Home News ශ්‍රී ලංකාවේ හොඳම තරුණ මාධ්‍යවේදිනියට ලක්ෂ්මන් කදිරගාමර් ජනමාධ්‍ය ශිෂ්‍යත්වයක්

ශ්‍රී ලංකාවේ හොඳම තරුණ මාධ්‍යවේදිනියට ලක්ෂ්මන් කදිරගාමර් ජනමාධ්‍ය ශිෂ්‍යත්වයක්

0
ශ්‍රී ලංකාවේ හොඳම තරුණ මාධ්‍යවේදිනියට ලක්ෂ්මන් කදිරගාමර් ජනමාධ්‍ය ශිෂ්‍යත්වයක්

ලක්ෂ්මන් කදිර්ගාමර් ජනමාධ්‍ය ශිෂ්‍යත්වය (2016 – 2017) දිනා සිටි ඬේලිමිරර් පුවත්පතේ පියුමි ෆොන්සේකා මෙනෙවිය පසුගිය සතියේ ඉන්දියාවේ ජනමාධ්‍ය පුහුණුව සඳහා ඇති ප්‍රමුඛතම ආයතනයක් වන මාස්කොම් (MASCOM) ආයතනය බලා පිටත්ව ගියාය.

ඇයට මෙම ශිෂ්‍යත්වය හිමිවුයේ ඇය ශ්‍රී ලංකා පුවත් ආයතනය සහ ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජනමාධ්‍ය සම්මාන වැඩසටහනේ හොඳම තරුණ මාධ්‍යවේදියාට/මාධ්‍යවේදිනියට පිරිනමන ඩෙන්සිල් පීරිස් සම්මානය දිනාගත් නිසාය.

ඩෙන්සිල් පීරිස් මහතා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) ආයතනයේ පුළුල් පිළිගැනීමක් ලැබූ කර්තෘවරයකු විය. පසුව ඔහු බ්‍රිතාන්‍යයේ සිට ‘‘ද සවුත්’’ සඟරාවේ කර්තෘවරයා විය. ලක්ෂ්මන් කදිර්ගාමර් ශිෂ්‍යත්වය පුදනු ලබන්නේ විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා සිහිවීම පිණිස ලක්ෂ්මන් කදිර්ගාමර් පදනම සහ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් ආයතනයක් වන ‘‘මලයාලම් මනෝරාමා’’ විසින් පාලනය කරන කොට්ටායම්වල පිහිටි ‘‘මාස්කොම්’’ ආයතනය එකතුවයි.

ෆොන්සේකා මෙනෙවියගේ ප්‍රධාන ආචාර්යවරයා වනුයේ මහාචාර්ය තෝමස් ඌමන් මහතාය. ඔහු ඉන්දියාවේ සහ ලොව විවිධ රටවල ප‍්‍රමුඛ පෙළේ ජනමාධ්‍යකරුවන් ලෙස සේවය කරන ජනමාධ්‍යවේදීන්ගේ ආචාර්යවරයා ලෙස කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1win mexico