂ්ඨ පුරවැසි සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

Mr. Saranapala Pamunuwa

Mr. Saranapala Pamunuwa was born in Pamunuwa in Maharagama and after completing his education had the opportunity to work as a journalist.

Since his interest was in drama he used to organized short plays during the Sinhala and Tamil New York and Vesak. He also participated in radio programmes at the Radio Ceylon for Mr. Somapala Gunadeera. One of them was “Muni Siripa Kara Pinipa.” He voiced a number of programs for the radio such as “Vishwa sahithyaya.” He later produced his own dramas such as: “Yakage Wade, Deyyo Dani Man Nodani, Amma Budu Wewa from Susasoma Jathakaya and Vessanthara Jathakaya with the support from the youth in his area and rehearsing at the Dharma Sri Vardhanaramaya in Devala road, Pamunuwa.

With his experience in photography he held an exhibition at the Kala Bawana in Colombo: “Blood, Sweat and Tears.” He has also participated in several photographic exhibitions in India, Singapour, Hong Kong and Bangkok.

He was one the original members of the staff of Aththa newspaper in 1964. In 1972, he joined the Divaina newspaper as a photographer.

Mr. Pamunuwa has also won several awards during his illustrious career. In 1993, the Tevis Guruge Award for the Best Newspaper Photographer in Sri Lanka, in 1998 the Newspaper Artist and photographer of the year, in 2000, the Best Newspaper Photographer Award and in 2008 the Senior Citizen Award for responsible Journalism.

 

නිහාල් රත්නායක මහතා

ලේක්හවුස් ආයතනයේ සේවයට බැඳෙමින් සිය ජනමාධ්‍ය දිවිය ආරම්භ කළ නිමාල් රත්නායක මහතා 1952 වසරේ දී එම  ආයතනයේ සිලෝන් ඔබ්සර්වර් සහ ස්නඩේ ඔබ්සර්වර් පුවත්පත් වල කර්තෘමණ්ඩල සාමාජිකයෙක් ලෙස සිය ජනමාධ්‍ය කටයුතු ආරම්භ කළේය. හැටේ දශකයේ දී විශේෂාංග රචකයෙක් ලෙස ඩේලි නිවුස් පුවත්පතට සම්බන්ධ වූ ඒ මහතා බොහා් දෑ ලියන අතර කලාව සහ නාට්‍ය සම්බන්ධයෙන් ‘ කලා බයි විරංග’ යන නම්න් කොළමක් ද රචනා කළේය. පසුව ඔහු විශේෂාංග කර්තෘ ලෙසත් ඩේලිනිවුස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසත් කටයුතු කළේ ය. 1977 දී සිදු වූ දේශපාලන බල පෙරලියත් සමඟ ලේක් හවුස් ආයතනයෙන් ඉවත්ව ගිය රත්නායක මහතා වසරක පමණ කාලයක් හැරිස් හුලුගල්ලේ මහතාගේ ‘ ෆොක්ස් ‘ සතිපතා පුවත්පතේ සේවය කළේ ය.

1978 න් පසුව දි අයිලන්ඩ් පුවත්පතේ විශේෂාංග ලේකඛයකු ලෙස ද ඒ මහතා කෙටි කලක් කටයුතු කර ඇත. නැවතත් 1996 වසරේ දි ඩේලි නිවුස් පුවත්පතේ සම කර්තෘවරයකු ලෙස ලේක්හුවස් ආයතනයේ සේවයට එක්ව ඇති නිහාල් රත්නායක මහතා පසුව එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් කටයුතු කර ඇත.අනතුරුව 1998 වසරේ දී ඒ මහතාව කර්තෘමණ්ඩල ප්‍රධාන පරිපාලන නිළධාරිවරයා වශයෙන් පත්කර ඇති අතර 2001 වසර වනතුරු හෙතෙම එම ධූරයේ කටයුතු කර තිබේ.

රත්නායක මහතා 2001 වසරේ  සිට 2005 දක්වා සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවත්පතේ උපද්ශක කර්තෘවරයා ලෙස කටයුතු කර ඇත.
නැවතත් 2007 වසරේ දී නිහාල් රත්නායක මහතාව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති අතර ඒ මහතා 2010 වනතුරු එම ධූරයේ කටයුතු කර ඇත.

Mr. Nihal Rathnaike

Mr. Nihal Rathnaika entered his journalistic career at the Associated Newspapers of Ceylon Limited, Lake House as a staff reporter on the editorial staff of the Ceylon Observer and Sunday Observer in 1952.

In the 1960’s he moved to the Daily News as a feature writer; wrote among other things a weekly column on the theatre and the arts under the byline “Kala by Viranga” He was appointed Feature Editor and later rose to be the Deputy Editor of the Daily News. He left Lake House with the challenge of government in 1977 and worked for Mr. Harris Hulugalle’s weekly newspaper –Focus- for about a year.

After 1978he moved to The Island as a feature writer for a short time and later in 1996, he r-joined Lake House as Associate Editor and later become the Editor-in-Chief of the Daily News.

In 1998 he was appointed Chief Administrative Officer (Editorial) in Lake House and remained in that position until 2001. He joined the Sunday Standard-a new English language newspaper-as a Consultant Editor and worked there from 2001 to 2005.

In 2007, Mr. Ratnaike was appointed Director Editorial of Lake House and resigned in 2010.

ලතීෆ් ෆාරුක් මහතා

1966 වසරේ දී ලේක්හවුස් ආයතනයේ සේවයට බැදුන ලතීෆ් ෆාරුක් මහතා ඒ වනවිටත් ස්වාධීන පුවත්පත් කිහිපයක සේවය කර තිබිණි. හෙතෙම 1971 වසරේ සිට දේශිය දේශපාලනය ,ජාත්‍යන්තර මුල්‍ය හා ආර්ථික කේෂත්‍රයන්ට අදාළව සිලෝන් ඩේලි නිවස් පුවත්පතේ සහ සිලෝන් ඔබ්සර්වර් දිනපතා සවස පුවත්පතේ සේවය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තුන්වන ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට ලබා දෙන ඩැග් හැමර් ශිෂ්‍යත්වය සදහා සිලෝන් ඩේලි නිවුස් පුවත්පත විසින් 1976 වසරේ දී ලතීෆ් ෆාරුක් මහතාව නම් කළේය. නැවත ප්‍රකාශය පත් කළ ගල්ෆ් නිවුස් පුවත්පත එළ් දැක්වීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා 1979 වසරේ දී ෆාරුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධවේදීන් කණ්ඩායමක් ඩුබායි සංචාරයක නිරත වූහ. එයින් වසරකට පසු ඒ මහතා කලීජ් ටයිම්ස් පුවත්පත සමඟ එක්වූ ලතීෆ් ෆාරුක් මහතා බහරේන් බියුරෝවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

2003 වසරේ දී නැවත දිවයිනට පැමිණි ලතීෆ් ෆාරුක් මහතා ගල්ෆ් කලාපයේ, යුරේපයේ සහ නැගෙනහිර ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සදහා වැදගත්වන තොරතුරු අතුලත් විශේෂාංග ලිපි සපයන දකුණු ආසියානු පුවත් ඒජන්සියක් ආරම්භ කළේය.
හෙතෙම මලයාසියාව පදනම් කරගෙන කටයුතු කරන උපක්‍රමික තොරතුරු සහ පර්යේෂණ සංවර්ධන ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ ‘ වෝර් ඔන් ද ටෙරරිසම් – ද අන්ටෝල්ඩ් ත්රුත් ‘ නැමති කෘතියේ කර්තෘවරයා ද වේ. එම කෘතියේ පෙරවදන ලියා ඇත්තේ මලයාසියාවේ හිටපු අගමැති ආචාර්ය මහතීර් මෙහොමඩ් මහතා ය. අනතුරුව එම කෘතිය කොළඹ දී ප්‍රකාශයට පත් කරන ලදි. අනතුරුව 2009 වසරේ දී ” නෝබොඩීස් පීපල් “- ද ෆෙගොටන් පලයිට් ඔෆ් ශ්‍රී ලංකන් මුස්ලිම්ස්”   නැමති කෘතියත් 2013 දී ‘ ඇමරිකාස් නිව් වර්ල් ඔර්ඩර්- එක්ස්පෝට්න් වෝර්ස් ‘ නැමති කෘතිය ඇතුලු කෘතීන් කිහිපයක්ම ලතීෆ් ෆාරුක් මහතා විසින් රචනා කර ප්‍රකාශයට පත්කර ඇත.

Mr. Latheef Farook

Mr. Farook began his journalistic career with the now defunct Independent Newspapers in 1996 before joining Lake House where he worked with the Ceylon Daily News and the evening daily-Ceylon Observer from 1971, covering local politics and foreign affairs besides finance and economic sectors.

In 1976, Ceylon Daily News nominated him for the United Nations sponsored Dag Hammarskjold scholarship for Third World journalists.

In 1979, he led a group of Sri Lanka journalists to Dubai, relaunching the Gulf News before joined the Kaleej Times a year later. In 1987, he rejoined the gulf News where he worked as the Gulf Nws Bureau Chief in Baharain.

On his return home in 2003, he launched the South Asia News Agency in Colombo supplying feature articles on almost every aspect of Sri Lanka aimed mainly at catering to Sri Lanka expatriates in Gulf region, Europe, the Americas and Far East.

බිනෝයි කුමාර වික්‍රමසුරේන්ද්‍ර මහතා

බිනෝයි කුමාර වික්‍රමසුරේන්ද්‍ර මහතාව වෛද්‍යවරයෙක් හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් කිරීම ඔහුගේ පියාගේ උවමනාව විය. ඔහු එම දෙකටම ප්‍රිය නොකළ ද ඔහුගේ පියාගේ උවමනාව විය. ඔහු එම දෙකටම ප්‍රිය නොකළ ද ඔහුගේ පියාගේ අවශ්‍යතාවයට අනුව සිය පාසල් අධ්‍යාපනයෙන් පසු රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වූ වික්‍රමසුරේන්ද්‍ර මහතා ඒ කාලයේ සිටම ජන මාධ්‍ය ක්ෂේත්‍රය වෙත විශේෂ උන්නදුවක් දැක්වූවේ ය. අධ්‍යාපනය ලබන සමයේදීම හෙතෙම නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස දවස පුවත්පත් ආයතනය සමග එක් වූයේ එබැවිණි. ඔහු දවස පුවත්පත් ආයතනය සමඟ එක් වූයේ ප්‍රවීන මාධ්‍යවේදී ඩී.බී. ධනපාල මහතා එහි කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිට හෙතෙම එම පුවත්පතේ රාත්‍රී කාලයේ උප කර්තෘවරයෙක් ලෙස කටයුතු කළේ ය.

අනතුරුව ලේක්හවුස් ආයතනයට බැදුනු බිනෝයි කුමාර වික්‍රමසුරේන්ද්‍ර මහතා 2000 වසරේ සැප්තැම්බර් මාසයේ දී විශ්‍රාම ගන්නා අවස්ථාව වනවිට පුරා වසර 34ක් දිනමිණ පුවත්පතේ කර්තෘමණ්ඩලයේ සේවය කර ඇත. දිනමිණ පුවත්පතේ සේවය කරන කාලයේ දී උප කර්තෘවරයෙක්, නියෝජ්‍ය කර්තෘවරයෙක් , සම කර්තෘවරයෙක් ලෙස කටයුතුකර ඇති ඒ මහතා දිනමිණ පුවත්පතේ වැඩ බලන ප්‍රධාන කර්තෘවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු ජනමාධ්‍ය කේෂත්‍රයේ සේවය නිරතව සිටින සමයේ දී ධර්මපාල වෙත්තසිංහ එඩ්මණ්ඩ් රණසිංහ, එස්. සුබසිංහ, ටී.බී. පෙඑමුණේතිලක, පී.එස්. පෙරේරා, ඩී.බී. මෙත්තානන්ද , සරත් කුරේ, දෙල්තොට චන්ද්‍රපාල ආදී කීර්තිමත් පුද්ගලයින් සමග කටයුතු කර ඇත. වික්‍රමසුරේන්ද්‍ර මහතා ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු හෙතෙම වසර අටක කාලයක් ඉරුදින පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් කටයුතු කර ඇත.

Mr. Binoy Kumar Wickrama Surendra

Mr. Binoy Kumar Wimal Surendra after his formal school education entered the Indigenous Medical College, Rajagiriya. His father wanted him to be a doctor in western medicine or Ayurveda College his interest was in journalism.

While studying, he joined the Davasa Group of newspapers as a freelance Journalist. Whilee working on the Davasa newspaper, diring the time of Mr. D.B. Dhanapala who was the Editor at that time, he became the sub editor of the evening newspaper.

In May 1966, he joined Lake House and until his retirement in September 2000 he has clocked 34 years on the Editorial staff of the Dinamina Newspaper he held the positions of Sub Editor, Deputy Editor and Later he become Co-Editor of the Dinamina. He has also acted as the Chief Editor.

During his career, he had the honour of working under eminent personalities such as Dharmapala Wettasinghe, Edmond Ranasinghe, S. Subasinhe, T. B. Peramunathilaka, P.S. Perera, W. B.Methananda, Saratha Cooray, Deltota Chandrapala and others.

After retirement from Lake House he worked for eight years as Deputy Editor of Irudina newspaper.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Know your Parliament – North Central Province Workshop –  Anuradhapura

Know your Parliament Youth workshop series on understanding the role of the parliament North Central Province Workshop -  Anuradhapura The third workshop of the "Know Your Parliament"...

Press Club Event – “The India Story: Reform | Perform | Transform”

The Sri Lanka Press Institute (SLPI) hosted the High Commissioner of India to Sri Lanka, H. E. Santhosh Jha on the topic "The India...

Journalism in the Age of Disinformation: The Truth Toolkit for Journalists – Kegalla District Workshop

The Sri Lanka Press Institute is conducting a series of workshops for journalists and media professionals on 'Journalism in the Age of Disinformation: The...

Advanced data journalism training

The advanced data journalism training was successfully concluded with renowned expert Ms. Gurman Bhatia, Award-winning Data Journalist and Director of Revisual Labs, sharing her...

Recent Comments