Home SLPI News WORKSHOP ON CLIMATE CHANGE IMPACTS FOR PUBLIC SECTOR

WORKSHOP ON CLIMATE CHANGE IMPACTS FOR PUBLIC SECTOR

0
WORKSHOP ON CLIMATE CHANGE IMPACTS FOR PUBLIC SECTOR

The Sri Lanka Press Institute, in collaboration with the Climate Change Secretariat and the Western Province Chief Secretary’s Office, organized a discussion cum workshop on Climate Change Impacts for public sector stakeholders of the Western Province in support of the preparations for the Provincial Adaptation plan for Climate Change Impacts. The workshop was held on August 28, 2018 at the Auditorium of the Ministry of Mahaweli Development and Environment. A consortium of four institutes, namely the Sri Lanka Press Institute, the SLYCAN Trust, Integrated Development Association (IDEA) and Janathakshan (Guranteed) Ltd, is involved in developing a communication and a research strategy which is an integrated part of the project for the Third National Communication on Climate Change for Sri Lanka. Workshops for the stakeholders of the public sector are a part of the communication strategy process.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, දේශගුණික විපර්යාස පිලිබඳ ලේකම් කාර්යාලය හා බස්නාහිර පළාත් සභාව (ප්‍රධාන ලේකම් කාර්යාලය) සමඟ එක්ව, දේශගුණික විපර්යාසයන් නිසා බස්නාහිර පළාතට ඇති බලපෑම් පිලිබඳ රජයේ වගකිවයුතු ආයතනවල ප්‍රධානීන්, නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුව 2018, අගෝස්තු 28 දා, බත්තරමුල්ලේ පිහිටි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව, පළාත් නවයම ආවරණය කෙරෙන ලෙස සංවිධානය කර ඇති වැඩමුළු මාලාවේ එක පියවරකි. එය සංවිධානය කෙරෙනුයේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, SLYCAN ට්‍රස්ට්, ඒකාබද්ධ සංවර්ධන සංගමය (Integrated Development Association) හා ජානතාක්ෂන් ආයතනය (Janathakshan Ltd.) එක්ව පිහිටුවා ඇති සාමුහිකය මගිනි. මෙය, දේශගුණික විපර්යාස පිලිබඳ ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් කෙරෙන ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිලිබඳ ජාතික සන්නිවේදනයේ තෙවන අදියර ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියේ එක් අංගයකි. ඒ යටතේ, පර්යේෂණ හා සන්නිවේදන ජාතික ක්‍රමවේදයක් සකස්කිරීමට මෙම ආයතන සාමුහිකය එක්ව සිටියි. මෙම වැඩමුළු, ජාතික සන්නිවේදන ක්‍රමවේදයේ එක් අංගයකි.

For more photos

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here